බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තිලකරත්න දිසානායක
මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි. ඔවුන් සන්තකයේ තිබූ ටී. 56 ගිනි අවි දෙකක් හා පිස්තෝලයක් ද වෑන් රථ දෙක ද පොලිස් බාරයට පත්විය. වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමුව රෝහලේ දී ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි. කොල්ලකරුවන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත





ඡායාරූප ප්‍රසාද් මුතුකුඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කටත් වෙඩි තියන කොල්ලකාරයෝ ඉන්නවා නම් රටේ වහාම හැම දිස්ත්‍රික්කයකම සෝදිසි මෙහෙයුම් කරන එක හොඳයි.
ලංකාවේ කුඩු ඉතින්.. අරයගෙ තමයි.
කොහොමද වෙනස? දැන් ලංකාව හරි වෙනස්, පාරේ වෙඩි තියාගන්නේ චිකාගෝව වගේනේ..
ලන්සාගේ කට්ටියක් වෙන්නත් ඇති? විශේෂ කාර්ය බලකායට කිට්ටු වෙන්නේ නෑ ලේසි පුතෙක්. රජ්ජුරුවෝ හිටපු කාලෙත් ඔය බලකාය පීචන් වුණා...
ඔන්න ඕකට තමයි ඉල්ලගෙන කනවා කියන්නේ.... ගරු ජනපතිතුමනි මේ නිලධාරීන්ට අවැසි බලතල ලබා දෙන්න කිසිම දේශපාලකයෙකුට මේ අයගේ කටයුතු වලට අත පෙවීමට ඉඩ නොතබන්න. සියළු පාලන කටයුතු ඔබතුමා භාරයේ තබා ගන්න.
ඉතා හොඳ වැඩක්. අපි හැමෝම තුති පුදන්න ඕන ස්ටාෆ් එකට... මේවගේ එඩිතර ක්‍රියාවකට.
උදේ, හවස භාවනා කරනවා කිව්වාම හොරු හිතන්න ඇති තුවක්කුත් අයින් කරලා නවගුණ වැල අරන් හොරු අල්ලන්න යනවා කියලා. ඔයිට වැඩිය ශරීරයට සුවයක් වෙන්න තිබුණා රේල්ගේට්ටු දෙකක් මැද්දේ වාහනේ නවත්තලා ටිකක් නිදාගත්තා නම්. අද රෑට පොලිස් ආහාර වේලක් වෙලාව අවේලාව නොබලා හම්බ වෙයි.
පොලිස් විශේෂ කාර්ය බලකායටත් ඇටෑක් කරන්න තරම් බලවත් වුණා එහෙනම්. කාගේ හයියද අරගෙන තියෙන්නේ?
මේ අය අත්අඩංගුවට ගන්නේ නැතුව ආයුධ සොයන්න ළඟ තියෙන කැලයකට අරගෙන ගියා නම් පිළිකාව ඉවරයි.
මේ වෙඩි කන්නේ තම රාජකාරිය හරියටම කරන නිලදාරීන්.
විශේෂ බලකායට අපේ ප්‍රණාමය
මේ සුදු වෑන් කල්ලියක් නේද? ලොකු ලොකු දේශපාලකයන්ගේ ගෝලයෝ වෙන්න ඇති....
මේ වගේ අය ඉවරයක් කරලම දාන්න ඕනෑ...
ජනාධිපතිතුමනි, තනි තීරණ ගන්න තියෙන්නේ. ඇතුලේම ඉන්නවානේ විරුද්ධයින්... පරිස්සමෙන්... ඔබතුමාට ජය!
ඉස්සර කාලේ මීගමුවේ කුඩුකාරයාගේ බඩු ඇල්ලුවහම රජ්ජුරුවෝ පහුවදාම ගිහින් කුඩුකාරයව බදාගෙන පින්තූර ගත්තා. මොකක්ද රජ්ජුරුවෝ පොලිසියට ඒකෙන් දීපු පණිවිඩේ? දැන් ඉතින් ඇමැතිකමකුත් තියෙන නිසා එස්.ටී.එෆ්. එකටත් ගහන්න තරම් කුඩුකාරයා බලවත්ද?
ශා.. ලස්සන වැඩක්, අත්අඩංගුවට පත් අයගෙන් තව තොරතුරු ලැබෙයි.
දක්ෂ නිලධාරීන්ට අප ගරු කල යුතුයි. මේ සිද්ධිය වුණේ යාපනයේ නම් බොහෝ දෙනෙක් වෙනත් විදියකට දකින්න ඉඩ තිබුණා.
මේ සුදු වෑන් නේද? ඕකෙ ගිය අය අරගොල්ලොන්ගේ කට්ටිය වෙන්න ඇති.. දැන් නම් ඔය ඒකාබද්ධ සෙල්ලම් ඉවරයි. විශේෂ කාර්ය බලකායට අපරාධ හා මත්ද්‍රව්‍ය කොට්ටාශ දෙකම බාර දුන්න එකේ වෙනස ඉදිරියටත් බලාගත හැකිය. ඇති යාන්තන් දැන්වත් නීතිය හරියට වේවි.
එස් ටී එෆ් එකටත් වෙඩි තියනවා නම් අවශේෂ ජනයා ගැන කවර කතාද?
මේ ජනාධිපතිතුමත් හෙලිකොප්ටරයෙන් ගිහින් ලන්සාව බෙරාගනියිද දන්නේ නැහැ.
කරුණාකරලා මේ හොරුන්ව ප්‍රසිද්ධියේම දැඩි දඬුවම් දෙන්න ඕනේ. මේ විදිහට ප්‍රසිද්ධියේ වෙඩි තියලා දඬුවම් කළා නම් සද්ද නැතුව ඉන්නවා. කිසිම රජයක් දැඩි නීති දාලා හොරුන්ව මෙල්ල කරන්න බලන්නේ නෑ. සමහර අැමැතිලගේ හොඳම ගෝලයෝ කුඩු කාරයෝ. මම නම් කියන්නේ වෙඩි තියලා මරන්න ඕනේ මේ වගේ අපරාධකරුවන්ව...
නාවික හමුදා බුද්ධි අංශ සුදු වෑන් මෙන්න මෙයාලට යැව්වා නම් හරි. ඊට පස්සේ අතුරුදහන් කියලා ටිකකලක් හොයලා අමතකම වෙලා යනවනේ.
එස්.ටී.එෆ්. එකට වෙඩි තිබ්බා නම් ඒ අයව ඉතුරු කරන්න එපා
මුන්ට සාමාන්‍ය අවි වලින් වෙඩි තියන්න මොකටද කෙලින්ම ආර් පී ජී එකක් ගහන්න එතකොට ආයේ ඇත අඩංගුවට ගන්න නඩු දන්නා ඕනේ නැහැනේ එකෙන්ම වැඩේ ඉවරයි