
(යොහාන් භාසුර)
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ අමාත්‍යංශ තීරණ පහත් ලෙස සමච්චලයට සහ අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශ පළ නොකරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන් දැනුවත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවට අතිරේක ලේකම් විමර්ශන ධම්මික මුතුගල මහතා විසින් මෙම දැනුවත් කිරීමේ ලිපිය යොමු කර ඇති බවත් මෙය සියලුම රාජ්‍ය සේවයන් සඳහා යොමු කළ චක්‍රලේඛණයක් හෝ තහනමක් නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එවැනි දේවල් කරන රාජ්‍ය සේවයන් ආයතන සංග්‍රහයේ ‘අවිනය’ සහ තනතුරට නොගැළපෙන ලෙස කටයුතු කිරීම යන වරද සඳහා චෝදනාකරුවන් බවට පත්වන බව කී එම නිලධාරියා ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් පොලිස් බලතල සහිත ‘සාම නිලධාරීන්’ වන බැවින් ඔවුන්ට කෙසේවත් ආයතන සංග්‍රහය උල්ලංඝනය කළ නොහැකි බව සඳහන් කළේය.
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳව ජනතාවගෙන් පැමිණීලි ලැබී ඇති බවත් රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කළ හැකි වුවද මහත් ලෙස සමච්චලයට ලක්කර නොහැකි බවත් එම නිලදාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන පොට හොඳ නෑ පුතෝ...
මරණාසන්න රජයක ලක්ෂණ......
පහත් වැඩ කරනකොට සමාජ මාධ්‍ය ඒවා විවේචනය කරන එක පහත් වැඩක්ද? අමාත්‍ය මණ්ඩලයේ අය සහ රජයේ ලොකු ලොක්කන් කරන්නේ ඉහල වැඩ පමණද? එහෙමනං මේ රට මේ තරම් පහල මට්ටමකට වැටුනේ සමාජ මාධ්‍ය පහත් කතා නිසාද?
‘‘මහත් ලෙස සමච්චලයට ලක්කළ නොහැකි බවත් එම නිලධාරියා කීය..‘‘ එයා අඬන ගමන්ද කිව්වේ.. ?