(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භකර ඇත.
මේ අතර මෙම පහරදීම ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි සැක පහළ වී ඇති අතර තවත් සැකයක් වී ඇත්තේ අදාල පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විසින් පැමිණිලි විභාග කිරීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර තිබේ.
ඊට අමතරව පසුගිය දින කිහිපයේදී තවත් උපපොලිස් පරික්ෂක වරයෙකුට පහර දීමක් සිදු වූ හෙයින් යාපනයේ සැක සහිත ස්ථානයන්හි පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ආරක්ෂාව දැඩි කොට ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (30) පස්වරුවේ සිදු කළ මෙම පහරදීමෙන් සිංහල හා දමිළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.