(නාලක සංජීව දහනායක)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය.
එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 32 ක් අත්සන් තබා ඇති අතර එය බාරදීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් අද කථානායක කාර්යාලයට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් විශ්වාස භංගය ගේන්න ඕනෑ එක්සත් ජාතික පක්ෂය. මොකද අමාරුවෙන් ලබාගක් රාජ්‍යබලය විනාශකලේ හා ජනතාවට මුහුණ දිමට අපහසු වන්නේ ඔවුන්ට බැවිනි.
පාර්ලිමේන්තුවෙනුත් නිදොස් කොට නිදහස් බවට සහතිකයක් අරන් දෙන්න වගෙයි හදන්නේ...!
දැන් බලමු කාගෙ කාගෙත් කෙරුවාව...
ලැජ්ජාවක් තියෙන මිනිහෙක්නම් මෙලහකට ඉල්ලා අස්වෙලා. මේ මනුස්සයාගේ මුහුණ පත්තරෙන් දකිද්දීත් වමනෙට එනවා.
සියයට සියයක් ඔට්ටුයි පාර්ලිමේන්තුවෙන් මේහාදය නිදහස් කරනවා. කීයක් ඔට්ටුද?
අපේ පර්ලිමෙන්ට් එක එක වැකියකින්: හොරු වෙනුවෙන් හොරු සහ හොරුන්ට එරෙහිව හොරු
මොහු පිලිබන්දව ජනතවට විශ්වාසයක් නැත. නමුත් පර්ලිමේන්තුව නියෝජනය නියම ජනත නියෝජනයක් නොවේ. එය පක්ශ නියොජනයකි. එබැවින් හරි තීන්දුවක් ලැබේ දැයි සැක සහිතයි. කනගාටුයි අප රට ගැන.
සුනිමල යහ පාලනයක් වෙනුවෙන් දිව්රපු දිව්රීම් මතකෙට අපුහම මට හිතුනේ අගමැතිතුමය්, ජනාධිපතිතුමය් මේ විශ්වාසභංගේ රවිට ගෙනෙය් කියලා
ඕකට තමා කියන්නේ ඇහේ පොල් පරාලේ තියෙන එකා අනිත් එකාගේ ඇහේ තියෙන පොල් කෙන්ද පෙන්නනවා කියල , හරියට මහරාජා රවිට විස්වාස බංග ගේනවා වගේ
විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගෙනාවේ දින්නත්, පැරදුණත් ඒකබද්ධය දිනුම්. මොකද සිරිසේන පාර්ශවය අවශ්‍යයි රවීට දිනන්න. “ගෙදර ගියොත් අඹුනසි. මග සිටියොත් තෝ නසී“ කියලා කියමනකුත් තියෙන්නේ...
මම කිසිදෙයක් දන්නේ නෑ. ඒ හින්ද මම නිර්දෝෂයි.
පාර්ලිමේන්තුවේ මුළු ආසන 225 කි. අත්සන් කලේ 32 ක් නම් ඒක කොහොමද විශ්වාසභංගයක් කියන්නේ?රවී දැනටමත් ඒක දිනලා වගේ. මේ වැඩෙන් විශ්වාසේ නැති කර ගන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අයම වගේ පෙන්නේ. පාර්ලිමේන්තුවේ තවත් නිකන් කාලය කන ගිරව් කෑගහන දවසක් විතරක් වේවි.
රවීව පක්ෂයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත්කර දමමු.
මෙතන බලන්න පුළුවන් වේවි... කවුද හොරුන් ආරක්ෂා කරන්නේ කියලා..
මෙතුමා වැරදිද නිවැරදිද යන්න ගැන මම දන්නේ නෑ. නමුත් මේ වගේ අමතක වෙන කෙනෙක් වගකීම් රාශියක් ඇති රාජ්‍ය තනතුරකට කොහෙත්ම සුසුසු නෑ..
ගියපාර සතොස ඉවර කළා. මේ පාර මහබැංකුව මංකොල්ල කෑවා. සාධාරණය නීත්‍යානුකූලව ඉටුවෙතැයි සිතීමත් විහිළුවක්. මොහුට ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබේවි.
ඔන්න අපිව රවට්ටන්න සංදර්ශනයක් දාන්න හදනවා. චෝදනාවක් එල්ලකළ පමණින් මිනිසෙකු වරදකරුවකු වෙන්නේ නැහැනේ. එ්ක නිසා වරද ඔප්පු වෙනකල් ඉඳල ඕක ගෙනෙන්න. පුලුවන් නම් දැන් වරද ඔප්පුකරන්න කටයුතු කරලා එ්කට උදව්වෙන්න. අන්තිමට වෙන්නේ බොරුවට ගිරිය පුප්පගෙන කෑගහල විස්වාසභංගේ පරදින එක විතරයි.
ජනාධිපති සිරිසේන මහත්තයෝ, මේ වගේ අවස්ථාවල පාවිච්චි කරන්න තමයි, මහජන ඡන්දෙන් පරාජිත වුණු විජිත් විජිතමුණි, එස් බී දිසානායක, මහින්ද සමරසිංහ, ඩිලාන්, සරත් අමුණුගම මහත්වරු වගේ පුද්ගලයින් කරලියට ගෙනාවේ. කොහොම වුණත් තමන්ගේ සහ පක්ෂයේ සුඛ විහරණය වෙනුවෙන් ඕනෑම වැඩක් කිරීමට අද ලංකාවේ දේශපාලකයෝ ඉදිරිපත් වෙනවා. සත්‍යය නම් ජනතා මතය යට යනවා විතරයි.
මේ එක්කෙනෙක්. බලන් ඉන්නකෝ දත් දොස්තර මහතාගේ කල්කිරියාව එළියට එනකොට කොහොම තියෙයිද කියලා.
අපේ රටේ දේපල කොල්ලකෑම නවතන්නේ කවදද?
ඇත්තටම දෝෂාභියෝග ගෙන්න ඕන විපක්ෂයෙන් ද නැත්නම් පක්ෂයක් විදිහට එජාපය විසින්ද? පක්ෂ අභ්‍යන්තර විනය පරික්ෂණයක් තියලා ඉක්මන් ක්‍රීයාමාර්ග ගැනිම තුලින් පක්ෂයත් ආරක්ෂාව ජනතාව සතුටුවේ