
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා ඊයේ (21) තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (22) විවෘත කළ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබු නිසා අද (22) නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබි ඇති සිමිත එලවළු ප්‍රමාණය තොග මිල 20% පමණ ඉහල ගොස් ඇති බවද සභාපතිවරයා පැවසීය.
නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් සිදු කළ උද්ඝෝෂණයට රජය කඩිනමින් ප්‍රතිචාර නො දැක්වුවහොත් ගොවින් විසින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග අනුව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට සිදු වන බව සභාපතිවරයා කියා සිටියේය .
ශාක පෝෂණ පොහොර ආනයනය කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ (21) දින මාධ්‍යට කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ ගොවින් දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත්,දේශපාලඥයන්ට වඩා අමාත්‍යංශයක ලේකම්වරයෙක් කරන ප්‍රකාශයක් විශ්වාසවන්ත බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටි ගමන් එළවළු නැහැ කිවිවෙ. දැං ඔය නැවෙන් බාල ගෙනල්ලා ද.