
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව 1948 වසරේ නිදහස ලබාගැනීමෙන් පසුව මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදයට වර්තමානයේ මුහුණ දී සිටින බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මෙම ආර්ථික අර්බුදයට විවිධ හේතු බලපෑව ද ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් ප්‍රධාන හේතුව බවට පත්ව ඇතැයි කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආර්ථික අර්බුදයට තනිව මුහුණ දීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා තිබීම නිසා මිත්‍ර රටවල් සමඟ ඒකාබද්ධ ප්‍රතිපත්ති මාලාවකට පැමිණ කටයුතු කරන බවත් වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක හොරු ටිකක් රට පාලනය කරනකොට මෙහෙම නැතුව කොහොම වෙන්නද ආයිබෝන්....!
එහම වෙන්න බැහැ. ආණ්ඩුවට ඕනේ තරම් මුදල් තියනව කියලා කිව්වනෙ
ඔබතුමන්ලා වැනි උගතුන්, බුද්ධිමතුන් සිටියදීත්... මේ වැනි තත්ත්වයකට රට මුහුණපෑමට ලක්වීම ගැන ඔබතුමන්ලාත් වගකිව යුතුයි නේද? ඔබතුමන්ලා කොතරම් උගතුන් වුවද, උගත්කම, බුද්ධිමත්කම ප්‍රායෝගිකව යොදවා ඉන් සෞභාග්‍යමත් රටක් බිහිකිරීමට ඔබතුමාට ද නොහැකි වුණා. ඒ වුණාට කොයිකාගේත් කටේ තියෙන්නේ නම්, මේ පේනතෙක් මානයක නොමැති සෞභාග්‍යය යන වචනය තමයි. අර ජනාධිපති මාධ්‍ය අංශයෙන් පිළිගන්වපු පොතේත් තියෙනවා යැයි කියන්නෙත් ඔය සෞභාග්‍යයම නේද? ඒ විදිහේ එකක් තිබේ නම්, මෙහෙම ආර්ථික අර්බුදයක් තියෙනවා කියන්නේ කොහොමද? මේ දෙකෙන් කොයි එකද ඇත්ත..?.
ආ.. ඇත්තද? එහෙනම් කිව්වේ බොහොම සෞභාග්‍යමත් වසරක්යැ... ලංකාවේ ආර්ථික වර්ධන වේගය අච්චරකින් වැඩිවෙලා, මෙච්චරකින් වැඩිවෙලා කිය කිය... බයිලා ගැහුවේ? ඒ ලංකාව ගැන නෙමෙයිද? වෙන රටක්ද? ඔහෙලා ඔක්කොම ගෙවන්න ඕනේ මේ කරපු සහ කරන පව්...
ඕන අභියෝගයකට මූණ දෙන්න හැකියාව තියෙනවා කියලා නේද කට්ටිය ආවේ...?
ඔහේ වැඩිය උඩුබුරන්න එපා. මොල හතා ඒවා විසඳාවි...
රට ගැන නොසිතා නම පැවතීමට විවිධ ව්‍යාපෘති ණය මත ඉටුකලේ ආදායම් ගැන නොසලකාය .එකක් කඩතොලු වසා ගන්නට දෙකක් කඩතොලු හදාගත්තයි ඉදුරුවේ ආචාරියා කිව්වෙ 2009ත් 2015 අතර කාලේ කලා වගේ වැඩවලට කියන්න පුළුවන් කොහොමද හිටපු රජතුමාගේ වැඩ
මේක තවත් පුස් කතාවක්. ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් ප්‍රධාන හේතුව නම්, බංගලාදේශය කොහොමද අපිට ණය දුන්නේ? ඔවුන්ට මේ ප්‍රශ්න බලපෑ නැද්ද? මිත්‍ර රටවල් සමඟ ඒකාබද්ධ කටයුතු කරනවා නම්, මේ අවස්ථාවේ අපිට උදව් කරන්න එපයි. එහම එන්නේ ඉන්දියාව, චීන, ඇමරිකාව උදව් කරන මුවාවෙන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. ජාත්‍යන්තර දිනන්න නම්, රාජතාන්ත්‍රික පළපුරුදු නිලධාරීන් තානාපති සේවාවලට පත් කල යුතුයි. නමුත් අද තානාපති සේවා සේරම දේශපාලකයන්ගේ දු පුතුන් ආක්‍රමණය කරලා.
කරන්නකෝ අපට කිය කිය කිය ඉන්නෙ නැතිව. තමුන්නැහැ නේ විදේශ ඇමති.
කටු ගේ ඉතුරු වෙලා තියන තොරොම්බල් ටිකට කීයක් ගන්න පුළුවන් වෙයිද?
පුද්ගලික අංශයට අයිස් ගහන රාජ්‍ය සේවයේ බර කරගහන්න වෙලා තියෙන එකත් මේ පිරිහීමට හේතුවක්
මහජන මුදල් සූරන් කෑවේ අපිද .වගකිවයුත්තෝ අපිද. ගොන් තීන්දු තීරන ගත්තේ අපිද බොල?
රටවල් ගොඩනගන්න නම් නිර්මාණශීලි වෙන්න ඕන...මිනිස්සුන්ට සහනාධාර දීල කවදාවත් රටවල් ගොඩනගන්න බැ...ඒ වගේම තමා අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවයක් ඇත්නම් එවන් නිළධාරීන් සහ එවන් පාලකයන් ඇත්නම් එහෙම රටවලුත් කවදාවත් ගොඩනගන්න බෑ...රජයක් කල යුත්තෙ රටක කුඩා සහ මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් නගා සිටුවීම...එසේම සහනාධාර මත ජිවත් වන දිලිදු ජවතාව නිෂ්ාධන ආර්ථකයකට යොමු කිරීම...ඔවුන්ගෙ නිෂ්පාදන සදහා හොද ජාත්‍යන්තර වෙළදපොලක් සකසා දිම...මේ දේවල් වලින් තමා රටක් ආර්ථකව ගොඩනැගෙන්නෙ...
මහාචාර්ය... මෙච්චර කල් මොලේ උඩ වාඩිවෙලාද හිටියේ..?
හරියට අපි කරපු දේවල් වගේනේ? මේවාට වගකියන්න ඕනේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ.. හොරකම, වංචාව, දූෂණ, නාස්තිය, නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු අය මිස වෙන කවුද? දූෂිත පවුල් පාලනේ අය විතරක් බොරු සෝබන වැඩවලට කොයිතරම් මහජන මුදල් කන්දරාවක් කාබාසීනියා කරන්න ඇත්ද?
ජර්මනියේ ජනතා සේවකයෝ පාපැදි සහ පොදු ප්‍රවාහන සේවයෙන් පාර්ලිමේන්තු එනකොට අපි බෙන්ස් එකෙන් ගමන්බිමන් යනවා. ලංකාවට කාලෙකින් ආවේ නැති නිසා ඇත්ත තත්වය කාලෙකින් දැක්කේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. ජනතා සේවකයෝ ජනතා මුදලින් පෙට්‍රල් ගහගෙන වී08 ප්‍රාඩෝ වල ගමන් කරන රටක ජනතාව රෝල්ස් රොයිස්වලවත් යන්න ඕනේ...
හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය වගේ පවුල් පාලනේ අයගේ නම්වලට, දේශපාලුවන් යටිමඩි ගහලා පුරෝගත්තු ගිණුම් ඕනෑ හැටියේ මුදල් ඇතිනේ... ආර්ථික අර්බුදය අපි කරපුවද..? අලි බබා සහ හොරු හතළිහගේ වැඩ..!
ඒ කාලේ කියාපු විදියට අපි හිතුවේ ආසියාවේ ආශ්චර්යය කරලා ඇති කියලා...
කිසිම ආර්ථික දැක්මක්, කළමනාකරණයක් නැති බලය සහ පැවැත්ම ගැන පමණක් හිතන දූෂිත දේශපාලුවන් ඉන්න රටක්.., වෙනත් රටවල් දිහා දැක්කාම වෙනස පේනවා ඇති නේද? මහාචාර්යතුමෝ...!