
(ඩයනා උදයංගනී)
කාලේ මත්පැන් බෝතල් තහනම් කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බවත් ඒ සඳහා වන සාකච්ඡා මෙම සතිය තුළ ආරම්භ කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මිලි ලීටර් 180 මත්පැන් බෝතල් නැතහොත් අරක්කු කාලේ බෝතල් විශාල පාරිසරික ගැටලුවක් වී ඇතැයි කී ඇමතිවරයා මේවා භාවිතා කරන්නන් බෝතල් පරිසරයට බැහැර කිරීම නිසා ගැටලු රැසක් මතුවී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
බෝතල් එකතු කරන්නන් හෝ මත්පැන් නිෂ්පාදන සමාගම් මගින් කාලේ හිස් බෝතල් එකතු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඒවා පරිසරයට බැහැර කෙරෙන බවත්, ඉන් පරිසරයට මෙන්ම බෝතල් කටු පෑගී තුවාල සිදුවීමෙන් ජනතාවට ද ප්‍රශ්න මතුවන බවත් ඇමතිවරයා කීවේය.
සංඛ්‍යාලේඛන අනුව 2018 වසරේ දී මෙරට අලෙවි වී ඇති අරක්කු බෝතල් 20,12,27,181 අතරින්, බෝතල් 10,50,31,169 කාලේ බෝතල් බවත්, ඒ සියල්ල අවසානයේ එක්වී ඇත්තේ පරිසරයට බවත් ඇමති අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ථූපාරාම පෙත් මඟ දෙපස රුක්රෝපණය කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.
පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති ‘හුස්ම දෙන තුරු’ වැඩ සටහන යටතේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලේ අරක්කු බෝතලයයි, පොඩි බියර් ටින් එකයි තමයි ලංකාවේ කම්කරු ජනයා වැඩි පුරම ගන්නේ. ඕක ගන්නා ගොඩක් අය එතනදීම ඒක බිලා බෝතලේ විසිකරලා යනවා. හිස් කාලේ බෝතලේ ආයේ මත්පැන් වෙළදසැලට භාර දෙනවා නං රුපියල් 30 ක් දෙනවා කිව්වා නං ආයේ ඒ බෝතල් සමාගම් වලටම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. හිස් බියර් බෝතල් එහෙම විසි කරනවා අඩු ඒ නිසානේ. රුපියල් 40 ක මුදලක් බෝතලයට අය කරනවා.
අපි කාලේ පැකට් වලට හැරෙමු.
බේබද්දන් සංවර්ධනය කිරීමේ වැඩසටහන... දැන් කාල ගහපු එවුන් කෙලින්ම භාගේ ගහයි...
ඇත්තෝ කති බොති ප්‍රීතිවෙති. නැත්තෝ මිනිස්සුන්ට තිබුන එකම සහනයත් නැතිකරන්නයි මේ හදන්නේ.