අජන්ත කුමාර අගලකඩ
තමාට අවශ්‍ය නම් හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හැදිය හැකි බවත්, එහෙත් කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ රැස්වූ අතර එම අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ කීවේය.
කලින් පැවති ආණ්ඩුවෙන් තමා එළියට ආවේ එය අපිරිසිදු ආණ්ඩුවක් නිසා යැයි කී ජනාධිපතිවරයා දැන් සිටින තැන ද අපිරිසිදු නම් තමාට එතැනද සිටිය නොහැකි යැයි කීවේය.
තමා අලුතින් ආණ්ඩුවක් හදන්නේ නම් හදන්නේ පිරිසිදු ආණ්ඩුවක් මිස අපිරිසිදු ආණ්ඩුවක් නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ලගින්ම තියන් ඉන්නේ පිරිසිදු අය කියලද හිතන් ඉන්නේ?. ගිය ආණ්ඩුවේ හොරු බහුතරයක් ඔබ ලග දැන් ඉන්නේ.
ඉතින් දැන් ආණ්ඩුව අපිරිසිදුයිනේ.
පිරිසිදු ආණ්ඩුවක් පිරිසිදු මිනිස්සුත් සමග ගොඩනගන්න...
හිතාගෙන ඉන්නේ දැන් තියෙන්නේ සුපිරිසිදු එකක් කියලද?
නාන්නේ නැති අය තමයි දෙපැත්තේම ඉන්නේ.. ඉතින් ඔහේ මක්කැයි කොරන්නේ? සැන්ට් පවුඩර් නොදැම්මට ජේ වී පී අය දිනපතා නාලා පිරිසිදුවෙලා ඉන්නේ... එහෙමවත් ආණ්ඩුවක් කරල බලන්න එපෑයෑ.. දෙකෙන් එකක් වෙන්න.
මොන දුෂ්කරතා තිබුණත් රටක් වශයෙන් පිරිහුණු අරාජිකත්වයක් මීට පෙර කවරදාවක වත් තිබුණාද? ඉඟුරු දී මිරිස් ගත්ත රට වැසි ඔබට ඉතින් අබසරණයි.!
මේකේ ප්‍රතිචාර දාන මිනිස්සුන්ට විකාර හැදිලා... තවම එතුමා පත්තරය කියවලා නැහැනේ.. හොරු ටික එතුමා ගාවද කියලා දැනගන්න.
මිස්ටර් ක්ලීන්ලා කොච්චර හිටියද? අමුඩේ ගහගෙන දැඟලුවත් එහෙම තමයි!!
පොර කතානේ දෙන්නේ. ජනාධිපති කෙනෙක් වුණාම පක්ෂ බදාගත්තම ස්වාධීනව තීරණ ගන්නේ කොහොමද ? ස්වාධීනව ඉඳගන හරි තීරණ අරගෙන රටේ අනාගතය හදන්න එපා. දැන් ඉතින් රටේ ජනතාවට වගකියන්න ඕනේ. බයේ ඉඳල හරියන්නේ නැහැ.
චන්දෙ තියන්න මිනිස්සු පෙන්නාවි . 20/20 ඔබට එජාප සහය නැතිව දිනන්න බැ. ඉතින් විපක්සෙ ඉන්න අයට ඇමති කම් දීල පිරිසිදු පාලනයක් කරමු!
ආණ්ඩුවේ අපිරිසිදු කම ගැන තව සාක්ෂි අවශ්‍යද?
ඔබතුමා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව පිරිසිදු එකක් කියලද?
ඉස්සා කියාපු කතාව මතක් උනා
පිරිසිඳු අපිරිසිඳු අදුරන්නේ නැති එක තම වැරැද්ද
දැන් කාත් එක්කද ඔබ තුමා ආණ්ඩුවක් හදන්නේ.... රතු අයත් එක්ක ද...?
ඔබ හරි . නමුත් එක ලෙසි නැත ..
අනේ යන්න.. කටින් බතල හිටවන්නේ නැතුව..
මේ ආණ්ඩුවත් හොඳටම අපිරිසිදුයි.
මෙතුමා දන්නවා පට්ට හොරා ඇම දාල බලාගෙන ඉන්නවා කියල ,ඔබතුමාට පිරිසුදු ආණ්ඩුවක් අවශ්‍ය නම් සුසිල්, ,අනුරයපා, ජෝන්, ඩිලාන්, අරුන්දක, පළවා හරින්න
දේශ හිත්‍යශී පිරිසිදු ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඔබ තුමාට අවශ්‍ය සක්තිය දහිර්ය ලැබේවා..........
සිහි විකල් වුනු අයත් මේ විධියට දොඩවනවා කිසිම අර්ථයක් නැතුව
මේ කපේ තියෙන කල් නම් ඕක සිහිනයක්ම තමයි
හීනමානෙන් පෙලෙන අය මෙවන් තේරුමක් නැති අදහස් ප්‍රකාශ කරති.
ෂා හරිෂෝක් හිනයක් බලබල ඉන්ට. මොකද මේ කපේදි ඉටු කර ගන්න බැනේ... හැම කෙනාගෙම කිල්ලෝටරවල හුණු පිරිලා.
ෂා නියම හිනෙ දැක දැක ඉන්ට පුල්වන්.ඒත් ඉටු කර ගන්නව බොරු.මොකද ඔය කාගෙ කාගෙත් කිල්හොටවල හුනු ටික ටිකවත් තියෙන බව අපි දන්නව. මොකද අපි මැරිල ඉපදුන උන් නෙවෙයිනේ.
මේ මහත්මයා මොනවා කියවනවද මන්ද?? දැන් පත්තරේවත් කියවන්නේ නැහැ වගේ!!!!!
පළමුව පරාජිත පුද්ගලයින්ගේ ඇමත්ධුර ඉවත්කරන්න. දුෂිත පුද්ගලයින්ට එරෙහිව අවංකව පියවර ගන්න.
මෙයාට සහ පාක්ෂිකයන්ට වැරදුන තැන තමයි මේ. මෙයා හිතන්නේ එක්සත් ජාතික පක්සේ ඉන්නේ පිරිසුදු අය කියල සහ ජනතාව අපිරිසිදු නිසා එලවපු අයට ඇමතිකම් දීල ලංකර ගත්තම ඒ අය පිරිසුදු වෙයි කියලද, තවත් බොරු කියල පක්ෂිකයන්ව රවට්ටන්න එපා
"දැන් සිටින තැනද අපිරිසිදු නම්" ......අනේ බබා! තාම කිසිමදෙයක් දන්නෙම නැහැ !!
ඒස්. බී. දිසානායකලා වගේ ඡන්දෙන් ගෙදර යවපු අයත් අාපහු ගත්තේ පිරිසිදු නිසා වෙන්න අැති.
කලින් ආණ්ඩුවට විවිධ චෝදනා අවසන් අවුරුදු 2 තිබුණට, තවමත් ඒ ප්‍රධාන චෝදනා කිසිවක් ඔප්පු වී නොමැත. ඒ ආණ්ඩුවේ කරපු යෝධ වැඩ කොටස නම් පෙනෙන්න තියෙනවා. මේ ආණ්ඩුවේ කරපු කිසිම වැඩක් අපිට පෙනෙන්න නැහැ. ඒ වුණත් මේ ටිකට ගත්තු ණයමුදල පසුගිය රජයේ අවුරුදු 10 ට ගත් ණයමුදලටත් වැඩියි. අනෙක මේ දවස්වල කොමිසම ඉදිරියේ අපුරුවට දිගහැරෙනවා. මේ රජයේ ලොකුම හොරකම් වලින් එකක්.. මේවා දැක දැක තමුන්නාන්සේ කොහොමද ඔය කතාව කියන්නේ ?
පට්ටම ලැබු ගමන් මල්ලිව සංස්ථා සභාපති කරපු අයත් හිතන්නේ තමන් පිරිසුදුයි කියලා.. මල්ලිට ඒ සංස්ථාව ගැන විශේෂ දැනුමක්වත් පලපුරුද්දකුත් නැත. යාළුවාට රට වනසන්න දීපු අයත් හිතන්නේ තමන් පිරිසුදුයි කියලා. හැබැයි කිව්වේ ඔක්කොම සුද්ද කරන්න ආවේ කියලා. ඉතින් උඩ ඉන්න දෙන්නා එහෙම වුනාම යටින් ඉන්න අය මැටි වැඩ කරන එක අහන්නත් දෙයක්ද?
අනේ අපොයි... ටික කලක් ඉන්න පුළුවන්...
පරණ ආණ්ඩුවේත්, අලුත් ආණ්ඩුවේත් දුෂිත දේශපාලකයින් සියල්ල ඉවත් කරලා රට හදන්න පුළුවන්, උගත්, බුද්ධිමත්, නීති ගරුක පිරිසක් එක්කරගෙන අලුත් ආණ්ඩුවක් හදන්න. කවදත් බුද්ධිමත් ජනතාව ඉල්ලන්නේ මෙන්න මේ දේ. කවදත් ඔවුන්ට අහිමි වුණෙත් මෙන්න මේ දේ.
Sir ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ රාජිත/SB /රවී /මංගල/රනිල්/කිරිඇල්ල සහ මලික් සමරවික්‍රමල අයින් කරන්න. එතකොට ඔයාගේ රජය ඉබේම පිරිසිදු වෙයි.
ගරු ජනදිපති තුමනි ,ජනතාවට වගේම රටට වැඩක් නැති අපේක්ෂකයින් මහා මැතිවරණයෙන් පැරදුනා ,ඔවුන්ව දේශපාලනයෙන් අයින් කරා. එත් ඒගොල්ලන්ට නැවතත් ඇමතිකම් ප්‍රධානය කලාම පිරිසුදුබවක් තියෙනවද ? අපිටනම් පෙන්නේ අපිරිසිදුයි කියලා විතරයි. පිරිසිදු ආණ්ඩුවක් ගොඩ නගන්න පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල් සිටින උගත් බුද්දිමත් ජනතා නියෝජිතයන් තෝරාගෙන ඔවුනට ඇමතිකම් ලබාදී අලුත් ඇමති මණ්ඩලයක් ගොඩනගන්න , රටට හිතකර මිනිසුන්න්ට බලය දෙන්න ,එවිට අපි හැමෝම ඔබතුමාට සහයෝගය ලබා දෙනවා.
මේ ආණ්ඩුව අපිරිසිදු කලේ ඔබතුමාමයි. මහමැතිවරණයෙන් කුජිත විධිහට පැරදුනු ජනතාව ප්‍රතික්ෂේප කරපු කම්බ හොරු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනත් තව මගොඩියන් රන්චුවලට වරදාන වරප්‍රසාද දීල ළඟ තියාගෙන ඔබතුමා කොහොමද පිරිසිදු ආණ්ඩුවක් හදනවා තියා හිතන්නෙවත්. මොනවා වුනත් එක්කෙනක් දෙන්නෙක් ඇරුනහම එජාපයෙන් පත්වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරු සාපේක්ෂව යම් තරමකට හොඳයි. හොඳම දේ තමා. ඔය ළඟ තියාගන ඉන්න හොරුටික එලවල දාල බදාගෙන ඉන්න පක්ෂ තනතුර වලිනුත් අයින් වෙලා එජාපෙට ආණ්ඩුවක් හදන්න උදව් කරලා ඉතුරු ධුර කාලය නම්බුකාර විධිහට ගත කරන එක.
මේ තරම් විහිළු කාරයෙක් අපෝ ...කරන්න පුළුවන් දේවල් විතරඉ මිනිස්සු කියන්නන ඕන
දීල්දාස , කැප්ටන් කුල්, පාමංකඩ, ඩිලාන්, වගේ පට්ට ඩීල් කාරයෝ ටික එලවල දාන්න
ඔබේ ඔය වචන වලට මහජනතාව රැවටෙන්නේ නැත. රට විනාස කරාට ඔබට දෙවියන් සාප කරාවි.නැවත ඔබ මී රටේ නුඋපදීවා
මෙයා කයිවාරු ගහ ගහ ඉන්නවා, අරයා විකුණන වැඩේ කරගෙන යනවා
මහබැංකු කොල්ලයෙන් වන විනාශයට වඩා පිරිසිදුයි.
මේ වගේ බැණුම් අහපු ජනාධිපතිවරයෙක් ලංකාවේ ඉඳලම නැහැ. පැරදුණු හොරු ටිකත් අරන් තමයි ආණ්ඩුව හදලා තියෙන්නේ...
කා සමගද ? රාජිත, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සචින් වාස්, එස්.බී. මහත්වරු.... සමගද? මේ අය ඉතින් පෙරාපු රත්තරන් වගේනේ නේද?
ඡන්දය දිනපු ගමන් ටෙලිකොම් සභාපතිව පත්කරපු එකත් පිරිසිදුවටද කරේ. මෙතන තව කෙනෙක් ඉස්සෙක් ගැන කියලා තියෙන දේ තමුන්ටත් අදාලයි නේද?
තම පක්ෂය පාවාදීලා බල තණ්හාව ගැන හිතපු ඔබ අපිරිසිදු පාලකයෙකි.
දැන් ඔබතුමා පිරිසිදුද?
ප්‍රතිඩාර බලපුවහම තේරෙනවා බොරුවේ තරම...
අවුරුදු 40ක් විතර ලාංකික දේශපාලනයේ අත්දැකීම අමතක කරලයි ඔය වගේ "සූකිරි" කතාවක් කරලා තියෙන්නේ..? ආණ්ඩුවක් හදන්න අවශ්‍ය බහුතරය ඔය කියන විදිහේ දුෂණවලට හෝ කිසියම් වැරැද්දකට හෝ වැරදිවලට අනුබල නොදුන් කෙනෙක් අද විතරක් නෙමෙයි අද වෙනකන් පාර්ලිමේන්තුව නියෝජනය කරපු අඩු තරමින් දහදෙනෙක් හෝ හොයාගන්න බැරිබව දැන දැනත් ඔය වගේ ජනතාවට ටොපි කවන්න හදන හේතුවත් ඔය එක්කම කිව්වා නම් තමයි හොඳ. අපි දන්නවා ඔබතුමාගේ දෑත් පිරිසිදුයි කියලා. ඒත්, ලංකාවට නිදහස ලැබුණු දා ඉඳන්, අද වෙනකම් අපි ලබපු දියුණුවක් තියේද..? එක දෙයක් නම් වුනා. ඒ, සුද්දගේ අතේ තිබුණු රට දේශපාලුවන්ගේ අතට මාරුවුනු එක විතරයි. සුද්දත් රට සුද්ද කරා. මේ අයත් ඊට දෙවැනි නැහැ.
මේවා නම් විකාර තමයි
ඉතින් දැන් යන්නනේ තියෙන්නේ කරුණාකරලා යන්නකෝ ජනපතිතුමනි...
ඉතින් යනඑකනේ තියෙන්නේ මහත්තයෝ... තවත් වද නොදී...
කුණුගොඩේ ඉන්න පණුවා සිතන්නේ ඌ ඉන්නේ පරාදීසයක කියලා... ඌ අනික් අයට කියන්නේ අනික් එවුන් ඉන්නේ අශුචි වලක කියායි. වෙනස මේකයි.
මේ ආණ්ඩුවේ ඉන්නේ නම් ලොකුම හොරු සෙට් එක තමයි. ඒගොල්ලොත් මේ ගොල්ලත් හොරු. අපිව තමයි අනාථ වෙන්නේ...
ජනාධිපතිතුමනි, ඔය ඉන්න හොරු ටික එලවල එළිපිට ඒ ගොල්ලන්ට දඬුවම් දුන්නොත් පාවෙන ඡන්ද ටික ඔක්කොම ඔබතුමාට හම්බ වෙනවා. දෙයියන්ගේ නාමෙන් ජනතාවට හොර බොරු කියන, රට විනාස කරන, රජය අප්‍රසාදයට පත් කරන අයව යවන්න. ඔබතුමාට පුළුවන් අලුත් රජයක් හදන්න. මගේ පාවෙන ඡන්දෙත් ඔබතුමාට එහෙම කළොත්....
පිරිසිදු ආණ්ඩුවක්, රටක් හදන්න දීලා දැන් ඇනගෙන ඉන්නේ. ඇති ඇති කයිවාරු...
මෙයාගේ ලොකු කතා විතරයි වැඩ නෑ. අනේ අපේ රටට අාදරය කරන නායකයෝ නැද්ද?
ලංකාවේ ලොකුම හොරකම මොකක්ද කියල ඇහුවොත් පොඩි ළමයෙක් වුණත් දන්නවා.. දන්නේ නැත්තේ නූපන් දරුවන් විතරයි.. එහෙම හොරුත් එක්ක ආණ්ඩු කරන ගමන් ඔහේ කටට එන දෙයක් කියවනවා. මේ කරපු විනාශයට නම් සාප වෙනවම තමයි.
ජනාධිපතිතුමා හොඳ පුද්ගලයෙක්... ඔහු පැටළුණේ වැරදි මිනිස්සුත් එක්කයි.. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යමක් කළා.
ඒක හරියටම හරි. මොකද අන්ධයාට වටපිට පරිසරය පිරිසිදුද, අපිරිසිදුද, සුදුද, කළුද නොතේරෙන එක.
ජනාධිපතිතුමාට කියවන්න පුළුවන් වික්ටර් අයිවන් මහතාගේ කඳුළු නැති නායකයාගේ දේශය කියන ජූලි 30 වැනිදා රාවය පුවත්පතේ ලිපියත්...
රවී කරුණානායක, තිලංග සුමතිපාල, එස් බි දිසානායක, අනුර යාපා, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලන්සා, නිමල් සිරිපාල, එල පවුසි, රවුෆ් හකීම්, ජෝන් අමරතුංග, රිෂාඩ් බදුර්දීන්, රන්ජිත් සියබලපිටිය සහ මෙකි නොකී අය ඉන්න ආණ්ඩුව පිරිසිදු වෙන්නේ කොහොමද හලෝ? ඔහෙට වැරදිලා. තව අඩු දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා විතරයි. උන් දෙන්නවත් අරගෙන හදනවා අපිරිසුදුම ආණ්ඩුව.
කටින් බතල හිටවන කතාව මතක් වෙනවා...... ඔබතුමා ගැන දුකයි..... වටේ ඉන්න අය ඔබතුමාව මඩවනවා ......
මෙයාගෙ කතා ලියලා දෙන්නේ අර චතුර හාදයාද මන්දා...
ඇඳුම විතරයි පිරිසිදු....
මෙතුමා නොකියා කියන්නේ වර්තමාන ආණ්ඩුවත් අපිරිසිදුයි කියලා..
බොරුවට දොඩවන්නේ නැතුව චන්දේ තියනවද.
අනේ මහත්තයෝ .... දැන් ඉතින් ඊලග ආණ්ඩුවට ගිහින් කියන්න එපා "කලින් ආණ්ඩුවේ කරපු දුෂිත වැඩ නිසා තමයි මම අයින් උනේ කියල හොදේ "... බලන් ගියාම ජනතාවනේ වගකියන්න ඕනි ඔක්කොටම ... හිටපු අයත් නෙවේ ඉන්න අයත් නෙවේ...
ආඩපාලි කියමින් හිටියට ප්‍රශ්නය විසදෙන්නේ නැහැ , අපිරිසිදු කිහිප දෙනෙකුට දඩුවම් දෙන්න පටන්ගත්තම සමහර විට අනිත් පුද්ගලයෝ එක පාඩමකට අරන් හැදේවි , අපි අලිබබා සහ හොරු හතලිහ ගෙදර යවල ඔබතුම පත්කර ගත්තේ හැමදාම ආඩපාලි අහ අහ ඉන්න නොවේ ,
මෑත අතිතයේ ඈතිවු වඩාත්ම අපිරිසිදු සහ අසාර්ථක ආණ්ඩුව මේක තමයි. හොරකම්, මහ වන්චාව, උප්පරවෑට්ටි මේ මොන කතාද? ඒවා පිරිසිදු කරන්න මොනවද කලේ. මේ ආණ්ඩුවේ ඉන්නේ නීල හොරු
කයිවාරු ගැහුවා ඇති. දැන් ඉතින් ජනතාවට වද නොදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා එජාපයටම යන්නකෝ.
ඔබතුමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මුලුමනින්ම නැති වී ගිහින් හම්බන්තොට විකිණීම ගැන ජනතාව සිටින්නේ මහත් වේදනාවෙන්.... ගරු ජනාධිපතිතුමනි අපට ඡන්දයක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි. නුදුරේදී ඔබ පත් කල ජනතාව පාරට බැසීමට සුදානම්ව ඇත.
මුලු සිස්ටම් එකම වෙනස් නොකර නීතිය එක හා සමානව ක්‍රියාත්මක නොකර පිරිසිදු පාලනයක් ලංකාවේ කිසි කෙනෙකුට කරන්න බැහැ.
ඡන්දේ හෙට තියන්නකෝ...!!! ජනතාව ආණ්ඩුව පිරිසිදු කරන හැටි බලන්න.
ඡන්දයක් තිබ්බොත් දවල් තරු පෙනේවි !!!
සිංගපූරුවේ ලී කුවන් යූ ගේ පොතේ තියෙන්නේ මෙච්චරයි. පළමුව- විනය, දෙවනුව- විනය, තෙවනුව- විනය. අපේ වගේ බොරුවට පපුවට ගහ ගහ පළමුව - මවුබිම, දෙවනුව - මවුබිම, තෙවනුව - මවුබිම කියල මෝඩ චූන් දෙන්නේ නැහැ.. එක තමයි සිංගපූරුව අද දියුණු.. එහෙ බෞද්ධාගමට මූලික තැන දීලත් නැහැ.. අනෙත් ආගම් වුනත් තියෙනවා නමුත් ආගමයි දේශපාලනයි රටේ පාලනයයි අපේ වගේ අච්චාරු කරගෙන නැහැ.