(රංජන් කස්තුරි)
ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි.
එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැති අතර එහිදී අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ජනපති සමග සාකච්ඡා කර විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගන්නා බවයි.
ඇමැතිධූරයෙන් ඉවත්වීමට රාජපක්ෂ මහතාට සඳුදා(21) දක්වා කල් ලබාදී තිබුණද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ. අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විජයදාස රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු නම් විජේදාස මහත්තයව මාරු කරනවට අකමැති වෙයි. ඒ ගොල්ලෝ කැමති පරීක්ෂණ රබර් වගේ අැදෙනවට තමයි.
මොනවද තව ? වහාම ඉවත්කරන්න
පිළිතුර සරලයි. විජේදාසට පරීක්ෂණ වලට අවුරුදු 10 ක් ඕනේ. අජිත් පි පෙරේරා ඇමතිතුමා කියනවා පරීක්ෂණ කඩිනමින් කරන්න පුළුවන් කියල. මුළු රටටම ඕනේ මේ පරීක්ෂණ ඉක්මනින් ඉවර කරලා ඇත්ත දැන ගන්න.
අපට ඉතිරිවෙන්නේ මෙව්වගෙ වැඩකරන්න විතරයි, හැබැයි බ්‍රේස්ලට් අතේ බැඳගෙන.
විජේදාස අයින්කරාට අපිට කමක් නැත . නමුත් අලුතින් පත්වන අධිකරණ ඇමති වහාම පරීක්ෂණ අවසන් කර නඩු ගොනුනොකර ගොඩ ගැසී ඇති සියලු නඩු විභාග කිරීමට කටයුතු කල යුතුයි. රටේ සියලු මහජනතාවට අවශ්‍ය එයයි . අපිට තවත් ඩීල් කාරයන් අවශ්‍ය නැත .
අපි බලාගෙන ඉන්නවා,ජනාධිපති තුමාගේ ප්‍රතිචාරය මොකක්ද කියල.විජේදාස ඇමති තුමාව ඉවත් කිරීමට ජනාධිපති හවුල් වුනොත් එය" තමුන්ගේ වල තමුන්ම කපා ගැනීමක්"වැනිය.
මේ මොනවා කලත් එජාපෙ. ඉන්න සුපිරි හොරුන්ට බේරුමක් නැහැ,අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා රජෙයේ නෙරුපුවත් ,රජයේ තියාගත්තත්, ඒ මොනවකලත් යහපාලනයට සොරිම තමයි.