(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම සිට රාජාංගණය දක්වා මගීන් රැගෙන ගමන්ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට පහරදි බස් රථයටද අලාබ හානි සිදුකළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය,අංගමුවේ පදිංචි වයස අවුරැදු 25ත් 34 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
තඹුත්තේගම,රාජාංගණය මාර්ගයේ යාය 08,අලිවංගුව ආසන්නයේදි මෙම පහරදිම සිදුව ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයන් තිදෙනා එම මාර්ගයේ ත්‍රී රෝද රථයකින් ගමන් ගනිමින් සිටියදි ඔවුන්ට බස් රථය පසුකර ඉදිරියට යාමට අවස්ථාව ලබා නොදුන් බව පවසමින් බස් රථයට යාමට නොහැකි ලෙස මාර්ගය අවහිර කොට ත්‍රී රෝද රථය ඉදිරියෙන් නවතා බස් රථයට ගොඩවි රියදුරාට සහ බස් කොන්දොස්වරයාට පහරදි ඇතැයිද පොලිසිය පැවසිය.
පසුව මෙම පුද්ගලයන් තිදෙනා බස් රථයේ ඉදිරි විදුරැවටද පහරදි ඒවාටද ආලාබ හානි සිදුකොට තිබුණි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ බස් කොන්දොස්තර රාජංගණය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලටද ඇතුලත් කොට තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරැවන් තිදෙනා අද (22)දින අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් පරණ ක්රියාවලට මුල පිරීමක් වෙන්න පිලිවන්..පලමුව මේ.