(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ඊයේ(15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි ආරංචි පවසයි.
ප‍්‍රකාශයක් ලබා ගැනීමට රෝහිත රාජපක්ෂ මහතා එදින පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබියදී රෝහිත රාජපක්ෂ මහතාගේ සහායට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මහතා මෙම තර්ජනය කර ඇති බවද පැවසේ.
මෙලෙස තර්ජනය කර ඇත්තේ මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දක්ෂ විමර්ශන නිලධාරියකු වන උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතාට බවද පොලිස් ආරංචි කියයි.
කිෂ් ව්‍යාපෘතියේ සිදුව ඇතැයි කියන මුල්‍ය අක‍්‍රමිතා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින පරීක්ෂණ සිදුකරන්නේ ද ශාන්ත ලලිත් මහතා බව පොලිසිය කියයි.
උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතා මේ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන් දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් මත පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ආයෙත් වැඩ පටන් ගන්නද යන්නේ. පරණ දේවල් අතාරින්න බෑ වගේ.
බලය නැති විට මෙහෙම හැසිරෙනවනම් බලය තිබුනානම් කොහොම හැසිරේවිද? අපේ මිනිස්සු දන්නේ ජයවේවා ජයවේවා කියන්න පමණයි.
මේ අයව හිරේ දාන්න ප්‍රමාද wuණා. තව හිටියොත් මේ අය නිකන්ම නිවැරදි කාරයෝ වෙනවා
පොලිස්පති දැනුවත් කලානම් බය වෙන්න දෙයක් නැහැ.
හිස් ටින් එකක් වාගෙයි.....හිස් ටින් එකක් වගෙයි මගේ මේ ජීවිතේ...!
යහපාලනයේ තියෙන දුර්වලකම් නිසා තමයි මේගොල්ලො මෙච්චර දගලන්නෙ, මේඅයට තියෙන චෝදනා අපි වගේ පොඩි මිනිහෙක්ට තිබ්බානම්, ඇප නැතිව හිරේ.
තව කොහෙද ආයෙත් බලය ලැබුණානම්?මේ අය පාරේ යද්දී කාටවත් එලියටවත් බහින්න වෙන්නේ නෑ.චන්ඩිකමෙන් රට පාලනය කරන්න හදන අප්පල පුතාල..
කාට කියන්නද මෙව්වා. දෙවියන්ට විතරඊ කියන්න පුළුවන්. මේ තිරිසන් දේශපාලන සංස්කෘතිය කවද ඉවර වෙඉද මන්දා. අපේ චන්දෙන් ගිහිල්ල, අපේම සල්ලි හොරා කාල, අපිටම කරදර කරන දේශපාලුවෝ.
ගහේ කටු උල්කරන්න ඕනේ නැ
මිනි මරන්න දරුවන්ව උනන්දු කරන ගැහැනියක් වුව මවක්ද වන බව ඇත්තක් නමුදු ඒ මවගේ කිරි බී හැදුන පැටියෙක් උස මහත් වන්නේ සර්පයෙක් ලෙසින්. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියල ගැමි වහරින් කිව්වෙත් ඔය ටිකම තමයි.
මේ මිනිස්සු කයිවාරුනම් ගහනවා ලෝකෙට ඇහෙන්න , නමුත් තැනකට ගිහින් හෙසිරෙන්න දන්නේ නෑ.මේ ය කෙදිනක හෝ බලයකට අවොත් කොහොමද අන් යට ආදර්ශ වෙන්නේ
බලය නැති දවස් වල ඔය විදියට හැසිරෙනවනන් බලය තිබිච්ච දවස් වල මොනවා කරන්න ඇත්ද? එහෙමනං ඔය නිලදාරිය අඩි 4 ක් පොලව යට. නැත්තන් පවුලේ උදවිය සුදු වැන් එකකින් උස්සල.
රාජපක්ෂලා විතරයි තර්ජනය කරන්නේ, අනිත් අය තොත්ත බබාලා
උපන් ගෙදර ජරා ගතිය අත් හරින්න බෑ
ලංකාවේ පොලිසිය ගැන කියල වැඩක් නැහැ, නාමල් තර්ජනය කියන සිද්දිය කෙසේ වෙතත් පොලිස්පති පූජිත ඉතාම අවනීත ලෙස ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියා කරුවෙකුට පහර දෙනවා එහෙව් පුද්ගලයෙක් නායකත්වය දරන පොලිසියේ ප්‍රකාශ කෙසේ පිලිගන්නද? මේ වගේ ප්‍රකාශ හොදයි රටේ නූගත් පාක්ෂිකයන්ගේ රස වින්දනය නැග්වීම සදහා පමණක්.
බොහොම හොදයි ජනාධිපති තුමාට සහ අගමැති තුමාට කියන්න මෙයාලගේ පරීක්ෂණ තවත් ප්‍රමාද කරන්න කියල. මේ මිනිස්සුන්ගේ බොරු රඟ පෑම දැන්වත් නවත්වන්න ඕනේ ඒක නිසා මෙයාල කරපු දුෂණ වංචා එලියට දාල වැරැද්දට දඩුවම් දෙන්න. නැත්තම් මිනිස්සු මෙයාල කියන දේවල් විස්වාස කරලා අපහු මෙයාලට ජන්දය දීල පත් කර ගන්නවා සිකුරුයි.
උප්පත්තියෙන් එන වැරදි හදන්න හරි අමාරුයි. අර කවුරුත් කියන විධියට නීති විභාගේ පාස් කරලා රෙදිත් ඇඳගෙන ඉන්න පුළුවන් නම් මේ දේවලුත් වැඩද?
ඡන්දෙන් දිනන්න හොරා සංකල්පය සමාජගත කළ අය දැන් ගලේ පහරපු බළල්ලු වගේ. ඡන්දේ දීපු අපි එළුවා පස්සෙන් යන හිවල්ලු වගේ. අඩුගනනේ මේ එක හොරෙක්වත් අල්ලලා හිරේ දායි කියලා බලන් ඉන්නවා.
බලේ නැතුවම මේ උදවිය කොච්චර නම් දඟලනවද කියනෙකයි ප්‍රශ්නේ.
බබාලට නරක විදිහට එක එක ඒවා කියන්න එපා.
හොර මැරකම් වලට දඬුවම් දෙන්න ඕනෑ කාට වුණත්.. බලයේ සිටින්නන්ගේ දේවල් යට ගහන්නේ නැතිව... උදා- රවී කරුණානායකගේ බිරිඳට අල්ලස් චෝදනා නැතිවුණා වගේ..
හිතන් ඉන්නේ තාත්තා තාමත් ජනාධිපති කියලා වෙන්න ඇති.
නයින්ට කවද්ද හා පැටව් ඉපදුනේ ?
ඩුබායි ගිණුම් නැවත පන ගහගෙන එනවා වගේ. අනේ පව් ගඩාෆි. දෙවරකදී ගෙවූ ඩොලර් මිලියන 1250 ගඩාෆි ට ලොකු නොවුනට අපේ ලෝකල් හොරෙකුට ඒක ලොකු මුදලක්. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන දවසකුත් ඒවී.