( තිළිණි ද සිල්වා )
යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ බාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
එම ලාංකික සරණාගතයින් සමඟ අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ සහ එහි සිටි නව දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයද සයිප්‍රස් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ උතුරු සයිප්‍රසයේ ෆාමාගුස්ටා වරාය ආසන්නයේදීය.
මෙලෙස සයිප්‍රස් ආරක්ෂක අංශ බලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත්තේ ස්විස් ජාතිකයෙකුට අයත් මීටර් 40 ක් දිගැති සී ස්ටාර් නමැති නෞකාවයි. මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට අයත් සිසිලි දූපත් හි කැටානියා වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ බවද සඳහන්ය.
එම නෞකාවෙන් ඉතාලිය බලා යාම සඳහා නැවේ සිටි එක් අයෙකු විසින් යුරෝ 10,000 බැගින් නෞකාවට ගෙවූ බවත් සඳහන් වේ.
මෙම ලාංකිකයින් රැගත් නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 21 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් යැයි ගාඩියන් වාර්තාවේ දැක්වේ.
මේ අතර ලාංකිකයින් පිරිස අතරින් සිටි ලාංකිකයින් පස් දෙනෙකු තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව සයිප්‍රස් ආරක්ෂ අංශ බලධාරීන් හමුවේ පවසා ඇත
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.
අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව දැන ගන්නට ලැබුණ ද නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියට අලුත් නෑයෝ එනවා වගේ. කවුරු වුණත් කමක් නැහැ. ඇවිල්ලා ලංකාවේ නෑදෑයෝත් ගෙන්නාගෙන සියල්ලෝම සතුටින් ඉන්නවා නම්. ඉතාලියට පැමිණියා නම් මොවුන්ටත් හොඳ කලක් යන්න තිබුණා. නමුත් මගදී අහුවුණ නිසා තත්වය බැරෑරුම් වෙයි.
එන්න පුලුවන්නම් එන්න ඉතාලිය හොඳයි
ශ්‍රී ලාංකික සරණාගතයින්....ඒ මොකක්ද.....
මම මහින්ද මම වැඩ කරන්නේ ඉතාලියේ.. රෙස්ටුරන්ට් එකක.., ඉතාලි ජාතිකයෝ ඕන තරම් ඉන්නවා රස්සා නැතුව මම දැනට මාස දෙකක වෙලේ ඉඳන් එක්කෙනෙක් හොයනවා. මම වැඩ කරන තැනට, පස් දෙනෙක්ට වැඩිය ගෙන්නලා බැලුවා එනකොට එන්නේ දනින් වැටීගෙන ඔක්කොම කරන්නම් කියලා. නමුත් ඇවිල්ලා වැඩකරන්න ගත්තහම මොනවත් දන්නේ නැහැ ඔක්කොටම වැඩිය ලොකුයි කපටිකම... ලංකාවේ කට්ටිය වැඩකරන්න නෙමෙයි එන්නේ අනුන්ගේ ඕපාදුප හොයන්න. ඔක්කොම නෙමෙයි සමහරු ඉන්නවා හොඳටම හොඳයි. මට නම් එපාවෙලා තියෙන්නේ ...