( තිළිණි ද සිල්වා සහ රංජන් කස්තුරි )
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක යන මහත්වරු අතර විශේෂ හමුවක් අද (9) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව රජයේ ආරංචි පවසයි.
අද දහවල් පැයකට ආසන්න කාලයක් මෙම විශේෂ හමුව පවත්වා ඇතැයිද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් දෙපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම සාකච්ඡා පවත්වා ඇතැයි ද කියති.
මේ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන්නැයි නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු පිරිසක් ද ඊයේ(8) රාත්‍රියේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඉල්ලා අස්වුණත් එකයි නැතත් එකයි. ඉල්ලා අස්වීමේ අචාරශීලීභාවය, සදාචාරය බින්දුවට බැස්සුවා මේ පුද්ගලයා...
මේ දවස්වල අපිට අහන්න ලැබුණේ සාකච්ඡාවල්, ඉල්ලීම්, අයින් වෙන්න, අයින් වෙනවා වගේ දේවල්... නමුත් ප්‍රාෙයා්ගික කිසිදෙයක් වෙලා නැහැ. නිකන් කාලය කැරකෙනවා විතරයි.
අධිකරණ අමාත්‍යතුමා එම ධුරයෙන් ඉවත් කරන්නැයි කියන්නේ කවදාද? ඒකාබද්ධයට මළබද්ධය හැදෙන්නේ එදාට තමයි.
මා හිතන විදියට ලාංකිකයන් වන අප අපගේ වටිනා කාලය හැමවිටම කා දමන ජාතියක් බවට මෙයද එක් උදාහරණයකි. රටේ මුදල් කාබාසිනියා කරන අතර වටිනා මිනිස් කාලයද නාස්තිකරන බව පෙනේ.
පොලිසියෙන් ඔහුව අත්අඩංගුවට ගතයුතුයි. ජනපතිතුමාවත්, අගමැතිතුමාවත් මේවාට සම්බන්ධවිය යුතු නැත.
අනේ මෙයාව රකින්න හදන තරමක් ...!!!
කෙලින් තීරණයක් ගන්න බැරි ජනාධිපතියි, අගමැතියි තමන් ගැනම ලජ්ජවෙන්න ඕනෑ. මේ වගේ ඇමතියෙක් ඉස්සරහ මෙච්චර බාල්දු වෙනවා දකිද්දී අපිට ලැජ්ජයි මේ දෙන්නා රටේ අංක එක සහ දෙක කියන්න.
රවී බයවෙන්න එපා.. එ්ත් මම සැරයි වගේ ඉන්නම්. අනේ සංසාරේ මෙහෙමත් රටක්..
ඉල්ලලා අස්වුණා නම් අඩුම තරමේ නඩුව ඉවර වෙනකන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමවත් තියා ගන්න තිබුණු දෝෂාභියෝගය අාවොත් පාර්ලිමේන්තුවෙන් යන්න වෙනවා.
හම්බ වුණා කියලා මොනවා කරන්නද දැන්? රටම කාලා ඉවරනේ.
කලින් එක්කෙනෙක් බඩ කපා ගන්නවා කිව්වා නමුත් එහෙම කලේ නැහැ නේද?
මෙවන් ජාතියකට නායකයෝ වෙන්නෙත් ඒ වර්ගයේම අය තමයි. තමන්ට හොරකම් කරන්න අවස්ථාවක් නැත්නම්, හරිම අවංකයි. අවස්ථාවක් ලද හැටියේ තමයි ජන්ම ගතිය ඉස්මතු වෙන්නේ.. අනුන්ගේ රීරි මාංශ උරා බොන්න පෙරුම් පුරන අධමයෝ රැලක් ඉන්න බහුතර මිලේච්චයින් ඉන්න රටක් තමයි මේ තියෙන්නේ. ලෝකෙට පේන්න බොරු නොකර ඇත්ත තේරුම් අරගෙන හැදෙන්න බලන්න. නැත්නම් වඳ වෙන දවස වැඩි ඈතක නැහැ.
එදා ඩී.එස් ., ඩඩ්ලි, ජේ.ආර් වැනි අවංක නායකයන් හිටපු පක්ෂයක උප නායක තනතුරකට මුල ඉඳලම හොරකමට නම් දරපු මේ වගේ කෙනෙක් පත් වුනේ කොහොමද කියන එකයි මට පුදුමයි. නැවත කිසිදාක මෙම පක්ෂයට මගේ ඡන්දේ නැත.
අපේ රටේ එදා ඉඳන් අද වෙනකම්ම දේශපාලනයේ හිටියේ, ඉන්නේ ලැජ්ජා නහරය කොහෙත්ම නැති, දේශපාලකයෝ ටිකක්. ඔය වැඩේ මෙච්චර දවසක් අදින්න දෙයක් නැහැ... අයින් කළානම් ඉවරයි. ඕකෙන් මේකෙන් වෙන්නේ, රටේ ජනතාවට එපා වෙනකම් ඇද ඇද ඉඳලා ඊට පස්සේ වැඩේ අතාරින එකයි. මොකද කෙනෙකුට ගැහුවොත්.., කී දෙනෙක්ට වදියිද කියන්න බැහැ. ලොකුම විහිළුව කියන්නේ, තමන් ඉන්නේ " අමු හෙළුවෙන් " කියන එක අමතක කරලා, අනුන්ගේ නිරුවත පෙන්නන්න ඒකාබද්ධ විපක්ෂයේ උදවිය කෑ මොර දෙන එකයි. කොච්චර අඩි පොළොවේ හැප්පුවත්.., ඔවුන් කරපු දේවල් ජනතාවට අමතක නැහැ.
රජා කිව්වලු, " හොර දෙටුවනි, දැන් මතුව ඇති මහජන විරෝධය හමුවේ තව දුරටත් ඔබලා ආරක්ෂා කිරීමටත්, මගේ ජාම බේරාගැනීමටත්, කළහැකි ක්‍රියා මාර්ගයක් ඇත්නම් වහා කියන්න" කියලා. හොරු කිව්වලු, "මහරජ තුමනි, මේ ගැත්තන්ට වූ දේ වෙනුවෙන් ඔබේ කාලය මිඩංගු නොකරන්න. ඔබේ ජාම බේරා ගැනීමට සිහසුනෙන් ඉවත්වී ඉතිරිය අපට භාර කරන්න. ලිච්ඡවි ක්‍රමයට අපි සියල්ල බලගන්නෙමු." කියලා.
ආණ්ඩුව අප ඉල්ලන්නේ හැම හොරාටම දඬුවම් දෙන්න කියලයි. ඔබට ඡන්දය දුන්නේ හොරුන්ට දඬුවම් දෙන්න මිසක් හොරුන් රකින්න නෙමේ. අපි කියන්නේ උතුරු කොළඹට වෙන කෙනෙකු පත් කරන්න කියලයි.
එක අතකින් බලනකොට වරදක් සොයාගෙන ආණ්ඩුවේ පැවැත්ම සඳහා ඉල්ලා අස්වෙන්න උපදෙස් දෙන්නවත් නායකයන් මේ යුගයේ සිටීම වැදගත්. ඒ වගේම ඇඳුම් සමඟ ජනතාව ඉදිරියට යන්න මේ නායකයන්ට අවශ්‍ය නම් වැරදිකරුවන්ට දඬුවම්ද ලබාදිය යුතුය. එය කෙනෙකුගේ ධන බලයටවත්, පක්ෂයට ඇතිවන පාඩුවටවත්, රටට කළ සේවයකට දායකයෙක් වීම ගැනවත් නොසිතන්නේ නම් එය රටේ වාසනාවකි. නීතිය කාටත් පොදු වෙන දිනය රටේ අනාගතය තීරණය වෙන දිනය බව වගකිවයුත්තන් තේරුම් ගතයුතුය.
අප්පච්චි ඇතුළු කණ්ඩායමේ හොරකම් අල්ලන්න අපු මිනිස්සු කරන වැඩ හැසිරෙන හැටි දැක්කාම සසර කලකිරෙනවා. වෙනසකට තිබෙන්නේ අප්පච්චි අස්කරනවා නම් පත්තර වලට කියකියා හිටියේ නැහැ. කරලා දැම්ම හරි හෝ වැරදි තීන්දු අරන් කඩිනමින් ක්‍රියාත්මක කළා. දැන් ඉන්න අප්පොච්චිලා දෙන්නා කරන්නේ මුකුත්ම නොකර උඩබලන් ඉන්නවා ප්‍රශ්න කාලයට විසඳන්න ඉඩ දීලා...
මට මතක් වෙනව කිලිනොච්චි කියා මැදවච්චි ගිය හැටි අපි කතාකලේ... පාමංකඩ සිට අලිමංකඩ ගැන ... අපේ රටට හෙන ගැහුවත් කමක් නැතේ... බැඳුම්කරෙන් රවීගේ බඩ පිරුනාවේ ...
ඇයි? ඔබලා කෝචෝක් එකට හිනාවෙන්නේ? ලිච්ඡවි ක්‍රමේ කියන්නේ හොරාගෙනුත් අහලා බලලා හොරා කැමතිවෙන විදියේ දඬුවමක් දෙන එක. හොරා දඬුවමකට අකමැති නම් නිකන් ඉන්න එක.
දැන් ශ්‍රී. ල.නි.ප යේ හොරු බොහෝ දෙනෙක් උඩ පැනගෙන රවී ව එල්ලුම් ගස් යවන්න හදනවා. පොලිසියෙනුත් අල්ලන්න කියලා ඉල්ලනවා. ඒ ඔක්කොටම කලින් තමන්ට තියෙන චෝදනා වලින් නිදහස් වෙලා හිටියා නම් තමයි හරි.
මට වැටහෙන විදිහට ලංකාවේ දේශපාලකයෝ උඩ ඉඳන් පල්ලෙහාටම බොරුකාර, වංචාකාර, මිනීමරු හොරුද ? එහෙම නැත්නම් මට පිස්සුද?
හොරා නම් ගෙදර යයි. අපිටනේ ණය ගෙවන්න වෙන්නේ.....
රවී කරුණානායක මහත්තයා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඥාතියෙක්ද? නැහැ ඉතින් මේ දෙන්නටම දෙදෙනාගේම දේපොළ ගැන වැඩි මතකයක් නැති නිසයි මම එහෙම හිතුවේ?
අනේ හොරු අල්ලන්න ආපු යහපාලන ආණ්ඩුව. දෙපැත්තේම හොරු ටික එකතුවෙලා ආණ්ඩුව ඇල්ලුවා. මේ වෙලාවේ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් හිටියා නම් තමයි හොඳ... වෙනස බලාගන්න.
හොරු අතර හමුවක්ද?
යහපාලනය ඔය අධිකරණ අමාත්‍යතුමා එම ධුරයෙන් ඉවත් කරන්න. ඊට පස්සේ හොඳ පුද්ගලයෙක් පත් කරන්න.
ගත්ත සල්ලි යලිත් ලැබෙන විදිහ කවුරුත් කතාකරන්නේ නැහැනේ. හැබැයි මේවගේ පුද්ගලයන් නැවතත් පාර්ලිමේන්තුවට එවන ජනතා කොටස් මේ සිරිලංකාවේ ඉන්නවා.
යහ පාලනය දැන් අච්චාරු පාලනය වෙලා.
කොහොමද මෙයාව බේරගන්නේ කියල වෙන්න ඇතිනේ සාකච්චා කරන්නේ? අපි නොදන්නවද මේ තුන්කට්ටුවගේ කෙරුවාව...