IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා හා ප‍්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය.

කසුන් පළිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා ඒ බව දැනුම් දුන් අතර තම සේවාදායකයාගේ එම උපකරණවල ඇති තොරතුරු ඔහු ඉදිරියේදී පරීක්‍ෂාවට ලක් කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.මෙම සහනය අර්ජුන් මහෙන්ද්‍රන් මහතාටද ලබා දී ඇතැයි ජනාධිපති නීතීඥ කාලංග ඉන්ද්‍රතිස්ස මහතා කීය.

එම ඉල්ලීම කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසම අමතමින් පැවසුවේ ලෝකයේ කිසිදු නඩු වාර්තාවක හෝ කිසිඳු ප‍්‍රඥප්තියකට අනුව තොරතුරු ලබා ගන්නා අවස්ථාවේදී එහි හිමිකරුට එම ස්ථානයේ සිටීමට ඉඩ ලබා දී නැතැයි කීය.

ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් කොමිසම මේ සම්බන්ධයෙන් තීන්දුවක් ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

 



අදහස් (3)

‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘

Nuwan Friday, 04 August 2017 12:37 PM

ඕවා නිකන් එකතු කරගත්තට වැඩක් නැහැ. සේරම ෆෝමැට් කරලා රිඉන්ස්ටෝල් කරලා ද බලන්න.

:       17       105

asaSaturday, 05 August 2017 04:39 AM

ඔබ හිතනවාට වඩා තාක්ෂණය දියුණුයි.

:       2       0

NuwanSaturday, 05 August 2017 09:26 AM

එහෙමනම් ඇයි ඇපල් පාස්වර්ඩ් එක ගන්න සිංගප්පූරු යනවා කිව්වම උසාවිය පිළිගන්නේ... සහෝදරයා තාක්ෂණය දියුණු වුණාට මේ ලංකාවේ හැමදේම නොපිට යන්නේ ලොකු ලොක්කන්ගේ ගැලවීමට, දත්ත රිකවර් කිරීම ගැන මම නොදන්නවා නොවේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site