(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භකර ඇත.
මේ අතර මෙම පහරදීම ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි සැක පහළ වී ඇති අතර තවත් සැකයක් වී ඇත්තේ අදාල පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විසින් පැමිණිලි විභාග කිරීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර තිබේ.
ඊට අමතරව පසුගිය දින කිහිපයේදී තවත් උපපොලිස් පරික්ෂක වරයෙකුට පහර දීමක් සිදු වූ හෙයින් යාපනයේ සැක සහිත ස්ථානයන්හි පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ආරක්ෂාව දැඩි කොට ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (30) පස්වරුවේ සිදු කළ මෙම පහරදීමෙන් සිංහල හා දමිළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ ලොකුවට ගණන් ගන්ඩ එපා.පොඩි කොල්ලෝ කට්ටියක් පාටියකට ගිහිල්ල එද්දී විහිලුවට තට්ටුවක් දාලා. තව පොලිසියෙ දහයක් පහලවක් වගේ මැරුවොත් කමිටුවක් දාමු. නැතිනම් සන්හිදියාවට හොද නැහැ.මොකද කියන්නේ අලුත් ආරක්සක ලේ කම් තුමා. ඇපල් ගෙඩි ටිකක් අරගෙන ගහපු අය බලන්ඩ යනවද?
බය වෙන්න එපා අනුර කුමාර , චම්පික, ජෙනේරල් ඉන්නවා ඕව බල ගන්න!
මේ දවස්වල යාපනේ ඔක්කොම ඉන්නේ බීලා. ඉතින් මේ ගොල්ල බීපු ගමන් කරන්නේ පොලිසියට ගහන එක සහ විනිසුරුවන්ට එහෙන් මෙහෙන් වෙඩි තියන වගේ සුළු දේවල්. ගණන් ගන්න තරම් ලොකු දෙයක් නැහැනේ.
නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගන්න එපා. ඉක්මනටම සුදුසු විසදුමක් ගන්න. හැබෙයි ඉතින් මේ කොන්ද පන නැති ආණ්ඩුවෙන් එහෙම දෙයක් බලාපොරත්තු වෙන්නේ බෑ, මොකද අද ආණ්ඩුවේ ඉන්න ගොඩක් අය 83 කළු ජුලියටත් කිසිම පියවරක් නොගෙන එක වැඩි කරපු අය නිසා.
මෙය සුළුකොට තැකිය නොහැකිය. රටේ ආරක්ෂාව සදහා තීරන ගැනීමට බියවියයුතු නැත. බුද්දි අංශ යොදවා ඉතාම ඉක්මනින් මෙය පසුපස සිටිනා පිරිස කොටුකරගතයුතුයි නැතිනම් අයෙත් අපේ රටට වෙන දෙයක් සිතාගත නොහැකියි. රටේ ආරක්ෂාව ගැන තීරණ ගතයුත්තේ එක එක අන්තවාදී පුද්ගලයන්ගේ උවමනාවලට නොව. වෙනත් රටවල ආරක්ෂාව සදහා ගන්න තීරණ වලට කිසිම කෙනෙකු විරුද්ද නොවේ. එත් අපේ රටේ වෙන්නේ එහි විරුද්ද පැත්ත. වහාම විශේෂ බලකා මෙහෙයුමක් සිදුකර මේ දේශද්‍රෝහී අල්ලා අදිකරණයට ඉදිරිපත්කර දැඩි දඩුවම් දිය යුතුයි. වෙනත් රටවල මේවගේ දෙයක් උනොත් එදිනම පීරා ද්‍රෝහින්ව අල්ලගන්නවා.
ගහලා විතරනේ, මැරුවේ නැහැනේ. ඔය ආරක්ෂාවල් වැඩිකරන්න ගිහිල්ලා සංහිදියාව අවුල් උනොත් ජාත්‍යන්තරයම අවුල්වේවී. ඒගොල්ලෝ ඕන දෙයක් කරපුදෙන්. ආරක්ෂක අංශ ඕවට අතදාන්න ගිහිල්ලා හිරේ තමයි ලගින්න වෙන්නේ.
ගුණරත්න විහිළු කාරයෙක් වගෙයි.
පොලිස් මාද්‍ය ප්‍රකාශක දැන් කතාවක් හදාගෙන දත් මදිනවා ඇති
කලකට පෙර පොලීසිය අය තොගපිටින් මරා වල දැමීමට කොටින්ට පාවා දුන්නේ මේ පක්ෂය ආණ්ඩු කරන කාලයේ නේද ?
අපෝ බයවෙන්න එපා රජ කලෙත් බලවත් රජ කෙනක් නැති වෙද්දී , දකුණු ඉන්න්දිය වෙන් ඇවිත් ලංකාව යටත් කලා .දැන් වෙන්නෙත් ඒ ටිකම තමා. සිංහලයට අබ සරණි!
තවත් යහපාලන ප්‍රතිපලයක්. ඔබට සතුටුයිද දැන්?
තව හමුදාව ඉවත්කරන්න බටහිර රටවල් හා උතුරේ මහා ඇමති කියන ආකාරයට, එතකොට පුදුම සාමයක් එවි උතුර නැගෙනහිරට.
දාල තියෙන බාල දේශපාලන ප්‍රතිචාර දැක්කම කලකිරෙනවා. ඔවැනි දේවල් වෙනකම් බලන් ඉන්න කොටසක් ඉන්නවා වාසි ගන්න
රෝහණ, බලන් ඉන්න දෙයක් නෑ.දැන් ඔය වෙන්නේ යස අපූරුවට...
රෝහණ බලන් ඉන්න දෙයක් නැහැ. දැන් ඔය වෙන්නේ යස අපූරුවට...
මෙතන සියලු දෙනා අදහස් පල කරන්නේ ලංකාවේ එකම ආරක්ෂකයා මහින්ද රාජපක්ෂ වගේ... නමුත් කරුණා අම්මාන්, කේ.පී, පිල්ලෙයාන් වැනි සියලු කොටි ටික ඉන්නේ එයාගේ තුරුලේ... රට අස්ථාවර කරන්න. රටේ ප්‍රශ්න ඇති කරන්න. නැවත රජ සැප විඳින්න මේ අය එයාලගේ ගෝලයන් යොදවනවා වෙන්නත් පුළුවන්...
ඔබේ රට වන ශ්‍රී ලංකාව, අරාජික වටපිටාවකට උරුමකම් කීමට ඕනෑවටත් වඩා සුදුසුකම්, මේ වනවිටත් සපුරාගෙන ඇති බව සතුටින් දන්වමි.
සෙල්ලම් තුවක්කුද? යම පාලනයෙන් දීලා තියෙන්නේ. එල එල, අද ගහල ගියා හෙට බෙල්ල කපලයි යන්නේ.
සිංහලද, දෙමළද, මුස්ලිම්ද.... උතුරද, දකුණද කියලා වැඩක් නෑ ....පක්ෂ පාට මොනවා වුණත් අපි හැමෝම රටේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ...
ඔව් ඔව් දැන් ඉතිරිවෙලා තියෙන්නේ තිරනාටකය විතරනේ.
අපේ ජනාධිපතිට හා අගමැතිට මගේ උත්තමාචාරය...
මෙවැනි ප්‍රහාර නවතිනතුරු සහ ප්‍රචණ්ඩ ක්‍රියා නවතින තුරු උතුරේ තව තවත් හමුදා කඳවුරු ඇති කල යුතුයි. එසේම උතුර සහ නැගෙනහිර සියලුම පොලිසිවල විශේෂ කාර්ය බලකා පිරිසක් යවන්න.
1983 ට පෙරත් මෙහෙම තමයි පටන්ගත්තේ... කොහොමටත් තවදුරටත් සංහිඳියාවනේ කටයුතු කරන්නේ කොහොමද කියලයි අහන්න තියන්නේ?
ප්‍රේක්ෂකයිනි, ඊළඟ ජවනිකාව බලාපොරොත්තු වන්න ..... ප්‍රකාශකගේ විහිළු කථාව නැතිනම් විග්‍රහය...
පරණ කොටි මේ අය ඔක්කොම.
කෝ මේ යූ.එන්.පී, ශ්‍රී ලංකා කාරයෝ කවුරුවත් නැහැ. දුමින්ද මහතාත්, රාජගිරියේ සබීතගේ මාලිගාවේ කොටුවෙලාලු.. මොකවත් කරන්න විදිහක් නැහැ.
ඔච්චට හමුදාව දාන්න එපා ගෝටාට බාරදෙනවයි කියල විතරක් ප්‍රචාරය කොරන්න.