උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් පරීක්ෂාකිරීමට තවත් කාලය ඉල්ලයි
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ,එම බැංකු ගිණුම් සියල්ල පරීක්ෂා කර බැලීම සඳහා තවත් කාලය අවශ්‍ය බව නීතිපතිවරයා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින් එලෙස අධිකරණයෙන් කල් ඉල්ලා සිටියේය.