ක්‍රිෂාන් ජීවක ජයරුක්
දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටි මව්වරුන් දෙදෙනෙකු හා දිනක් වයසැති බිළිඳකු අද(18) මිය ගොස් ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
තෙවැනි දරු ප්‍රසූතිය සඳහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදී මරුමුවට පත් වූයේ කැකණදුර නාකුට්ටියගම පදිංචිව සිටි ජීවනී ප්‍රියංගිකා(40) නැමැති තිදරු මවකි. ඇය විසින් ප්‍රසූත කල බිළිදා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට එම රෝහලේ නොමේරූ ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිය කුළුදුල් දරූ ප්‍රසූතිය සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කල අවස්ථාවේ දී මරුමුවට පත්ව ඇත්තේ කරගොඩ,උයන්ගොඩ,ඉහල විටියල පදිංචිව සිටි නිසංසලා සඳමාලි පනාවල (28) මහත්මියයි. ඇය ඉකුත් 12 වැනි දින දරු ප්‍රසූතිය සිදු කර තිබෙන අතර පසුව එක්වරම අසනීප වී ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම කාන්තාව ප්‍රසූත කල බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් මාතර මහ රෝහලේ නොමේරූ ලදරු වැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එම මව හෘද රෝගී කාන්තාවක බව කියති.
මේ අතර තංගල්ල නාකුලුගමුව ප්‍රදේශයේ විසි හතර හැවිරිදි මවක් විසින් ප්‍රසූත කළ දිනයක් වයසැති බිලිදෙකු ද අද (18) එම රෝහලේදී මිය ගොස් තිබේ.
මෙම මරණ තුන සම්බන්ධයෙන් වු හදීසී මරණ පරීක්ෂණ මාතර වැඩබලන නාගරික හදීසී මූණ පරීක්ෂක හා ඌරුගමුව හදීසී මූණ පරීක්ෂක ජයන්ත සමරසිංහ මහතා ඉදිරියේ දී පැවැත්විණි.
පශ්චාත් පරීක්ෂණ සිදු කළ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා ප්‍රකාශ කළේ ආමාංශයේ ඇතිවී තිබු තුවාලයකින් ආමාංශය තුල රුධිරය පිරීමෙන් තිදරු මව මිය ගොස් ඇති බවයි. කුළුදුල් දරු ප්‍රසූතියේ දී මව මිය ගොස් ඇත්තේ හෘද වස්තුවේ මස් පිටුවල පැවති අකර්මන්‍යානයකින් බව ඒ මහතා ප්‍රකාශ කළේය.
දිනක් වයසැති බිව්වා මිය ගොස් ඇත්තේ විෂබීජයක් ශරීර ගතවීමෙන් බවද අධිකරණය වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම මරණ සම්බන්ධයෙන් එම ඥාතීන් මාතර මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටඅප්‍රසාදය පල කර සිටිති. ඒ පිළිබඳව එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂිකා මල්කාන්ති මැදිවක මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ තමා නිවාඩු ගොස් සිටින නිසා ඒ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කල නොහැකි බවයි.
කෙසේ වෙතත් මීට සතියකට පමණ ඉහත දී ද මෙම රෝහලේදී කුළුදුල් දරු ප්‍රසූතියකින් පසු 27 හැවිරිදි මවක් මරුමුවට පත් වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රජයේ කොලිටිය
ලෝකෙන්ම ඉහලම ප්‍රමිතිගත හොඳම සෞඛ්‍ය සේවාව සිදුවන රටේ මේ වගේ සිදුවීම් අහන්න ලැබීමත් පුදුමයක් නේද? හැබැයි ඉතින් "අතේ මුදල් ටිකක් තිබුනා" නම්, දොස්තරලගේ හා නර්ස් නෝනලාගේ කරුණාව ඇතිව ජීවිත ටික ගොඩ දා ගන්න තිබුනා. අතින් මුදල් ගෙවලා වෛද්‍ය විද්‍යාව හදාරන එක ඇලජික් උනාට කමක් නැහැ, කනකර උගස් කරලා ඉඩම් විකුනලා හරි කමක් නැහැ ලෙඩකට මුදල් ගෙවලා බෙහෙත් ගන්න හුරු පුරුදු වෙන්න. මුදල් ගෙවනවා නම්, අපේ දොස්තරලා ලේසියෙන් නිවන් සැපට යන්න දෙන්නේ නැහැ.
ඉතාමත් කනගාටුදායක සහ අවාසනාවන්ත තත්වයක්. අපේ රටේ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් රජය මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනා කියන්නේ මේ නිසයි. බෙහෙත් තුණ්ඩුව ලියලා දීලා එළියේ තියෙන ෆාමසි එකෙන් ගන්න කියලා හරි කොළඹ අවට රෝහල්ටික නම් ඇදගෙන යනවා. නමුත් ගම්බද තත්වය තමයි මේ. මාතර මෙහෙමනම් හිතාගන්න පුළුවන්නේ දුෂ්කර පැත්තක තත්වය. සෞඛ්‍යය ඇමතිලා සිංගප්පූරු රෝහල්වලින් බෙහෙත් ගන්න නිසා මේවා හොයන්න බලන වෙලාවකුත් නැතුව ඇති ඒ මහත්තුරුන්ට. රජයේ රෝහලින් පෝලිමේ ගිහින් බෙහෙත්ගන්න ඇමතිවරු නිර්මාණය කෙරුදාට මේ තත්වේ නැතිවෙයි. හැමදාම අනුන්ට ඡන්දෙ දෙන ජනතාව ඊළඟ සැරේවත් තමන් වෙනුවෙන් ඡන්දෙ දුන්නොත් මේක අමාරු දෙයක්නම් නෙමෙයි.
අම්මල දෙදෙනාට සහ බිලිඳියට අමා මහ නිවන් සුව පතමි. ළඟම ඥති සහ හිත මිතුරන්හට දුක දරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
මේ අයට ගහන්න ඕන මඩු වලිගෙන්
ස්යිටම් දොස්ත්රලද හිටියේ මාතර
අර නීති සිසුවියගේ අත ඉවත්කරන්න උනෙත් මේ රෝහලේදී නේද ?? කොහොම උනත් මේ සිද්ධි වලට නම් දොස්තරවරුන්ට වගකීම පවරා දොස් කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ . මියගිය අයට නිවන් සුව .
දොස්තරලා සයිටම් එක පස්සේ දුවනවා බොරු කිය කිය පාරවල් ගානේ රස්තියාදු වෙනවා ලෙඩ්ඩු මැරෙනවා hospital වල වල ප්‍රමිතියක් නැතුව .පළමුවෙන්ම මේ ගොල්ලන්ගෙ ප්‍රමිතිය හොයන්න ඕනේ
රුමේස් හරි, දුප්පත්ගේ දුක දැනෙන්නේ ඒ අයට එතකොට තමයි.
මාතර මහ රෝහල විශාල ප්‍රදේශයකට මාතෘ සේවය සපයනවා. දෙනියාය මොරව්ක වැනි දුර බැහැර ප්‍රදේල සිටම මව්වරුන් මාරු කරනු ලබන්නේ මාතර මහ රෝහලටයි. වසරකට දරු උපත් 10,000 පමණ සිදු වනවා.අවාසනාව නම් එකදින මව් මරන දෙකක් සිදුවීමයි.එකක් නිධන් ගත රෝගයයකින් සිදුවූ මරනයක්. අනෙක වෙනත් හදිසි පාලනයට අපහසු රෝගී තත්ත්වයක්. සාමාන්‍ය කාන්තාවක් වුවත් මෙවැනි රෝගී තත්ත්වය මිය යාහැකියි. මේ මරන දෙකම බේරා ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉමහත් උත්සාහයත් ගත්තා. එබව මුලු රෝහලම දන්නවා.
මේ කොම්මෙන්ට් දාන අය ඉහලම පෙලේ විශ්ශඥයින් බව පේනවා. ඒ අස්සේ සමහරු සයිටම් කුණු රෙදි හෝදන්නත් දඟලනවා. මෙහි එක මවක් හදවත් රෝගයක් ඇති බව සඳහන් වෙනවා, එවැන්නන් දරු ප්‍රසුතියකදී මිය යාමේ හැකියාව ඉතා වැඩියි. අනෙක් මවත් හදිසි රෝගයකට බඳුන්ව මිය ගොස් ඇති බව පැවසෙනවා. සෑම මරණයකදීම පවුලේ අය කරන චෝදනාව තමා රෝහලේ නොසැලකිල්ලෙන් එය සිදුවුනය කියන එක. වෛද්‍ය විද්‍යාව අකුරක් නොදත් පිරිසක් කිසිදු අගක් මුලක් නොදැන තම තමන්ගේ විනිශ්චයන් ඉදිරිපත් කරනවා. මේවට තමයි එක්තරා ක්‍රීඩකයෙක් කිවේ " ගිරව් එළියේ ඉද්දි, රිලව් බෙනේ ඉන්නවා කියල" තත්වය සෝචනීයයි.
අර හැම එකටම ජී.එම්.ඕ.ඒ ඔළුව දාන්නේ? මේ සිද්ධීන් ටික දන්නේ නෑ මගේ හිතේ..
මීට කලිනුත් මෙතන ළමයි මැරිලා තියෙද්දිත් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂිකාතුමිය නිවාඩු නිසා කතා කරන්න වත් අකමැතියි. ලංකාවේ බොහෝ දොස්තරවරුන්ට මිනිසුන්ගේ ජීවිත වල වටිනාකමක් නැහැ. හැබැයි සයිටම් එකට විරුද්ධ වෙන්න නම් නිවාඩුත් ඇත හැරලා එන දොස්තරලා තමයි අපට ඉන්නේ.
ලෝකේ කොහේවත් මාතෘ සහ ළදරු මරණ 0 වෙලා නහැ. පැහැදිලිවම සෞඛ්‍යය අමාත්‍යාංශය පරීක්ෂණ කළ යුතුය....යම් අඩු පාඩුවක් වි ඇතිද කියා.. රෝගියාගේ පාර්ශවය රෝහල මත වරද පැටවිම සාමාන්‍ය දෙයක්...
රජයේ දොස්තරලගේ කොලිටිය තමයි. රාජිත ඇමැතිතුමනි, දැන්වත් සයිටම් ළමයි දාලා ලෙඩ්ඩු බේරාගන්න.
හොඳයි බලමු... දැන් අර ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ගැන කතා කරන කට්ටිය දැන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් එහෙම තියලා රජයට වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියල බල කරයිද? එහෙම නැත්නම් මේ ගැන සොයා බලන තෙක් වැඩ වර්ජනයකට යයිද? එහෙම නැත්නම් ඇමතිතුමාට ඉල්ලා අස් වෙන්න කියල බල කරයිද?