(යොහාන් භාසුර)

සිම්බාබ්වේහිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

මෙම සංචාරයට ක්‍රීඩිකාවන් 17 ක් සහභාගි වී සිටීම නිසා හෙට පැවැත්වෙන පළමු තරගයට සහභාගි වීමට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.