තරිඳු ජයවර්ධන
රතුකුරුස සංවිධාන විසින් සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක අවස්ථා දෙකකදී පාට වෙනස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
සුදු පැහැදි ඩිෆෙන්ඩර් රථය මුලින්ම නිල් පැහැටත් පසුව කලූ පැහැයටත් වෙනස් කර ඇතැයි ද, එය දම් පැහැයට යළි වෙනස් කිරීමේ සූදානමක් තිබුණු බවට ද තොරතුරු ලැබුණු බව ද, ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රතුකුරුස සංවිධානය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්වත් කර නැතැයි ද පොලිසිය පවසයි.
හබරකඩ ප්‍රදේශයේ නිවසක පාට වෙනස් කළ ඩිෆෙන්ඩරයක් ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විට එය තිබී ඇත්තේ රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරුවකුගේ නිවසේ බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ප්‍රවාහන කළවනාකරු කියා ඇත්තේ මෙම ඩිෆෙන්ඩරය සිරිලිය සවියට ලබා දී තිබුණු බවයි. එය යළි තම වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදන්නා බව ද ප්‍රවාහන කළමනාකරු කියා තිබේ.
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය සමාජ සුභසාධන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ආයතන කිහිපයක විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සිරිලිය සවිය වැඩසටහන සඳහා වාහනයක් අවශ්‍ය බව හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගෙන් ඉල්ලා ඇතැයි ද, ඒ අනුව 2011 වසරේදී ෆීලික්ස් පෙරේරා මහතා හරහා ඩබ්ලිව් පී කේ ඒ 0642 අංක දරණ ඩිෆෙන්ඩරය ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී ඇතැයි ද, එලෙස ලබා දෙන ඡායාරූප සොයා ගන් බව ද පොලිසිය පවසයි. වාහන ලබා දෙන අවස්ථාවේ එය සුදු පැහැයෙන් තිබී ඇත.
සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු ලැබුණු බවත්, එය සී එස් එන් නාලිකාවේ ප්‍රධානියකුද භාවිත කර ඇති බවත්, 2015 ජනවාරි 20 වැනි දා වත තෙක් වාහන යෝෂිත රාජපක්ෂ මහතා යටතේ තිබී ඇතැයි ද පොලිසිය කියයි.
වාහනය රතුකුරුස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යංශය හරහා ලබා දෙනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එය යෝෂිත රාජපක්ෂ මහතා භාවිත කළ බවට තොරතුරු ලැබුණු නිසා හෙට 16) යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
හිටපු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනය කිරීමට යොදා ගත්තේ මේ වාහනයදැයි සොයා බලන බව ද පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමර්ශන වලදි මෙහෙම තමයි මට හිටපු නිලධාරියෙක් කීවෙ. වලිගෙන් අල්ලලා හෙමීට බලනවා ඔලුව කෝ කියලා. රහස් පොලිසිය ඔක්කම දන්නවා. ඔවුන් කතාවෙ හිස්තැන් පුරවනවා. කට්ටිය ජම්පර් අදිනකොට මතක ඇතිව මේක්අප් දාන්න.
ඕක එතරම් දෙයක්ද? ඒ කාලේ ආණ්ඩු එන එන ගානේ රටේම තියෙන බස්වල එක්කෝ කොළ පාට ගානවා නැතිනම් නිල පාට ගානවා. පාලම්, බෝක්කු, පාසල් ගොඩනැගිලි, තව කීයක්ද? පාට මාරු කරන එකේ නිමක් නැහැ. හරිනම් උන් ඔක්කොම අල්ලන්න ඕනෑ.
කවුරුත් දන්නවද මේ පරීක්ෂණයට කොතරම් මුදලක් වෙන්කරලද? එය මේ වාහනයේ වටිනාකමට වඩා අඩුද වැඩිද?
තාජුදීන් නොවෙයි රටට ජාතියට උදාර සේවයක් කරපු අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව වීරයා මැරුවේ කවුරුන්දැයි කියා රටට හෙළිකරන්න.මරලා අවුරුදු විසිපහක් ගත උනා එත් තවම කිසි කෙනෙකුට බැරිඋනා නිර්භීතව ඒ කරුණු හෙළිදරව් කරන්නට.
මම නම් කැමති දම් පාට වගේ පාටකට.
මහේල මෙන් අපිද මුකුත් නොකියමු.... මෙගා ටෙලිනාට්ටියේ තවත් කොටසක් ලෙස හිත හදාගමු....
මිනිහෙක් මරල කොච්චර යට ගහන්න හැදුවත් සිත සැනසිල්ලේ නිදා ගන්න බැරිවග මෙයාලට දැනුනොත් හොදයි.
විසින් පාට වෙනස්වෙන වර්ගයේ එකක් වෙන්න ඇති ..
How the hell International Red Cross donate an expensive vehicle to be used for a murder ? Remember they killed an innocent father of small children also a beloved husband of a young wife . If this has happened in any part of the world these thugs get death sentence .
වාහනයේ පාට වෙනස්කරන්න කාගෙන්වත් අහන්න ඕනෙද?
මේ පවුලේ අයගේ දැනුම් ප්‍රමාණය අනුව කවදාවත් හිතුවේ නැහැ අටලෝදහම කැරකෙන්නේ හරියට රිය සකක් ලෙස කියලා. තාත්තාගෙන් පසු බලය පුතාට දීලා සැමදා රජවරු කියලා හිතපු නිසයි ඔයගොල්ලෝ හිතුන හිතුන දේ කලේ. නමුත් ක්ෂණයකින් පසු මේ අය ගෙවන්නේ දිට්ටධම්මවෙදනීය කර්මයයි.
මේවද මේ බිලියන ගණනින් මහජන මුදල් කොල්ල කෑවා කියපුවා. මිනිස්සුන්ව රැවැට්ටුවා හොඳටම ඇති....
හොරා පොලිස් වැඩ තමයි. මේ කෙනාව කකුල් දෙකෙන් එල්ලුවා නම් ඔක්කොම කියයි.
"සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු ලැබුණු බවත්....." මෙහෙමත් වාහන සංචිත ?????