( අජන්ත කුමාර අගලකඩ)

ලක් සතොස සඳහා  ස්ථාවර වත්කම් මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි, වෙළෙඳ  අමාත්‍ය ආචාර්ය බන්දුල  ගුණවර්ධන මහතා ලංකාදීප ට පැවසීය .

ස්ථාවර වත්කම් මිලදී ගැනීමේදී දූෂණ සහ අක්‍රමිකතා රැසක් සිදු වී ඇති බැවින් ,මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සඳහන් කළේය.

ලක් සතොස වෙළඳසල් අලුතින් විවෘත  කිරීමේදී  ගොඩනැගිලි, ජෙනරේටර්, රාක්ක ආදිය මිලදී නොගෙන, ඒ සියල්ලම කුලී පදනම මත ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය .

එය ලක් සතොසට ලාභදායී මෙන්ම පහසු කටයුත්තක් බවද  ඔහු කීවේය.