(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකයන් 164 දෙනෙකු සදහා ඊයෙ  (22) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී නේවාසිකයන් 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට  තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මීට දින තුනකට ප්‍රථම  මෙම වැඩිහිටි නිවාසයේම හැටපස් හැවිරිදි පුද්ගලයෙකුද  මිය ගොස් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ආසාදිතයන් සියලු දෙනා මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත  යොමු කර තිබේ.