(විනීතා එම් ගමගේ)
පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යළිත් කැඳවීමක් ලැබී ඇත.
මේ මස 22 වැනිදා පෙරවරු 9 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ පෙනී සිටින්නැයි ගුණවර්ධන මහතාට ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙම කැඳවීම සිදුකරන බව ද එම ලිපියේ සඳහහන්ව ඇතැයි තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
විවධ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ ස්වාධීනව කටයුතු කළ නොහැකි බව පවසමින් එහි හිටපු විධායක අධ්යධක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පසුගියදා ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත කතා කරන මිනිස්සුන්ගේ ඛේදවාචකයයි අපි මේ දකින්නේ. ගාමිණී පියතුමාද ඇත්ත කතා කිරීම හේතුවෙන් මෙවැනිම අසාධාරණයකට ලක්වී ඇත..
ශානි නැතිනිසා බය නැතුව යන්න පුළුවන්.. නැත්නම් ඔය මිනීමැරුම් අංශයෙන් ඒකට නඩු දමාවි.