(රංජන් කස්තුරි)
රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 3174ක් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 38255ක් ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් කෝටි 23765ක් ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 4226ක් ද සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටි 3852ක් සහ සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් කෝටි 9158ක් ද ආදී වශයෙන් බැංකුවලට ගෙවිය යුතු ණය තිබෙන බව එහි දැක්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.