(සුමිත් ප්‍රේමතිලක)
මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දෙනු ලැබීය.
පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, මන්ත්‍රීවරයකු බව පොලිසිය කීය.
මන්ත්‍රීවරයා , තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ මත්පැන් පානය කොට ඇති අතර පිරිසෙන් මගහැරුණු මන්ත්‍රීවරයා ගල්පාත, බහුරුපොල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අශෝභන ලෙස හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.
ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක බැඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් තොරතුරකට අනුව සැකකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර , සිදුකළ පරීක්ෂණවලදී ඔහු මත්පැන් පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි පැවසේ.
සැකකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කාලයක් තිස්සේ බලාපොරොත්තුවූ සතුටුදායක සිදුවීමක්. නිර්භීත ,අවංක ගම්වාසී මහත්වරුන් සියලු දෙනාටම මගේ හදපිරි ආචාරය. අපේ රටේ මිනිස්සුන්ගේ චින්තන රටාවේ අංශක 180 ක නැම්මක් ඇතිවේගෙන එන බව දැන් හොඳින්ම පැහැදිලියි. " දේශකාපාලුවන් " පිටු දැකීමේ සටනට අවශ්‍යම දෙයක් තමයි " සන්නිවේදනය " . අපේ රටේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් දේශකාපාලුවෙක් දුටුවිට ඒකාට වඳින පුරුද්දක් තියෙනවා. නිදහස්, නිවහල් මිනිස්සුනේ, දැන්වත් දෙවරක් හෝ තුන් වරක් හිතලා, කල්පනා කරලා බලලා ඔය නරුම දේශකාපාලුවන්ට වැඳීම නවත්වන්න. එයින් ඔබ ඒ නරුමයාට සන්නිවේදනය කරනවා .." අපි තවදුරටත් මෝඩයින් නොවෙයි ..." වැනි අනතුරු ඇඟවීමක්. අර බේබදු මන්ත්‍රීව ගස් බැඳපු අයට ආයෙත් වරක් " හැට් ඕෆ් " . මේ සිදුවීම ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට අනාගතයේදී ප්‍රායෝගිකව අවශ්‍ය විය හැකි මහඟු ආදර්ශයක් වේවි. මම ( ලංකාදීපයෙන් ) බලාගෙන ඉන්නවා... මීළඟට ගම්වල මිනිස්සුන්ගෙන් බැස්ටිය කන හොර ,නරුම , අසික්කිත දේශකාපාලුවා.... කවුද කියලා.
නාඩගංකාරයෙක්ද කොහෙද. ගම්මු හොද ආදර්ශමත් දෙයක් කරලා.
වැඩිකල් නොගොස් පාර්ලිමේන්තුවේ උදවියටත් මේ ආනිසංශයම දීමට ජනතාව පටන් ගත්තොත් එහෙම, වැඩේ ලේසි පහසු වෙන එකක් නැහැ.
ඔන්න ඔහොම කෙලින් වැඩ කරන්න.
රටේ කොහෝ හෝ තැනක ජරා වැඩක් උනොත් ඒ පොහොට්ටුවේ කෙනෙක්ස ම්බන්ධයි.
ප්‍රාදේශීය සභා වල වැඩිපුර ඉන්නේ ගමේ බෝක්කු වල ඉඳගෙන ,දවස කාපු අය. සභාපති දන්නේ නැහැ සභාවේ ඉන්න රාජ්‍ය සේවකයෝ කරන්නේ මොනවද, කොච්චර කාලයක් ගන්නවාද වැඩක් කරන්න ,කොච්චර වැඩ ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙනවාද කියල . දවසේ -දෙකේ වැඩේ මාස ගණන් අදිනවා . මේවා රටට බරක්.................ඉන්දියාව දුන්නු පැටලුණු ඉන්දියාප්පයක් !!
ඒක නිසයි රටේ ආරක්ශාව වැඩි කරලා තියෙන්නේ. දුර දක්නා නුවනක් නේ අපේ පාලකයින්ට තියෙන්නේ.
මෙම ගම් වාසීන් උත්තම සේවා සම්මානයට සුදුසුකම් ලැබුවෝ වෙති .මුළු රට වැසියන්ම (කාලකන්නි හෙන්චයියලා හැර )ඔයිට ඉහලින් ඉන්න උදවියටත් ඔය ආකාරයෙන්ම සත්කාර කිරීමට දෛර්ය ලැබේ වායි ප්‍රාර්ථනා කරමු
පොහොට්ටුවෙනේ ,මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
ඉතා හොඳ ක්‍රියාවක් .මුලින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ට පක්ෂ භේදයකින් තොරව විනය උගන්වමු .ඉන්පසු පළාත් සභා ,පාර්ලිමේන්තු ව්‍යාප්ත කරමු