(තිලකරත්න දිසානායක / ටෝනි කරුණානායක)
ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් අසල දී උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව තිබූ ප්‍රශ්න දෙකක් මුද්‍රණය කර බෙදූ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සොයුරා බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ ගුරුවරයා මේ වනවිටත් අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
සැකකරුවන් වන පිය - පුතු දෙපළ පදිංචිව සිටි කඳාන නිවසේ දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් හෙට(22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුණු බිකි 2ක් වෙන්ට ඕන මේක. එකනේ අත් අඩංගුවට අරන් තියෙන්නේ ?
අපේ මැති ඇමතිවරු පුරුදුකළා වගේද දන්නේ නැහැ.., මතක නැහැ කියාවිද? ඕක තමයි දැනට බේරීමට තියෙන එකම විකල්පය...
කොහොමද තාත්ත සහ සහෝදරයා අත්අඩංගුවට ගන්නේ. මොකක්ද නීතිමය තත්වය
තණ්හාය ජාති සෝකෝ කියලා බුද්ධ වචනයේ තියනවා.
නීතිය නවලද තාත්තාවයි, සහොදරයවයි අත්අඩංගුවට ගත්තේ කියලා අහන්න වෙනවා... මේ වෙලාවේ.
ඔන්න ආණ්ඩුවේ ටියුෂන් කියා කියන අයට තේරෙන හැටි...
මහත්මයාණෙනි "ගුරා" යනු ගුරුවරයෙකුට පමණක් භාවිතා කලයුතු හොඳ වචනයක්...
රිස්නා, "ගුරා" කියන නාමය කම්මලේ ආචාරියාට, යකදුරාට, කේන්දර බලන නැකතියාට මෙන්ම අර අපේ ක්‍රිකට් ගහපු ගුරුසිංහව හඳුන්වන්නත් පාවිච්චි කරනවා!
මෙය හරියට මුවා අල්වා ගත නොහැකි වූ විට, ගෙදර තිබෙන මුව හමට තඩි බෑම වැන්නක්.
එහෙම බැලුවොත් ඉස්සර වෙලාම අත් අඩංගුවට ගන්න ඕන අධ්‍යාපන ඇමතිවයි විභාග කොමසාරිස්වයි නෙමේද?
අපි නම් ගුරුසිංහට වගේම ගුරුන්නාන්සේටත් " ගුරා " කියනවා. ගරු කරන්නෝන " ගුරා" වචනය මේ ටියුෂන් කාක්කට ගැලපෙන්නේ නැහැ. මොකද, අනෙක් අය කපාගෙන තමන් කැපිල පේන්නයි ඔය වගේ දේවල් කරන්නේ.
ඕක සිංහල භාෂාවේ පමණක් දක්නට ඇති සුවිශේෂී ක්‍රමයක්. එක නිසා ලේ කෝප කරගත යුතු නැහැ. ආඩම්බර විය යුතුයි.
අල්ලපු දෙන්නව ආයුධ පෙන්නන්න එක්ක යන්න. එහෙමත් නැත්නම් සුදු වෑන් ට්‍රිප් එකක් දෙන්න. දෙදහස් පහළොවට පෙර වගේ..