ප්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි
ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්වී එහි පැමිණි විට මගේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්, ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා හැඟීමක් මට ඇති වුණා යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය පැවසුවාය.