(රංජන් කස්තුරි)
විදේශ ඇමැති රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම නායකයින්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර රවී කරුණානායක මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුෂණ චෝදනා වලට ලක් වූ විට ඉල්ලා අස්වීමේ සම්ප්‍රදාය දියුණු රටවල මෙන් අපිත් මෙතනින් පටන්ගමු. යුරෝපයේ නම් මෙවැනි චෝදනාවකට දේශපාලකයෙක් ලක්වූ විට උගත් රටවැසියන් ඔහුට නැවත ඡන්දෙ නොදෙන බව දන්නා නිසා ඉල්ලා අස්වීමට සිදුවනවා. ලංකාවේ නම් හොරුන්ට කතිර ගහන නුගතුන් බහුල නිසා කවුරුත් ඉල්ලා අස් වෙන්නේ නැහැ. කලින්ම ගෙදර යන්න වුන හොරුත් ජනෙල් පඩිය උඩ නැගලා හරි නැවත එන්න හදන්නේ මේ නිසයි.
බැදුම්කර ගනුදෙනුව වැනි රටේ ආර්ථිකයට බලපාන විශාල ගනුදෙනුවක් රවී කරුණානායක මහතාගේ තනි කැමැත්තකින් සිදුවූ දෙයක් බව පිළිගැනීමට අපහසුයි. මා සිතන්නේ ආණ්ඩු පක්ෂයේ තව බොහෝ දෙනාගේ අනුමැතියකින් තොරව මෙවැනි දෙයක් නොකළ හැකි අතර, එවැනි අයවලුන් ගැනත් සොයා බැලිය යුතු බවයි. අවාසනාවකට, ඒ අවස්ථාවේදී ඔහු මුදල් ඇමතිවරයාව සිටි බැවින් එහි වගකීම ඔහු සතු විය.
පුවත් නිදහස ලබාදෙන්න ලොකු වැඩ කොටසක් කරපු මිනිහෙක් අස්කරන්න බල කරන ගමන්ම පසුගිය කාලයේ හිටපු නීල හොරු ටිකටත් අස්වෙන්න බලපෑම් කලා නම් වැඩේ සාධාරනයි නේද ?
මොහු වංචා කරලා නම් වෙනම කතාවක් . මෙහි වරද කරගෙන තිබෙන්නේ ආණ්ඩුවයි . රන්ජන් නියමෙට කරගෙන ආපු අර හොරුටිකගේ පරීක්ෂණය රන්ජන්ගේ කටවහලා යහපාලනයේ කව්රුන් හෝ අතරමග නවතා දෙමුවා . දැන් එම හොරුන් එකතුවෙලා ආණ්ඩුවට ප්‍රහාර එල්ල කරනවා හිටු කියලා .මරුනේද යහපාලනය කරගත්ත විනාසය.
ඇටිකෙහෙල් කාපු උගුඩුවවගේ ඉන්න හැටි විතරක්. මම නම් ගඟේ පනිනවා නැත්නම් වතුරම බොනවා එතකොට පෙවිල මැරෙනවා නැත්නම් බීල මැරෙනවා.
මේ ආත්මේ දී තමන් කරන හොද හෝ නරක බුදු දහමට අනුව කාට කාටත් තමන් පසුපස ලුහු බදියි ... කල හොදකල කැරකෙ බබරේ වැල්ලේ... කල නරක එකල විශ්ණු දෙවියන්ටත් සොනසුරා බටකොළ කවුවාලු ...
මේවා කාට කාටත් හොද පාඩම් ... සමහර කට්ටිය බුදුවෙන්න පෙරුම් පුරනවා පවු ...!!!
රවිට විතරක් නොව අතීත අමතක වෙලා ද .? මහා ජනතාවට නම් මතකයි ..
ඉල්ලා අස්වෙන්න ඉස්සෙල්ල හොරා හාමු සල්ලි ටික ගන්න විදිහක් බලන්න ඕන. දැනට හොර කල තියෙන සල්ලි ටික තිබුනන්නම් මොඉනිහට පාරම්පර 7 කට ඇති.
හරි නම් මෙයට කලින් තව අය ඉල්ලා අස්විය යුතුයි.
අපොයි ඔව්, යෝජනාව විවාදෙට ගත්තොත් අනික් ලොක්කන්ගේ කෙරුවාවල් එලියට ඇදෙනවා. මඩ එහාට මෙහාට යනකොට හිටපු ලොක්කන්ගේ කෙරුවාවලුත් මතුවෙනවා. ඒ හින්ද කවුරුත් එකමුතු වෙලා මුන්නහෙව ඉල්ලා අස්කෙරෙව්වනම් පව් කාරයට ගල් ගහල වැඩේ ඉවරයක් කරන්න පුළුවන්.
ඇලෝසියස් කියන්නේ නාමල්ගේ යාළුවා නේද? ඇයි රවිට අයින් වෙන්න කියන්නේ. යහපාලන රජයෙන් නාමල්ගේ යාලුවෝ මර්දනය කරනවා වගේ මට නම් පෙන්නේ.
රවී කරුණානායකට ඔය තනතුරු දීපු මුලින් ඔහුව ආරක්ෂා කරපු අයම දැන් ඔහුව නීතියෙන්විත්තිකරුවෙක් වෙන්න කලින් දඬුවම් දෙන්න හදන්නේ තමන්ගේ කෙරුවාවල් වහගන්නද කියලයි හිතෙන්නේ.
අගමැතිතුමා රවී ආරක්ෂා කරනවා. අස්වීම අපේ දේසපාලන සංස්කෘතියේ නැති දෙයක්. බලය අත්හරින එක ලේසි දෙයක්නොවේ. විශ්වාසභංගයෙන් පිළිතුරු දෙන්න.
කරෝල කෑවනම් ජාඩි විදවපන් සකෝ කියල කතාවක් තියනවනේ
රවී අස්වන එක රටට සැපකි. නමුත් පුදුමයට හේතුව මෙයට අදාල තොරතුරු සෙවීමේදී පුද්ගලයන් දැක්වූ උනන්දුව පිළිබදය. සීග්‍රයෙන් තොරතුරු සොයාගැනීමය. ප්‍රකෝටි ගණනින් රටම විකුණා එම මුදල් කොල්ලකා විදේශ පුරවැසිභාවය ලබාගෙන,ගමන් බලපත්‍ර වංචාකරන,මත්ද්‍රව්‍යවලට සම්බන්ධරට අවුල් කරන අයට දඩුවම් දීම මන්දගාමිය. අපේ රටේ නායකයා කවුද ය දේ පැහැදිලි සිතින් සිතමු.
ඉල්ලා අස්වෙන්ඩ පින්සෙන්ඩු වෙන්න ඕනැද
රවී වැරදි බබව ඔප්ප වෙලා.ඉවරයෝ. අයි පරණ හ්හොහොරුන්ටත් දඬුවම් නොදෙන්නේ.
අපේ මව් රට දුෂණය කරන මෙවන් නායකයන් බිහිකරන අපිත් මේ දුෂණ වලට වගකිව යුතුයි .මේ ගොල්ලන් ගියාට නැවතත් කැරකිලා එනවා අපේ මෝඩ මිනිස්සු ඉන්නකල්
දකුණු ආසියාවේ හොදම මුදල් ඇමති වෙලා ඉන්නැද්දී දැනගස්සු ආර්ථිකය හරි ගැස්සු මේ මහත්තයා මුදල් අමත්යන්ශ්යෙන් අස්කරලා, දඩුවම් දීල ඉවරයිනේ .
දකුණු ආසියාවේ හොදම මුදල් ඇමති වෙලා ඉන්නැද්දී දැනගස්සු ආර්ථිකය හරි ගැස්සු මේ මහත්තයා මුදල් අමත්යන්ශ්යෙන් අස්කරලා, දඩුවම් දීල ඉවරයිනේ .
මෙයා තවම ගියේ නැද්ද. නම්බුව පිටින් යන එක හොද නැද්ද..
රවීට එහෙම ඉල්ලා අස්වෙන්න දෙන්න පුලුවන්ද ! තාම විදේශ අැමතිකමෙන් හරිහමන් වින කෙටීමක් රටට කරන්න බැරි වුනානේ. බහුතර ජන කැමැත්තෙන් බලයට ගෙනා අති උතුම් ජානාදිපති උතුමානන්ගේ අභිලාෂයනට එරෙහිවීම වරදකි.
කතුරට අහු වෙලා ඇත්තේ එක මීයයි. පක්ෂේත් විපක්ෂේත් තව මීයන් සීයයි. ඔක්කොම එකතුවෙලා කන්නේ එක ලීයයි. එය මැද ඉන්න අපි නම් දැන් මරනීයයි.
එතකොට ඇමති කමින් විතරක් ඉල්ලා අස් උනාම ඔක්කොම හරිද ? දුෂණ චෝදනා වලට මොකද කරන්නේ ?
අපි UNP එකට චන්දය දුන්නේ ව්‍යාපාරය කරන අපට හොද පරිසරයක් හදලා දේය කියලා. නමුත් මෙයා අපේ ව්‍යාපාරය නන්නත්තාර කරා. හැමොගේම ප්‍රාර්ථනය මෙයා දේශපාලනෙන් චුත විය යුතු බවය.
රාජපක්ෂ කාලයේ වංචාවට හොරුන්ට ආරක්ෂාව බලනු යහපාලනය කොහොමදැකිය
අලියාගේ නම්බුව රක ගැනීමට නම් රවී දේශපාලනයෙන් අයින් විය යුතුයි.
රවීට ඉල්ලා අස්වෙන්න කියමුකෝ .... රවී ඉල්ලා අසුනයි කියමුකෝ .... එතකොට ඩිල්දාස නිලකාස හොරුන්ට මොකද කරන්නේ ? අද රටේ මිනිස්සු මෝඩනැ o / L වත් පාස් නැති දේශපාලකයන් හිතන් ඇති හැමදාම රටේ මිනිස්සු ගොනාට අන්දනඩ....
කොහොමත් මෙය ඉන්න පක්ෂයට රටක් සංවර්දනය කරන්න බැරි බව මේවෙනකොට හොදටම තේරුම් ගිහිල්ල තියෙන්නේ .
කොහොමත් මෙය ඉන්න පක්ෂයට රටක් සංවර්දනය කරන්න බැරි බව මේවෙනකොට හොදටම තේරුම් ගිහිල්ල තියෙන්නේ .
රවීගේ ජංජාලේ ගැන වැඩිපුරම අහන මේකාලේ මට හිතෙනවා මම මැරිලා ඉපදුනාවත් ද කියාලා. මේ වගේ අවංක පිරිසුදු දේශපාලන නායකයින් මොන රටේද මෙතෙක් හිටියේ කියල හිතෙනවා. මේ වගේ අවංක හොරකම් නොකරන දේශපාලකයින් ඉන්න රටකද මම ඉපදිලා ඉන්නේ කියාලත් හිතෙනවා!
යහපාලනට අප පෙන්වමු .යට නොගසා හෝරාව අල්ල ගැනීම ගැන. ඇයි පරණ හොරුන්ට නිදැල්ලේ යට දී තිබෙන්නේ. සියලුම හොරුන්ට මී අවුරුද්දද අවසාන පෙර අ දඬුවම් දෙමු. රවිට විරුද්දව නඩු පවරමු.