
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්රික් මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
ඒ නිලධාරීන් කරන නාස්තිය නවත්වා එම මුදල් අහිංසක සොල්දාදුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද හෙතෙම ප්රකාශ කළේය.
ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ වාහන තුනක් පමණක් බවත් එය අගය කරන බවත් ඔහු කීවේය.
වීරක්කොඩි මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
හදිසි තීරණ ගත් නිසා කෘෂිකර්මාන්තයෙන් ලොකු අස්වැන්නක් ලබා ගැනීමට තිබූ අවස්ථාව නැතිව ගිය බවත් සංචාරක කර්මාන්තයද අද බිමටම වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අද යන තත්ත්වය අනුව රට බාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වේ දැයි සැකයක් මතුවන බවත් නාස්තිකාර වියදම් අඩු කරන දැක්මක් රටේ තිබිය යුතු බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
වාහන ගෙන්වීම සීමා කර තිබියදීත් රටේ ආනයන වියදම වැඩිවී ඇතැයි පැවසූ හෙතෙම මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වැඩපිළිවෙළේ අඩුවක් පවතින බව යැයිද ප්රකාශ කළේය.
තේ වලට කුරුඳුවලට පොහොර නැතුව අපේ ප්රදේශවල ජනතාව දුක් විඳින බවත් අද යූරියා මිටියක් රුපියල් දහදාහක් බවත් චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දක්ෂයෙක් බව යහපාලනය කාලේ ඇමතියෙක් හැටියට කටයුතු කරද්දී දැක්කා.. නමුත් පසුව රට ගැන නොසිතා පක්ෂයක් කරතබාගෙන කටයුතු කළ නිසා අපි ඔබ ගැන කළකිරුණා දැන් ඔබටම ඔබ කලකිරිලා නේද?
නිකන් කියවන්නේ නැතිව ආණ්ඩුව හොඳ නැතිනම් ඒකෙන් අස්වෙලා විපක්ෂයේ ඉඳගන්න. එහෙම නැතිනම් ස්වාධීන වෙන්න...
පාලනයක් නැති රටක්...
ඔහේටත් ඇමැතිකමක් දුන්නා නම් ඔහේ ඒකේ අනික් පැත්ත කියයි. අපිට දැන් ඔය දෙගොල්ලන්ම ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. අවුරුදු 73ක්.. හොඳටම ඇති.
රුහුණු කුමාරි දැකලා තියෙන්නේ පෙට්ටි ගලවලා යන වෙලාවක වගේ...?
ඔය තියෙන්නේ දූෂණය, නාස්තිය.. මේ සේරම එකයි.
ඇමැති කාලේ ඉඳලා හිටපු නිලනිවසින් ගිහිල්ලද මේ කෑගහන්නේ?
ඕක මොකක්ද මහත්තයෝ..? ලිච්ඡවි රජවරුන්ගේ කාලේ වගේද මේ...? දැන් ඉන්නේ ‘‘තුච්ඡවි..‘‘ රජවරු.. මේක මෙහෙම තමයි..
ආ... ඒක ද රජයේ සේවකයන් බරයි කියන්නේ?