
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය සිදුවී මාස 31ක් සම්පූර්ණ වෙද්දීත් ඉන් මියගිය අයට සාධාරණය ඉටු නොවූ බව පවසමින් ‘අලුත් පියාපත්’ ව්‍යාපාරය මගින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ, නිදහස් චතුරස්‍රයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.
‘පාස්කු ප්‍රහාරයට මාස 31යි. යුක්තිය කෝ?’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි. මියගිය අය සංකේතවත් කරමින් තැබූ රතු පැහැ සායම් පිරවූ වීදුරු බඳුන්වලට ඕලු මල් පොහොට්ටු දමා නිදහස් චතුරස්‍ර භූමියේ තබා තිබූ අතර මහා සංඝරත්නය, කිතුනු පියතුමන්ලා, මවුලවිවරුන් ඇතුළු ආගමික නායකයන්, කලාකරුවන් සහ අලුත් පියාපත් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදාරණයක් ඉල්ලුවට කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ? මේක කරවපු අය කවුද කියලා රටම දන්නවා.. තමන්ටම තොන්ඩුව දාගන්නද කියන්නේ..
මේවාට සාධාරණ ඉටු වෙන්න නම්, තුන්වැනි පාර්ශවයක් බලයට ආයුතුයි. මුලින්ම අපි වෙනස් වෙමු.