(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා යෝජනා කර ඇත.
මහාචාර්ය ළමාබදුසූරිය මහතා සයිටම් හිතවාදියකු වන හෙයින් ඔහුගේ පත් කිරීමට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා තිබේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගෙන් පසු ඇතිවූ පුරප්පාඩුවට මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, වෛද්‍ය පාලිත අබේකෝන්, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගේ නම් ද මීට පෙර යෝජනා වුවද ඔවුහු තනතුර බාරගැනීමට අකමැත්ත පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ගේ සභාපතිට වෛද්‍යවරුන්ව පත්කරගන්න ඉඩ දෙන්න.රජය මොකට මේකට ඇඟිි ගහනවද? නැත්නම් ඕක මුල්කරගෙන පාරවල් වහගෙන පිස්සු නටන්න පටන්ගනිවි...
සභාපති පත්කිරීමේ බලය වෘත්තීය සමිතියකට දෙන්නද කියන්නේ? අරුම පුදුම රටක් තමයි මේක.
සයිටම් එක අයිති නෙවිල් මහතාවම පත්කෙරුවා නම් වඩා හොඳයි. ඕනෑම නම් රාජිත මැතිතුමාට හරි, එතුමාගේ බිරිඳට හරි වුණත් පත්වීම ලබාගත්තට කමක් නැහැ.
ළමයින්ගෙනුත් බදු ගන්නවා නම් ඉතාම නරක කෙනෙක් වෙන්න ඇති... !!!
ඇතැම් විශේෂඥ මහාචාර්යවරු ගැන කතා කරලා වැඩක් නෑ. ළමයෙක්ට අමාරුවෙලා ගෙනිච්චත් එයාගේ වෙලාව ඉවර නම් එයා යනවා.
හොඳ කෙනෙක් හොයාගන්න බැරිද ඔය වැඩේට... ?
මා සිතන හැටියට, වෛද්‍ය සභාවේ සියලු සාමාජිකයින්, ජී.එම්.ඕ.ඒ. එකෙත් සාමාජිකයින්මයි. එමනිසා, වෛද්‍ය සභාව ස්වාධීන සංගමයක් නොවන අතර, බොහෝවිට එය ක්‍රියා කරන්නේ ජී.එම්.ඕ.ඒ එකේ බෙර පදයටයි. සයිටම් ප්‍රශ්නය මේ තරම් කල් නොවිසඳී තිබෙන්නේත් මේ කරුණ නිසයි.
ඔය ජී.එම්.ඕ.ඒ එකේ අයටත් ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් පටන් ගන්න ඉඩ දෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැනේ... දැන් ඔය ගුරුවරු ප්‍රයිවෙට් පාසල්වලට විරුද්ධ නැහැනේ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද වැටී තිබෙන පහත් තත්වය කොතරම්ද කියනවා නම් දොස්තර කියන වචනේ අහන්නත් දැන් මිනිසුන් අකමැතියි.
ඡන්දයෙන් ආණ්ඩු පත් කරන්නේ කුමටද? වෛද්‍යවරු කියන විදියට වැඩ කරන්න නම්... මැතිවරණ දෙපාර්තමේන්තුව විසුරුවලා වෛද්‍යවරු කියන විදියටම කරමු.
ආණ්ඩුව ගෙදර යවලා වෘත්තීය සමිති වලට රට බාරදෙමු.
ඔහොම යනකොට සෞඛ්‍ය ඇමතිව පත්කරන්නත් මේ ගොල්ලන්ගෙන් අහන්න වෙයිද දන්නේ නෑ...
කවුරු ආවත් කමල් නැහැ. සයිටම් ආයතනය තුල අඩුපාඩු තිබෙනවා නම්, එය ප්‍රමිතිගත කොට තවත් එවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට හා දැනට වෛද්‍ය සභාව පිළිගෙන ඇති කොතලාවල වෛද්‍ය පීඨයෙන් සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික සිසුන්ටත් වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ දෙන්න. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමතකොට ඇති පිටරට වෛද්‍ය විද්‍යාල නැවත නියාමනය කරන්න. පෞද්ගලික රෝහලද නිසි නියාමනයකට ලක් කරන්න.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පත්කරමු.. එයා ආණ්ඩුවේ කෙනෙක් නේ...
මේ වගේ සෞඛ්‍ය ඇමැති කෙනෙක් වුණාම රටට මෙහෙම කලක් යනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහත්තුරුනි, නිවැරැදි කෙනෙක් ඔය තනතුරට පත් කර ගන්න. අද වන විට සෞඛ්‍ය ඇමතිකමත් නරියෙකුට කුකුල්ලු බාර දුන්නා වගේ වෙලයි තියෙන්නේ. නමුත් ඒ දේ වෛද්‍ය සභාවට නම් වෙන්නෙ ඉඩ තියන්න එපා. කොච්චර කෑ ගැහුවත්, කොච්චර අනුවණ කතා කිව්වත් කමක් නැහැ. ඒ කවුරුවත් මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන්න හැකියාව තිබියදීත් ඒ අධ්‍යාපනය ලබා නොගත්තාට ඔයගොල්ලො පළි නැහැනේ. හිතන්න බුද්ධියක් නැති වුණත්, අනුවණ කතා කියන්න නම් උපන් හැකියාවක් තියෙන අය මේ රටේ සිටීම මේ රටේ ලොකුම අවාසනාවක්.... නොනවතින වැඩ වර්ජනයකට හරි ගිහිල්ලා මේ සයිටම් එක වහලා දාන්න. මේ නිසා තමයි මේ සේරම ප්‍රශ්න. ඔබලාගේ ඕනෑම තීරණයකට අපිත් ඉන්නවා ඔයගොල්ලොත් එක්ක.
දැන් ඕකටත් ස්ට්‍රයික් එකක් කරයි.. මේ ගොල්ලන්ටත් තෙල් සංස්ථාවට දුන්න බෙහෙතම දෙන්න.
ජනාධිපතිකමට දොස්තර කෙනෙක්වත් පත් කරන්න වෙයිද?
වර්තමානයේ ගොඩක් වෛද්‍යවරු ඉතාමත්ම ආත්මාර්ථකාමීයි. ඔවුන් හිතාගන ඉන්නේ රෝගීන් හරියට රබර් ගස් වගේ කියලයි. රබර් ගහ කපල රබර් කිරි ගන්නව වගේ රෝගියා නිරෝගී නොකොට දිගටම සල්ලි උපයන එක තමයි 80% ක් දොස්තරලාගේ පරමාර්ථය. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම, ගැස්ට්‍රයිටිස්, මිග්රෙන් වැනි කල්පවත්නා රෝග සමහර නිරෝගී මිනිසුන්ට ඇතිබවට ඔවුන් බියවද්දා දිගටම අනවශ්‍ය ප්‍රතිකාර නියමකොට මුදල් ගැරීම සමහර වෛද්‍යවරුන් කරන අපරාධකාරී ව්‍යාපාරයකි.
වෛද්‍ය සංගමයයි, විශ්වවිද්‍යාල කට්ටියයි, ජ.වි.පෙ.යි එ්කාබද්ධයයි නිසා අපට නිදහසේ පාරක යන්නවත්, ලෙඩට බේත් ටිකක් ගන්නවත් නිදහසක් නැහැ.
බොරුවට පාරවල් ගානේ රස්තියාදු වෙන්න ගිහිල්ල ඔය සංවිධානය අද අවලංගු කාසියක තත්වයට වැටිලා , ඉස්සර ඔය සමිතිය වර්ජනයක් කරනවා කියල පොඩි තර්ජනයක් දැම්මොත් ආණ්ඩුවත් සලිත වෙලා ජනතාව බිය වෙනවා , නමුත් දැන් මේකේ වර්ජන සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා , ජනතාව විකල්ප හොයාගෙන , රජයත් ඔහේ ගණනකට ගන්නේ නැතුව ඉන්නවා ,
ඔය සංවිධානය මුදලට වහල්වුණු සංවිධානයක්...රජයේ රෝහල් වල වර්ජනය කරමින් දුප්පත් මනුස්සයා අමාරුවේ දමනවා. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පුද්ගලික රෝහල් වල ප්‍රතිකාර කරනවා. නැති බැරි මනුස්සයාට මරණය... ඇති හැකි මනුස්සයට නිරෝගී සුවය... !
මුදලට කෑදර කුහකයන්ගේ සංවිධානය අනාතවී අද පාරවල් ගානේ ඇවිදිනවා