
(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සතුව තිබී ජංගම දුරකථනයක් හා හෑන්ඩ්ස් ෆ්‍රී එකක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාදයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
ප්‍රථිකාර සදහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් ඊයේ (21) දින රාත්‍රී 10.00ට පමණ සිදු කළ හදිසි සොදිසියක දි ඔහු සන්තකයේ තිබි ජංගම දුරකථනයක් හා හැන්ඩ් ෆ්‍රී 01, අත්අඩංගුවට ගෙන ඇති හෙතෙම කීය..
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත,
සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලන්න වෙන්නැති...
තව සෘංගාර කතා රෙකෝඩ් කරගෙනද කියලා බලන්න. රෙකෝඩ් කරගෙන නම් තව අවුරුදු 10කට වත් යවන්න. අපි තරහ නැහැ...
දැන් දවස් කීපයකට ඉස්සර ආරක්ෂක ලේකම්තුමා කිව්වා නේදඝ එහෙම වෙන්නේ නැහැ කියලා. ඉස්සෙල්ලාම මේ දවස් කීපයකටම ජංගම දුරකථනය ඔතනට ආපු විදිහ හොයන්න. රංජාව නිදොස් කරන්න කියනවා නොවේ...
තාමත් හොර වැඩ නවත්තලා නෑ. තව සමාවත් දෙන්නලු...
අහුවෙනවා විතරයි. ඒවා ඇතුළට ගිය විදිය ගැන මීක් නෑ. මේ ඔක්කොම යාලූවන් කීවට මෙයාටත් ඒක අදාලයි වගේ...
උපන් ගෙයි බයියෙක් වගෙයි...
වහල්ලුන්ට රන්ජන් ගැන තියෙන්නේ පුදුම ඉරිසියාවක්... කුහකකමක්.. මිනීමරුවන්, හොරුන්, දූෂිතයන්, පාතාලකාරයින්, කුඩු ජාවාරම්කාරයින් ආණ්ඩුව ඇතුළේ. එක රටක්, එක නීතියක්, එකම පවුලක් කරවන රටක්...
ගහෙන් වැටුණු මිනිහට කොහොම හරි ගෙනෙකුත් අන්නවන්න.
වහල්ලු තවම වඳවෙලා නැහැ නේද?
ලොහාන් ගැන මොකද කියන්නේ?
රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි මේ වගේ පුද්ගලයකුට නීතියට අවනත විය නොහැකි නම් අන් අය ගැන කවර කතාද?
ජංගම දුරකථන හිරේ ඉන්න සිරකරුවන්ගෙන් 70%ක් පමණ ළඟ තිබෙනවා. මේවා ඔවුන්ට ලබාදෙන්නේ බන්ධනාගාර නිලධාරියෝ... කැමරා යන්ත්‍ර සවිකළොත් මේවා ක්‍රියාවිරහිත වෙනවා. නමුත් කවුරුවත් මේක කරන්නේ නැහැ.
රන්ජන් කියන්නේ නීති විරෝධී වැඩ කරලා කිහිපවරක්ම උසාවි ගියපු කෙනෙක්.
බන්ධනාගාර නිළධාරයිනි, තනියම නො අසා අපිටත් වොයිස් රෙකොර්ඩින්ග්ස් අසන්නට සලස්වා පින් රැස් කරගන්න.