(රංජන් කස්තුරි)
රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 3174ක් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 38255ක් ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් කෝටි 23765ක් ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 4226ක් ද සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටි 3852ක් සහ සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් කෝටි 9158ක් ද ආදී වශයෙන් බැංකුවලට ගෙවිය යුතු ණය තිබෙන බව එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ මෙච්චර ණය කන්දරාවක් තියාගන්නේ රාජිත දත් දොස්තර මහතා, නෙවිල් මහතාගේ රෝහල අරන් කොටි 70 ගන්නේ.. මේකට නාස්ති කරන්න යන්නේ... මේවා හෙන ගහන අපරාධ...
බය වෙන්න දෙයක් නෑ. විකුණන්න දේවල් තියෙනවනේ ?
මේවා ඒවාට සම්බන්ධ රාජ්‍ය ඇමතිතුමා, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සමගම විකුණන්න.
හම්බන්තොට විකුණලා ගන්න සල්ලි වලට දැම්මම ගණන් පෙන්නලා ඉවරයි වගේ?
එකතුව 9000 ට වැඩිනේ
මේකට තමයි සංවර්ධනය කියන්නේ! ණය වලින් සංවර්ධනය වීම. දේශපාලු කෙරුම්කාර බලෙන් මහා පුටුවලට ආරුඩ වෙලා තඩි පින් පඩි, සැප කාර්බාර්, රජ නිල නිවාස,පන්දම් උපදේශක ආදී දීමනා ලබමින් පවුලේ හතර වරිගයට මදි නොකියන්න පිල්ලි ගහමින් දිවිය ලෝක සැප විඳින කුම්භාණ්ඩයන් මෙම ආයතනවල මොන තරම් ඉන්නවා ඇද්දැයි අපට හිතා ගන්න අමාරු නැහැ!
මේ හදන්නේ ඉතුරු ටිකත් විකුනන් කන්න
යහපාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ ඉහත සදහන් සියලුම ආයතන විකුණා දැමීමටයි.