යූරියා දෙවැනි නැවත් මෙි සතියේ එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 16 August 2022
අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ පළාත් කිහිපයකට අද (16) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 August 2022
යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය. 16 August 2022
හරක් කටා බේරා ගන්න කුඩ්ඩෝ සැලසුම් හදති ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. 16 August 2022
විසි දෙකට කඹ ඇදිල්ලක් විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ. 16 August 2022
නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) විමර්ශනයක් ආරම්භ කළේය. 15 August 2022
පොලිසියෙ 7ක් නීතිඥවරු ලෙස දිවුරති පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන නිලධාරීන් හත් දෙනෙකු නීතිඥවරුන් වශයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයයේ දී දිවුරුම් දුන් බව පොලිස් මූලස්ථානය පවසයි. 15 August 2022
ශ්‍රී ලංකාව තව පහළට ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ’ඩී’ දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.’ඩි’ ශ්‍රේණි ගත කිරීමෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බවයි. 15 August 2022
බීමත් සිවු දෙනෙක් යාල් දේවිය පැයක් ප්‍රමාද කරති කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රියට මහව දුම්රිය ස්ථානයෙන් බීමත්ව ගොඩවූ සිව් දෙනකු දුම්රිය තුළ කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි. 15 August 2022
කොවිඩ් ආසාදිතයන් 129 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 129 දෙනකු අද (15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 15 August 2022
තවත් ඖෂධ තුනක් මෙරටදී නිෂ්පාදනය කරයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම මගින් තවත් ඖෂධ වර්ග තුනක් වෙළෙඳපොලට නිකුත් කර තිබේ. 15 August 2022
ගාලු කුමාරියේ එන්න ටිකට් ගත් අයට සල්ලිත් නෑ ටිකට් එකෙන් වැඩකුත් නෑ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී අද (15) පෙරවරුවේ පිලී පැනීම හේතුවෙන් බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ ‘ගාලු කුමාරි’ දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් පසු අපහසුතාවට පත්වූ මගීන්ට ගාල්ල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහන සැලසීමට ක්‍රියානොකිරීම පිළිබඳව ජනතාව චෝදනා කරති. 15 August 2022
කාන්තාවකගේ පා පහරින් කොන්දොස්තර බසයෙන් එළියට විසි වෙයි කොළඹ සිට මහනුවර බලා අද සවස ධාවනය වෙමින් තිබු බසයක ගමන් ගත් කාන්තාවක කොන්දොස්තරවරයාට එල්ල කළ පා පහරක් හේතුවෙන් බස් රථයෙන් එළියට විසිවී බිව වැටී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි කඩවත පොලීසිය පවසයි. 15 August 2022
ලාංකිකයන් පිරිසක් ව්‍යාජ මුදල් ආයෝජන ක්‍රමයකට අසුවෙලා ස්පෝර්ට්ස් චේන් නැමැති ව්‍යාජ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් හසු වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.ස්පෝර්ට්ස් චේන් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන මෘදුකාංගයේ ආයෝජනය කල ආයෝජකයින්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වී ඇතැයි අල් ජසිරා පුවත් සේවය පෙන්වා දුන්නේය. 15 August 2022
පාසල් සිසුවියක අපයෝජනය කළ පහක් අල්ලයි පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය කියයි. 15 August 2022
ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක් ඉල්ලයි ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (15) පස්වරුවේ තීරණය කළේය. 15 August 2022
තනතුරු පහකට උසස් නිලතල කමිටුවේ අනුමැතිය තානාපතිවරයකු සහ ලේකම්වරුන් පස් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය අද (15) හිමිවිය. 15 August 2022
නාවික හමුදා මැරීන් භටයෝ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසය ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමුහය සංවිධානය කළ බහුපාර්ශවීය සාගරික අභ්‍යාසයට සහභාගීවූ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් භට කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් හා දකුණු කැලිෆෝර්නියා ආශ්රිත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැසිෆික් සාගර කලාපය තුළ සාර්ථක අභ්‍යසය අවසන් කරමින් පසුගියදා නැවත පැමිණියේය. 15 August 2022
’’ඩෝනියර් 228’’ ලංකා ඉන්දියා සහයෝගයේ ඇරැඹුමක් ඉන්දියාව විසින් ඩෝනියර් ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දීම දෙරට සමුද්‍ර ආරක්ෂණ සහයෝගීතාවයේ හොඳ ආරම්භයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 August 2022
අර්තාපල්,ලොකුලූණ සහ පරිප්පු මිල යළි පහතට අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ගණන් පහත වැටී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 August 2022
ඉන්දියන් තෑග්ග කටුනායකට ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය. 15 August 2022
දරුවා කෘෘරත්වයට පත් කළ තාත්තා රිමාන්ඩ් වයස අවුරුදු 6 සිසුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝවක් සකසා විදෙස් රටක සිටි මවට යැවූ සැකකාර පියා මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කළාය. 15 August 2022
හෙට සිට යළිත් රටම පැය 3ක අඳුරට නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වන බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා පැවසීය. 15 August 2022
කුරුල්ලා බේරා ගන්න පූසෝ ‘ලොක්ඩවුන්’ ජර්මනියේ පිටිසර නගරයක සුරතල් බළලුන්, මාස තුනක කාලයක් ‘ලොක්ඩවුන්’ කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණු අතර, එම ‘ලොක්ඩවුන්’ කාල සීමාව අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. 15 August 2022
ආර්ථික අර්බුදයට කතානායකවරයාත් වගකිව යුතුයි මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා සහ සභානායකවරයා රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (15)පැවසීය. 15 August 2022
අතුරුදහන් තරුණයාගේ සිරුර තලගලඔයෙන් හමු වෙයි නිවසින් අතුරුදහන්ව සිටි තරුණයකුගේ සිරුර නුවරඑළිය ග්‍රේගරි වැවට ජලය ගලා බසින තලගලඔයේ තිබි අද හමු වු බව නුවරඑළිය පොලිසිය පවසයි. 15 August 2022
ඉන්ධන ජාවාරමේ යෙදුණු හතක් මාට්ටු පුත්තලම හා ආණමඩුව පොලිස්ථාන ස්ථාන දෙකකදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ පෙට්‍රල් තොගයක් පිටස්තර ලොරි රථ දෙකකට අලෙවි කළ පිරිසක් පෙට්‍රල් ලීටර් 13200ක් සමග අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 August 2022
දේශීය මත්පැන් සඳහා වෙනම ඇප් එකක් නියම ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක්( ඇප්) පාරිභෝගිකයන්ට ඉදිරි දෙසතියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් . ජේ ගුණසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 15 August 2022
රාජ්‍ය නිලධාරීන්ට අධිකරණය සමග ලිපි ගනුදෙනු තහනම් කරයි රාජ්‍ය නිලධාරීන් අධිකරණය සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකිය යුතු යැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 15 August 2022
පාර්ලිමේන්තු කමිටුවලට නාමයෝජනා දෙන්නැයි මහ ලේකම් පක්ෂවලට දන්වයි අහෝසිවී ගිය පාර්ලිමේන්තු කාරක සභා සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනටමත් දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා පැවැසීය. 15 August 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026