
(ඩයනා උදයංගනී)
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා තෙවැනි දිනටත් අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තෙවැනි දිනටත් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති අතර ඊට විරෝධය පා කිතුණු පූජකවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවට නිහඬ විරෝධතාවක ද නිරත වූහ.
සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම ප්‍රකාශය ලබාගැනීම සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
විරෝධතාවයේ නිරත පියතුමන්ලා විරෝධතා පුවරු මෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය අයගේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමින් එම විරෝධතාවයේ යෙදුණහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලජ්ජා නැති පාලකයින් ඉන්න රටක් .ආත්ම ගෞරවයක් නැති මැති සබයක් තියන රටක ,ජන සංහාරයකට වගකිව යුත්තන් හංගාගෙන පඳුරු පොඩි කරන කාලකන්නි පාලකයෝ ඉන්න රටක ,ගෙදර තියන මුව හැමට තඩි බාන එක නවත්තනන
බෝම්බ කාරයෝ මේ උත්සහ කරන්නේ සිරිල් ගාමිණී පියතුමාගේ හඬ නිහඩ කරවලා ඔවුන් කල වැරැද්ද වහගන්න වෙන්න ඇති? එතකොට බෝම්බ කාරයින්ට බෝම්බ තාක්ෂනය ලබා දුන්නෙත් එතුමාද? සහරනලාගේ කණ්ඩායමට වැටුප් ගෙව්වේ මෙතුමද? බෝම්බ ප්‍රහාරයට කලින් දුරකථන ඇමතුමක් ලැබුනේ මෙතුමටද? බොරුකරලා ජනතාව අන්දන්න හම්බවෙන්නේ නැහැ. මේ රටේ මොලේ කලඳක් තියන සියලුදෙනාම දන්නවා මේ ප්‍රහාරය සිදුකලේ බලය ලබා ගැනීමේ නින්දිත අරමුණෙන් බව. ඒක සිරිල් ගාමිණී පියතුමා ආයේ අමුතුවෙන් කියන්න ඕනා නැහැ. බෝම්බ මහා මොලකරුවන්ට ශාප වේවා!!!
ජාති, ආගම් භේදයකින් තොරව රටපුරා මේ පොලිසියේ නින්දිත ක්‍රියාදාමයට විරුද්ධව සාමකාමී, නිහඬ, උද්ඝෝෂණ සංවිධානය කළ යුතුය.
අවශ්‍ය නම් 10 වෙනි දිනයටත් ගෙන්වන්න අපේ කිසිම විරුද්ධත්වයක් නැත...
වගකීමක් නැද්ද කියලා අපෙන්ද අහන්නේ? ප්‍රහාරයේ දිනය, වේලාව, ස්ථාන දැනගෙන ප්‍රහාරය වළක්වන්න කටයුතු නොකරපු උන්දැලාගෙන් නේද අහන්න ඕනේ? ප්‍රහාර ගැන සොයන්න කොමිෂන් දැම්මෙත් ඒ ගොල්ලෝ... අපි නොවෙයි.
බුද්ධි අංශ ලොක්කා මිලිටරි මෑන් කෙනෙක් වගේම ආණ්ඩුවේ හෙන්චයියෙක්.., දූෂිත පවුල් පාලන ආණ්ඩුවේ කුණු හෝදන වැඩේ නොකර බැහැනේ. ලැජ්ජයි...! ලෝකෙම ජනතාව මේවා දකිනවා.