උසස්පෙළ විභාගයේ අද (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබුණු බව සිසූහු පවසති.
තමාට දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් මෙවර විභාගයට පැමිණ ඇති බවත්, ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන බවත් එම පත්‍රිකාවේ සඳහන් විය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ උපකාරක පන්ති තරඟයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවී ඇති බවයි. මේ නිසා සිසුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ලොකු අසාධාරණයක් සිදු වූ නිසා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත අලුත් ප්‍රශ්න පත්‍රයක් දීමට කටයුතු කරන්න.
මෝඩ කතා කියන්න එපා ළමයෝ .. විභාගය ලියන්න ළමයි මොනතරම් මහන්සි වෙනවද , ප්‍රශ්නපත්‍රය අවලංගු කරන්න නෙමයි ඕන ,ඒ පිළිබද විමර්ශනයක් කරන්න .සි.අයි.ඩි එකට බාරදෙන්න..
මේ පත්‍රිකාවේ ඇති ටිව්ෂන් ගුරුවරයාගේ නම සොයා, ඔහුගෙන් ප්‍රශ්න කරොත් ඔහු ඒ අනුමාන ප්‍රශ්න ලබාගත් ප්‍රභවය සොයා ගත හැකියි.
මම සිතන විදිහට විභාග දෙපාර්තුමේන්තුවෙන් අඩු පාඩුවක් වෙලා නැහැ. නමුත් මෙම උපකාරක ගුරුවරයා ක්ෂණිකව ප්‍රශ්ණ පත්‍රය අවසන් වූ විගස ප්‍රශ්ණ පත්‍රයක් රැගෙන අත් පත්‍රිකා මුද්‍රණය කරන්න ඇති. දැන් තිබෙන උපකරණ වලින් කෙටි කාලයකින් එවැන්නක් කිරීමට පිළිවන. මෙම පුද්ගලයාගේ ක්‍රියාවට ශ්‍රී ලංකාවේ විභාග නීති අනුව දණ්ඩුවන් දිය යුතුය. මම දන්න එක්තරා භෞතික විද්‍යා උපකාරක ගුරුවරයෙක් හැම අවුරුද්දෙම කටකතා පතුරුවන වා තමන් පසුගිය ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණ කලින් දුන් බවටත් ඒ නිසා රිමාන්ඩ් එකේ සිටීමට සිදුවූ බවටත්. මෙම වෘත්තීය ගෞරවාන්විතව සිදුකරන බොහොමයක් අතර මෙවැනි කූට පුද්ගලයන් සිටීම කණ්ගාටුවට කාරණාවක්.
ඔය දැන් කරන්නේ !! හැම තැනම අවුල්!! හොඳයි ඔයාලට උඩ දාල දුන්නනේ !! චන්ද්‍ර
ප්‍රශ්න පත්‍රය ළමයින්ට බෙදූ පසු කොහේ හෝ හිතවත් ශාලාධිපති කෙනෙක් ගෙන් ප්‍රශ්නපත්‍රයක් ඉල්ලගෙන කොපි ගහගෙන යළි සකසා වැඩර් කෙනෙක් වෙන්න කරපු ගොන් පාට් එකක් කියලයි මට හිතෙන්නෙ.
බලදාරින්ගේ වරදට ළමයින්ට දඬුවම් නොකළ යුතුයි. නැවත විෂය කනවා යනු ළමයින් අපහසුතාවයට පත් කිරීමකි.
කෝ මේ සයිටම් විරෝධී ඇත්තෝ '? දැන් උඩ පනින්නකෝ පුද්ගලික උපකාරක පන්ති තහනම් කරනු කියලා. ඒවාට කට අරින්නේ නැහැ . කවුරු හරි පුද්ගලික මුදලකින් කිඹුහුමක් ඇරියත් කුලප්පු වෙන අන්තරේ කට්ටිය කෝ ?
මේක ප්‍රශ්ණ පත්‍රය පිටවීමක් නෙවෙයිනෙ.. ප්‍රවෘත්තියෙ පැහැදිලිවම කියන්නෙ "රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි " කියල... විභාග ශාලාවෙ සිටිය යුතු අවම කාලයට පස්සෙ ප්‍රශ්න පත්‍රයක් එලියට ගෙන්වාගෙන ප්‍රශ්ණ කීපයක් කොපි කරල තමන් වැඩකාරයෙක්ය කියල කියන්න කරපු වැඩක් වගේ.
ටියුෂන් පන්ති පැවැත්වීම මුළුමනින්ම නීතියෙන් තහනම් කොට පාසලේදී පමණක් අධ්‍යාපනය ලබා දෙන්න. මේ පරපෝෂිත ටියුෂන් ගුරාලා ජාතික ව්‍යසනයකි.
ඉතාම ඉක්මණින් ගුරුවරයා අත්අඩංගුවට ගත යුතුයි. විභාග දෙපාර්තමේන්තුවෙන් පිට වුණා කියලා හිතන්න බෑ. කලින් විභාගේ ලියලා ගියපු කෙනෙක්ගේ ප්‍රශ්න පත්‍රය අරගෙන මෙයා ප්‍රින්ට් කරලා දෙන්න ඇති... මේ වගේ මිනිස්සුන්ට ලොකු දඬුවම් දෙන්න ඕනෑ..
නැවත ප්‍රශ්නපත්‍රය ලිවීමට ඉඩදීම ළමයින්ට කරන විශාල අසාධාරණයක්. අහිංසක ළමයි කොච්චර මහන්සිවෙලාද මේවාට ලියන්නේ. නිවැරදි සිදුවීම කුමක්දැයි සොයා ළමයින්ට අසාධාරණයක් නොවන විදියට රජය කටයුතුකළ යුතුයි. මෙය පිටුපස සිටින ටියුෂන් ගුරුවරයා මගඩියක් කළා විය හැකියි. ළමයින් තම පන්තිවලට ගෙන්වාගැනීමට... ටියුෂන් කඩ ක්‍රමය නැති කළ යුතුයි. පාසල්වල ඉගැන්වීම් ප්‍රමිතිකරණය කල යුතුයි. ටියුෂන් පන්ති සඳහා රජය අනුමත කරන වැඩපිළිවෙතක් හඳුන්වාදිය යුතුයි. ගුරුවරුන්ගේ සුදුසුකම් සොයාබලා රජයේ බලපත්‍රයක් ලබාදී මෙම ටියුෂන් පන්ති සඳහා ප්‍රමිතිකරණයක් ඇතිකළ යුතුයි. දැන් රජයේ පාසල් වල ගුරුවරුන් පඩි ලබාගෙන නිදැල්ලේ සිටිනවා. මෙම ටියුෂන් කඩ නිසා මොවුන්ව නිවැරදි මගට ගෙන පාසල් අධ්‍යාපනය ප්‍රමිතිකරණය කර අධීක්ෂණය කලයුතුයි. මෙවැනි මගඩි වැඩ නැවත කිරීමට ඉඩක් නොතැබිය යුතුයි. වැරදිකර ඇති පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කළයුතුයි.
දක්ෂ ගුරුවරයෙකුට විභාගයකට ලැබිය හැකි ප්‍රශ්න අනුමාන කරන එක පහසුවෙන් කරන්න පුළුවන්. ප්‍රශ්න දෙතුන් සීයක් හැදුවම ප්‍රශ්න දෙකක්, තුනක් විභාග ප්‍රශ්න හා ගැලපීම සාමාන්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ. අනුමාන කළ ප්‍රශ්න වචනයෙන් වචනයට විභාග ප්‍රශන හා ගැලපේ නම් සැක පහල කළ හැකියි.