(තරිඳු ජයවර්ධන)
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
විජයදාස මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද (22) මෙලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විජයදාස මහතා ගැන විශ්වාසයක් නැතැයි ඒකමතිකව තීරණය වූ නිසා විජයදාස මහතා මෙලෙස එම ධූරයෙන් ඉවත් කරන ලෙස එජාපය ජනපතිවරයාට දැනුම් දී තිබේ.
ඔහු ඉවත් කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජනපතිවරයාට දැනුම් දී තිබේ.
අධිකරණ අමාත්‍ය ධුරයෙන් පමණක් නොව බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ද ඒ මහතා ඉවත් කිරීමට නියමිතය.
සාමුහික වගකීම කඩ කිරීම නිසා ඔහුට නැවත කිසිම අමාත්‍ය ධුරයක් නොදීමට ද එජාපය තීරණය කර තිබේ.
එම අමාත්‍ය ධුරය මීළඟට ලබාදෙන්නේ කාටද යන්න මෙතෙක් ස්ථීරව තීරණය කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් නැවත ලබා ගන්න නම් සරත් ෆොන්සේකා මහත්මයා අධිකරණ ඇමති විය යුතුයි.
නම්බුකාර විදිහට මෙතුමාට ඉල්ලා අස්වෙන්න තිබුණා.
බලමුකෝ ජනාදිපති තුමාගේ තීරණේ, මොන තීරණය ගත්තත් විජයදාස මහතා දිනුම්. අජීත් පෙරේරාත්, ලක්ෂ්මන් කිරිඇල්ල ,එස් බී දිසානායකත් අයින් කරානම් වඩාත් සාදාරන තීරණයක් වේවි .
බලමුකෝ ජනාධිපති තුමාගේ තීරණේ, ජනාදිපතිතුමා මොන තීරණය ගත්තත් විජයදාස මහතා දිනුම්. අජීත් පෙරේරාත්, ලක්ෂ්මන් කිරිඇල්ල ,එස් බී දිසානායකත් අයින් කරනාවානම් වඩාත් සාදාරන තීරණයක් වේවි .
බොහොම හොදයි
ජනතාව විදියට අප තොරතුරු දන්නේ සැකෙවින්. මාධ්‍ය තුලින් පමණි... ඔබතුම වැරද්දක් කරනම් ඔබතුමාගේ හදවත පමණක් දනී.
මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු,. ලජ්ජා නැති කම අදිකරණ ඇමැතිකමටත් වැඩිය ලොකුලු.
මහින්දලාගේ කාලේ කරපු මහා පරිමාන දුෂණ එන මැතිවරණයට කලින් ඇල්ලුවේ නැත්තං ජන්ද කැඩෙන්නේ ජනාදිපතිතුමන්ට , නිදහස් පක්ෂයට එජාපයට නොවෙයි. විජේදාසව ඉවත් කරන එකේ වැඩි වාසිය නිදහස් පක්ෂයටයි.
ඉතින් හොරකම් කරලා නැති අය වෙන ඇමති කෙනෙක් දාල හරි පරීක්ෂණ කඩිනම් කරනවට සතුටු වෙන්න ඕනෙනේ. එතකොට චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන්නේ. හොරු නම් විජේදාස මාරු කරනවට විරුද්ද වේවි.
එක එක්කෙනා අස්වෙනවා අස්කරනවා. අපි නම් හරි සතුටුයි යන අය දිහා බැලුවහම. රටට හොඳක්. අනේ, අපි ගැන අනුකම්පා කරලා හරි, අපිට දරා ගන්න බැරි තරම් සතුටක් දෙන්න කෙනෙක් නැද්ද ඔය විදිහට ගිහිල්ල?
විජයදාස අයින් කලා නෙමේ හිරේ දැම්මත් අපිට වැඩක් නෑ..
දැන් හොරු අල්ලයිද?
මීට වඩා හොඳ නැද්ද කලින්ම ගියා නම් තමන්ගේ තත්වය තියාගෙන.
තමා වපුරන දේ තමා කපා ගන්නේ ය . ශුද්ධ බයිබලය
විජේදාස මහතා වෙනුවට පත් කරන කෙනා ගැන මට හිත ගත හැකියි. අනිවාර්යයෙන්ම නොම්බර එකේ වාචාලයෙක් බව නම් සිකුරුයි.
අපිත් එකඟයි. හොරුන් ආරක්ෂා කලාට දඬුවම් දිය යුතුයි.
යහපාලන රජය පෙරලන්න කුමන්ත්‍රණ කරන අයට හොද පාඩමක්.
මුළු රටම බලන් හිටපු දෙය දැන් ඉෂ්ට වුණා. මහා දවල් හොරා කාපු මහජන මුදල් ගැන කිසිම නඩුවක් ඉවර කලේ නැහැ. යහපාලනය මිනිස්සුන්ට එපා වෙලා රනිල් මහත්තය කුණු බැනුම් ඇහුව. දැන් ඉතින් අවංක යහපාලනය තේරෙන ඇමති කෙනෙක් දාල හොරා කාපු අයගේ දේපල රාජ සන්තක කරන්න.
හොරුන්ට නඩු වැටීම ඉක්මන් උවහොත් හොඳයි.
1.ඔහු ඉවත් කරන ලෙස රනිල් ජනපතිට දැනුම් දී තිබේ. 2. ඉන්පසු ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව. ජනපති පරක්කු මොකද? රනිල් හොඳයි. ජනපති කොහොමද ? හොරු සහ වංචනිකයින් පිටුපස කවුද?
කලින් නොදුටු වෙනසක්. ජයවේවා.!
මේ ගැන කබීර් හෂීම් මහතා ජනතාවට TV අදම නීතිය අනුව තේරුම් කරන්න. රාජපක්ෂ නමට උසාවි නොව පවතින නඩු කඩිනම් කිරීමට නඩු අසන අලුත් ස්තාන පවතින නීතියට අනුව බවත් ව්‍යවස්ථා සංසෝදන අනවශ්‍ය බවත් පක්ෂ බෙහෙදයෙන් තොර බවත් නීතිය දන්නා අයකු සමග කියන්න. නුබල මෙතරම් මෝඩ ඇයි?
ජනපති යටින් MR සමගද?
ඔන්න ඔහොමයි වෙන්නෝන. ඔය සම්බන්ධව සාධාරණව හිතල, ක්‍රියා කරපු හැමෝටම මාගේ ප්‍රණාමය. තනතුරේ ඉන්නකම්, රාජපක්ෂවරු අත් අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියපු කාලෙදිම මිනිහා අයින් කරානම්.., මෙලහකට පහුගිය දුෂණ භීෂණවලට සම්බන්ධ හැමෝම මහඋළුගෙදර. බයියලට බෙබිලට ඔච්චර කියවන්න වෙන්නේ නැහැ එතකොට. පරක්කුවෙලා හරි.., හරි දේ සිදුවුනානම්.., එච්චරයි වෙන්නෝන.
රනිල්ට සහ යහපාලනයට මෙයින් ලකුණු 75 සිට 100%. Face බූක් මුහුණු පොත හරහා තරුණ තරුණියන්ට WR ගේ ප්‍රශ්නය තේරුම් කරන්න.
ලක්ස 62 සහ ආසන 105 තබාගෙන මෙතෙක් මෝඩකම් කලා ඇති. WR මෙතෙක් තබා ගත්තට UNP යට දඩුවම් කල යුතුය.
වෘත්තියෙන් නීතිඥයෙක් නොවන කෙනෙකුට එම තනතුර භාර දිය යුතුයි. එවැනි කෙනෙක් මහජන මතයට මීට වඩා හොඳින් ගරු කරයි.
බුද්ධ සාසනේ ජෝන්ටත් අධිකරණය රවීටත් දුන්නොත් මීට වඩා නරකද?
මහ බැංකු හොරකමට නඩුත් නැහැ. අවුරුදු 2 1/2 ක් නේද? ඒකත් අහමු මේ පාර... කොමිසම් එපා..
පුතාවත් අයින් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන්.. නැත්නම් මෙයා අයින් කරන එකෙන් වැඩක් වෙන්නේ නෑ..
ඇත්තටම පක්ෂ භේදයකින් තොරව හිතල බලන්නකො. මහ ඡනතාවට මේ ගැන පැහැදිලි අර්ථකතනයක් දෙන්න බැහැ. එක එක මත නිසා ඇයි ඡනාධිපතිතුමාම එය කල යුත්තේ .එයද නීතිය. (අවංකවම නොදන්න නිසා අහන්නෙ) ඇත්ටම වි.රාඡපක්ෂ ඇමතිතුමා ඒ වැරැද්ද කලාද නැද්ද දන්නේ තමායි. කිසි කෙනෙක් නොදන්නවා උනාට ඒ ඒ අය දැනටම බෙදිල අවසන්. නැවතත් එඡාපය වෙනමත් ශ්‍රීනිප වෙනමත් යනවා හැබැයි මයිත්‍රී මූලිකව. මේ ආන්ඩුව පොදු අපේකෂක පිහිටෙන් ගොඩ ආ බව අමතක කරන්න එපා. විඡයදාස රාඡපක්ෂ ඇමති තුමා ඉන්නේ එයා දිනුම් ගානට. එයාට විශ්වාසයක් ඇති ඒකයි. මෙගා නාට්‍යක් වගෙ ඇදෙනවා
සරත් ෆොන්සේකා මහත්තයාට සමහර ගැරඬි පෙනේ පිප්පුවයි කියන කතාව ඇත්තක්ද? ගැරඬි හැව අපි නම් හොඳට හඳුනනවා.
අස් කරලා මදි. මෙයා අසීමිත ධනයක් උපයපු ආකාරය ගැනත් සොයන්න කියන්න.
මේවගේ ප්‍රස්නයක්වත් විසදන්න රජය අසමත්ද ? අවන්ගර්ඩ් සැලකිලි අදිකරණ ඇමතිතුමා කෙසේ අමතක කරන්නද? තනතරු අතහැරීම මේ තරම් අමාරුද.? මහින්ද මහත්තය අදර්සේට ගන්න.
ජනපති තුමා නිවැරදි තීරණයක් ගන්නවානම් , විජේදාස මහත්තය එම තනතුරේ තවදුරටත් සිටිය යුතුයි . මේ රටේ කිසිම් දේශපාලන පක්ෂයක් නැහැ හොරු නැති. ඒ හොරකම් කරේ , කරන්නේ ජනතාවගේ මුදල් . ඒ නිසා ලොකුම හොරකම් ගැන සොයා බලා ඒවාට සම්බන්ද වුණු උදවියට පක්ෂ බේදයෙන් තොරව නීතියෙන් කටයුතු කොට දඩුවම් කලයුතුයි . එහෙම කරොත් අඩුම තරමේ හොරකම් කල මුදල් වලින් කොටසක් වත් නැවත ලබාගැනීමට පුළුවන් වේවි. එහෙම නැතිව කැරම් බෝර්ඩ් , යකඩ බට බෙදාපුව, සිල්රේදී දීපුවා වගේ සිල්ලර වැඩ අල්ලාගෙන තවත් රටේ ජනතාවගේ සල්ලි කා දැමීම නිෂ්පල දෙයක්. විජේදාස මහත්තය ඉවත් කරන්න හදන්නේ වර්තමාන හොරකම් වහගන්න නම් , එක යහපාලනයට උච්තත් නැහැ , රටේ ජනතාවගේ මුදල් වලට , රටේ සම්පත්වලට කණකොකා හැඩීමක් වෙනවා.