(නාලක සංජීව දහනායක)

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය.

එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති අතර එය බාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද කථානායක කාර්යාලයට පැමිණියහ.