(තරිඳු ජයවර්ධන)
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා පත්‍රය පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විභාගය අවසන් වී යමින් සිටි සිසුන්ට බෙදා හරින ලද අනුමාන ප්‍රශ්න පත්‍රයක සහ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ඒ ආකාරයෙන්ම ගැළපෙන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මීට අමතරව රසායන විද්‍යා බහුවරණ විභාග ප්‍රශ්න පත්‍රයේ තීබු ප්‍රශ්න කිහිපයක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ද තීබූ ප්‍රශ්නවලට සමාන බවට සිසුහු චෝදනා කරති.

(බෙදා දී තිබූ බව කියන අත් පත්‍රිකාව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමාන ප්‍රශ්න වලින් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න පිටවුනා කියල කියන්න පුලුවන්ද? එතකොට අනුමාන කියල කියන්න බැහැනේ. අර පසුගිය වසරක සාමාන්‍යපෙළ විද්‍යා ප්‍රශ්න පිටවුණා විදිය වගේ දෙයක් නෙවේ නම් සමහර පළපුරුදු ගුරුවරුන්ට අවරුදු ගානක් ප්‍රශ්න පත්තර විශ්ලේෂණය කරලා අනුමාන ප්‍රශ්න කියන්න හැකියාව තියෙන්න පුළුවන්. මේ ටියුෂන් ගුරුවරයා තමුන්ගේ මාකට් එක වැඩිකරගන්න හදිස්සිවුනා වැඩි කියල හිතෙනවා. කොහොමටත් මේ ගැන සොයා බලන්න වෙයි.
මම නම් හිතන්නේ නෑ... දෙපාර්තමේන්තුවෙන් පිට වුණා කියලා. මේක ඒ ගුරුවරයා විභාගය ලියපු ළමයෙකුගෙන් හරි, පරීක්ෂකයෙකුගෙන් හරි හෝ අරගෙන ප්‍රින්ට් කරලා දෙන්න ඇති. කොහොම වුණත් ඉතා ඉක්මණින් පරීක්ෂණයක් පවත්වා ගුරුවරයා කියන පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුයි.
පොඩ්ඩක් ඉවසලා ඉන්න විභාග කොමසාරිස්තුමා... අර ලිෆ්ට් ඔපරේටර්ට මෛත්‍රී භාවනවා කරන හැටි උගන්වලා ඉවර වුණ ගමන් පොලිස්පතිතුමා මේ වැඩේට බහීවි...!!!
ටියුෂන් සර්ගෙ කනට ගහයිද? සර් කෙනෙක්ගෙන් කෝල් එකක් එයිද? නීතිය නැවෙයිද? අපි බලා සිටිමු.
කුමන අතපසුවීම් සිදුවුණත් පූජිත ජයසුන්දර හොඳ ඉතිහාසයක් ඇති දක්ෂ පොලිස් නිලධාරියෙක්.
මෙතුමාට දැනට තිබෙන රාජකාරි මදිවාටද? හොරු අල්ලන්න... නීතිය ක්‍රියාත්මක කරන්න විතරක් නම් මදැයි භාවනා කරන්නත් වෙලා තියෙද්දී, මේ කොහේද යන ප්‍රශ්න පත්‍ර අවුලකුත් කර උඩට වැටුණනේ..!!!
මාස්ටර්ලා ආයෙමත් පරණ සෙල්ලම පටන්ගන්න වගේ...
මේ පොලිස්පතිතුමා වගේම හින්දි චිත්‍රපටිවල රඟපාන ජෝකර් නළුවෙකුත් ඉන්නවා. මෙතුමාටත් ඒ ජෝකර් ගතිය තියෙන බව කරන සමහර වැඩවලින් පේනවා.
ඔය කොයි ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යතුමත් ප්‍රශ්න ටික කොපි කරගන්නේ එක පොත් සෙට් එකකින්... හොඳ මීටරයක් තියන ගුරුවරයෙකුට වසර ගණනක ප්‍රශ්න එන රටාව අල්ලලා ඊළඟට කොපිකරන එක ගැන අනාවැකි කියන්න පුළුවන්... අපි උසස්පෙළ කරන කාලෙත් ඔය වගේ දෙයක් වුණා.. භෞතික විද්‍යාවට....
පොලිස්පති කියලා කෙනෙක් ඉන්නවද?
මුදලට උගන්වන ටියුෂන් පන්ති නවත්වා දුප්පත් පොහොසත් සැමට අධ්‍යාපනයට එක හා සමාන නිදහස් අධ්‍යාපනයට අවස්ථාවක් ලබාදෙන්න කියලා, පෙරටු ගමියෝ ,සහ ජ.වි.පෙ පෙළපාලි යන්නේ උද්ඝෝෂණ කරන්නේ නැත්තේ මොකද?
මොනව උනත් ඒ පුද්ගලය මෙයා ලඟට ගේන්න නරකයි, ඒ මනුස්සයගෙ කණ පැලෙන්න ගහයි..