අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඉල්ලා අස්වුනාම ඔක්කොම හරියයි කියල හිතන්න එපා. හොරුන්ට දඬුවම් කරනකම් ජනතා පීඩනය ඔබ ඇතුළු ආණ්ඩුවට තදින්ම එල්ල වෙනවා.
නාට්‍යක ජවනිකාවක් නොවෙයි නේද?
මෙය හොඳ තීරණයක්. එලෙසම, මේ අවස්ථාවේදී මීට සම්බන්ධ තවත් අයවලුන් සිටීදැයි සොයා බැලිය යුතුයි. මේ සිද්දියේ තවත් අතුරු පලයක් නම්, දැන් බොහෝ දෙනාට "හම්බන්තොට වරාය විකිණීම" ගැන අමතක වී තිබීමයි.
ඔය මිනිස්සු අයින් කරලා හරියන්නේ නැ. අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕන.
ඉල්ලා අස් වෙන්නේ නැත්නම් අස් කරන්න.
අනේ මම දන්නේ නැ
ඉල්ලා අස්වීම ප්‍රශ්නයට පිළිතුරක් නෙමේ. බදු ගෙවන රටවැසියන්ද මේවට වන්දි ගෙවන්නේ නඩු අසා දඩුවම් දිය යුතුයි.
මෙන්න අපේ උපහාරය ජනාධිපතිතුමාට. බලතල පාවිච්චිකර රට හදන්න.
ජනාධිපතිට පුළුවන්නේ රවිව තනතුරෙන් පහ කරන්න , මේ වගේ වැඩක් යුරෝපේ උන නම් මෙලහකට රවී ඉන්නේ තනතුරේ නොවේ රිමාන්ඩ් හිරගෙදර , චිනේ හෝ සවුදියේ මෙලහකට මරණ දඩුවම දීලා .
අයින් වෙන්නම් ඉතින්. ඕකට ඔච්චර සද්දේ දන්නා ඕනය? මට ඇමෙරිකාවේ තානාපති කම දෙනවා නේද?
අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.
අපට තේරෙනවා ඔබ තුමාට උවමනා විදිහට රජය ගෙනියන්න බැරි බව. මොකද, එක පැත්තකින් රනිල්ට යටවෙලා ඉන්න ඕන එයාගේ උදව්වෙන් බලයට ආපු නිසා. අනික් පැත්තෙන් ඔබතුමාගේම පක්ෂයේ පිරිසක් කකුලෙන් අදිනවා කොයි වෙලාවේ හරි බිම දාන්න. පක්ෂයේ ඉතුරුවෙලා ඉන්න අය අතරෙත් දුශිතයෝ පිරිලා. පරණ කවියක් තියෙනවා 'මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය ' කියල. පුළුවන් නම් හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න, අර කියල තිබුන වගේ.
ඉල්ලා අස්වෙන්න කියන්නේ කාගේ නම්බුව රැකගන්නද ? ඔබතුමාගේ නම්බුව රැකගන්න නම් වැරදි කරන උදවියට ඉල්ලා අස්වෙන්න කියන්නේ නැතිව ඔවුන්ව අස් කරලා දඬුවම් කලයුතුයි .
එතුමා මෙතෙක් කියපු අනිත් දේවල් වගේ එකක්ද මේකත් ?
පරීක්ෂනයෙදී ඔප්පු වුනොත් මොහු වංචාවකට සම්බන්දයි කියලා නීතිය මගින් මොහු අත්අඩංගුවට ගත යුතුයි නේද .. එහෙම නැතිව ඉල්ලා අස්වී ගෙදර යන්න කියන එක එයට දඬුවමක් නොවෙයි නේද? දුබලයෙක් සුළු හොරකමක් කලොත් එය පරීක්ෂා කිරීමටත් පෙරම පැමිනිල්ල කල පමණින් ඔහුව කුදලාගෙන ගොසින් රිමාන්ඩ් කරනවා නේද .
සර් හරි සැරයි වගේ. ඊයේ පත්තරේ බැලුවද දන්නේ නැහැ .
මම හිතන්නේ මොන දහම් ගැටයක් හරි දාලා ආණ්ඩුව රවී ව බේරගනියි. කොච්චර උනත් මේ ලංකාවනේ. අනිත් රටවල් වල වෙන දේවල් ලංකාවේ වෙන්නේ නෑ. මොන හොර වැඩේ කලත් ඡන්දෙ දෙන කට්ටියක් අපේ රටේ ඉන්නවානේ.
ජනාධිපතිතුමනි ඉල්ලා අස්වෙන්නේ නැත්නම් නෙරපන්න, ජනතා සහය ඔබතුමාට .
එතකොට බැඳුම්කර හොරුන්ව කොහේද ඉඳල හොයාගෙන ඇවිත් මහ බැංකුවේ වාඩි කරවපු, හොරකම් කරන හැටි ගැන උපදෙස් දීපු මිස්ටර් ක්ලීන් මහතාට අස් වෙන්න කියන්න බෑ බෑ වගේද. ඕකට තමයි කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියල.
ලොටරයි මණ්ඩලය අරන් යන්ට දුන්නොත් අයින් වෙනවා කියයි ද දන්නේ නැහැ? ( ඒකට හා කියල අරන් යන්ට දෙයිද දන්නෙත් නැහැ )
අනේ සර් එයා අහිංසකයි.... මේ මුකුත්ම දන්නේ නැහැ.
ඉල්ලා අස්වෙලා පිරිසුදු වෙන්න හදන්න එපා. හොරුන්ට උදවු කළා නම් වංචාවට හිර බත් කා යුතුයි .හොරා කෑවා කියම්මුකෝ ,මේ වගේ ලජ්ජාවක් නැතිව හොරා කාල කොහොමද රටක් තියෙන්නේ.
වැඩේ නම් හොදයි, එත් පසුගිය කාලයේ කියපු කෙරුම් නම් බොහොමයක් සිද්ධ උනේ නැහැ.
චෝදනා එල්ල වෙලා තියෙනවා නම් සහ ඒවා ඔප්පු වෙලා තියෙනවා නම් අයින් වෙන එක ඇමති වරයා කල යුතුයි. ඒකට ජාධිපති කියන කම් ඉන්න ඕන නැහැ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති වන ඔබගේ රජයේ නිලධාරීන් මගේ සහ ශ්‍රී ලංකා පුරවැසියන්ගේ පොදු ( මහජන මුදල් ) මුදල් අවබාවිතකර ඇති බැවින් එම නිලධාරීන් ඔවුන්ගේ තනතුරුවලින් නෙරපීම ඔබගේ වගකීමකි. ඔවුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වීමට දැන්වීමට වඩා ඔබට පුරවැසියන් වන මා සහ අප විසින් ලබදී තිබෙන බලයෙන් ඔවුන්ව එම තනතුරුවලින් නෙරපීම වඩාත් වැදගත්වේ. නිලධාරියා රවීද බන්දුලද රනිල්ද මහින්දද මෛත්‍රිද ඇමැතිද මන්ත්‍රිරිද අපට වැදගත් නැත. එමෙන්ම පසුගිය රජයන්ගේද හිටපු නිධාරින්ද රටේ පුරවැසියන්ගේ මුදල් කොල්ලකා ඇතිබැවින් ඔවුටද නිසිදඩුවම් ලබාදීමට කටයුතු කරනමෙන් ඉල්ලා සිටිමි. තවද රටේ ජනාධිපති වන ඔබට සහ රටේ අගමැතිටත් මෙය වලංගු බවත් ලංකා මාතාවට ආදරයකරන ඇලුම් කරන පුරවැසියන් වන අප සදහන් කිරීමට කැමැත්තෙමු.
අපිත් එකගයි. රවී ඇමතිකමෙන් අස්විය යුතුයි. පෙර රජයේ වගේ නාටක එපා. යහපාලනය පෙන්වමු.
මේක අනුමත කරන්න බෑ. ජනාධිපතිතුමා මේ වෙලාවෙ උත්සාහ කලයුත්තේ රජය ආරක්ෂා කරන්න. මේ හැම දෙයක්ම රාජපක්ෂලාගෙ කුමන්ත්‍රණ. ඉස්සර වෙලා මේක උසාවියක අහන්න ඕන. රවී ඇමතිතුමා කිසිම චෝදනාවකට වැරදිකරු වෙලා නෑ. මේ නඩුවට කලින් රාජපක්ෂලාගේ නඩු විභාග කරන්න ඕන.
රවී ඉල්ලා ඇස උනා කියල ඔක්කොම බැරි බැරියාව සනීප වෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යූ. ඇන. පී එකේ ඉන්න අනික් පල් හොරු ටිකට දඬුවම් කිරීම අමතක කරන්න ඔබ තුමාට බැහැ. ලක්ෂ 62 ක පැතුම එකයි. මිනිස්සු ඔබ තුමාට චන්දෙ දුන්නේ එකට. එක අමතක කරන්න එපා සර්!
පස්සේ මතක නැති වෙයිද.
ඒ කියන්නේ එතකොට ජනතාවට බොරු කියපු හොරු ඉන්නේ යහපාලන ආණ්ඩුවේ ? දැන් ජනාදිපති තුමා ජන්දෙකට යන්න වගේ හදන්නේ.
අයින් උනාට පස්සේ වෙන තනතුරක් දෙයි
හොද තීරණයක් ... අගමැති පිලිබදවත් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
යහපාලන නාටකයේ එක ජවනිකාවක් පමණයි.
යහ පාලනය තවත් එක ප්‍රෝඩාවක් විතරයි.
චෝදනා ඔප්පු කරල හිටියනම් නේද හොඳ ??
ගරු ජනාධිපතිතුමනි විශේෂ අධිකරණයක් පිහිටුවා සියලුම හොරුන්ට මාස 6ක් ඇතුලත නඩු අසා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.
එතකොට මිග්, හෙජින්, CSN ,තාජුදීන්, තව තව බොහෝ මහාමාර්ග ගනුදෙනු... කොමිස් ගත්ත අයට දඩුවම් නැද්ද ?
අයින් කරලා විතරක් මදි . එයාලා හොරකන් කරපු සල්ලි ආණ්ඩුවට ගන්න ඕන .මිනිස්සු බලාගෙන ඉන්නේ ඒවා දිහා .
ආණ්ඩුව නාය යනවා කියලා දැනිලා තියෙන්නේ දැන්..
මේ වෙනකල් මෙයා කියපු කීයක් සිද්ධ වෙලා තියනවද? කිසිම දෙයක් නැහැ. මේකත් ඒ වගේම අපිව රවට්ටන්න කියන දෙයක්. අර මහබැංකුව හොරකම් කළ කෙනා තවම රැකගෙන ඉන්නේ යස අපූරුවට.
රවී අස් වෙන්නේ නැත්නම් ආණ්ඩුව විසුරුවලා දාන්න ජනාධිපතිට පුළුවන්...
ඔබතුමාට කට තියෙන්නේ රවිට විතරක් කියන්නද? ඇයි අනිත් හොරුන්ට කියන්න පණ නැද්ද? ඔබතුමාගේ වටේ ඉන්න අනිත් හොරුන්ටත් අයින් වෙන්න කියන්න. කීදෙනෙකුට හොර නාම ගෑවිලා තියෙනවද?
මේ ආණ්ඩුව විතරක් නෙමේ රටේ ආර්ථිකයත් කොහොමත් නාය ගිහින් අවසානයි. මේක බොරු රඟපෑමක් විතරයි. ඒ බව දැනගෙනත් අදාල නැති විෂයක් වන ලොතරැයි මණ්ඩලය පවරලා නිලවශයෙන්ම හොරකම් කරන්න අනුබල දුන්නේ කවුද? මොහුට ඉල්ලා අස්වීමට ආයාචනා කිරීමට අවශ්‍ය නැහැ. විධායක ජනපති වශයෙන් ඕනෑම ඇමති කෙනෙක් බලයෙන් පහ කිරීමේ හැකිය ජනපති සතුයි. නිකන් අපිව රවටන්න හදන්න එපා .
මෙතරම් හොරකම් කරනකම් බලාගෙන සිටියද? හරිනම් සියලු දෙනාම ඉවත් විය යුතුයි. එතකොට තමයි වෙනස හොඳට සැපට ලැබෙන්නේ. 2014 බැංකු පොළිය 9.5 ඉඳන් 13.5 ට වැඩිවෙලා. අපිව හිඟන්නො කරනවා.වහාම ඡන්දේ තියන්න දොඩවන්නේ නැතිව...
පොඩි මිනිහෙක් හොරකමක් කළානම් මේ වෙනකොට හිරබත් කනවා. එ්ත් ලොකු ලොක්කන්ට තාම කිරිපොවනවා. වැරැද්ද කොහෙද තියෙන්නේ? මේ යහපාලන ආණ්ඩුවයි. අවුරුදු 5ක් ගියොත් අපේ රටට දෙවිපිහිටයි.
ජනාධිපතිතුමනි, රවීට ඉල්ලා අස්වෙන්න කීවහම ඔක්කොම හරිද? එතකොට නිර්දෝශයිද? කරපු වංචාවන් යටයනවද බලන්න පාකිස්ථානයේ අගමැතිවරයා මුදල් වංචාවකට සම්බන්ධ බව ප්‍රකාශයට පත් කලවිගසම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන්නා. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා...
අවසානයේ හොරු ඇල්ලීමට පැමිණි අය හොරු වෙලා. සාදු කියන්න පින්වතුනි සෝභිත හාමුදුරුවන්ටත් ඇහෙන්න.
'ආර්කේ' ට ඉල්ලා අස්වෙන්න කිව්වා වගේ 'පීඑම්' ටත් ඉල්ලා අස්වෙන්න කියන්න.
මුහුන බලන කණ්ණාඩියක් ලඟට ගොස් කියන්න. මේ මිනිස්සු රවටන කතා.
ඇලෝසියස්ගේ දුරකථනයෙන් තවත් දේශපාලකයන් 40 කගේ නම් සහ දෙබස් සොයාගෙන තිබෙනවා. ‘ඒකාබද්ධයෙන් ගෙන ආ විශ්වාස භංගයකට ඡන්දය දෙන්න අපට පිස්සු නෑ" යයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් කියා තිබුණ බව වෙනත් පුවත්පතකත් සඳහන් වුණා.
ආණ්ඩුවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු නොකරන නිසයි රටේ මේ වගේ ප්‍රශ්න වැඩිවෙන්නේ. ඔය අටවාගෙන ඉන්න දුෂණ විරෝධී එකේ සභාපතිවරයා තමයි පහුගිය කාලේ රටේ භීෂණයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු බේරගන්න මුලිකවම ක්‍රියා කලේ. ඉතින් මොවුන් තමයි රටේ දූෂණවලට විරුද්ධව කටින් බතල හිටවන්නේ. අනේ මගේ කට. පහුගිය ආණ්ඩුව කාලේ රට කරපු සහ ඔවුන්ට සම්බන්ධ අය රටේ සම්පත්වලට වග කිව්වා. කිසි නීතිමය පියවරක් අද වෙනකන් නැහැ. කිව්වා වගේම රටේ ජනපතිවරයා පත්වුණෙත් බහුතර එ.ජා.පෙ. ඡන්දවලින් නිසා, ආණ්ඩුවේ බලගතුම පුද්ගලයා වෙන්නේ අගමැතිවරයායි. චෝදනා ලබා සිටිනා ආර්.කේ. අගමැතිවරයාගේ සමීපතයෙක් නිසා, කවුරු මොනවා කිව්වත් වැඩක් වෙන එකක් නැහැ. අනෙක ඔය භාණ්ඩාගාර චූදිතයින්ට ප්‍රශ්නයක් වෙන විදිහේ තත්වයක් උදාවුණොත්, එය තමන්ගේ අනෙකුත් සමීප හිතවතුන්ට වගේම සහ තමන්ටත් තදින්ම බලපාන බව අගමැතිවරයා දන්නවා. එනිසා, ජේ.ආර්.ගේ බෑණනුවන් අවශ්‍ය දේවල් ඉතා සුක්ෂමව කරයි.
ජනාධිපතිතුමා කිව්වනේ තරාතිරම නොබලා වැරදි කරන අයට දඬුවම් දෙනවා කියලා. රවීට අස්වෙන්න කියලා දන්වල තිබේනම් එයා අයින් වෙලා යන්න ඕනෑ. රටේ ඉන්න ලොකුම හොරෙක් ආණ්ඩුවෙන් ඉවත් කිරීම ඉතිහාස ගත සිද්ධියක් වේවි. එතකොට කෝ අගමැතිතුමා? මිනිස්සුත් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා..
අර මඩු වලිගය දැන් පාවිච්චි කරන්නේ නැද්ද ජනාධිපතිතුමනි?
අවසානයේ රනිල් රවී බේරාගනී. ජනාධිපතිතුමාට රනිල් ඉක්මවා යා හැකිද? රාජ්‍ය දේපල කොල්ලකෑම නවතින්නේ කවද්ද?
විමල් මාස 3ක් රිමාන්ඩ් කළේ මොනවා ඔප්පු වෙලාද? බැසිල් රිමාන්ඩ් කළේ මොනවා ඔප්පු වෙලාද? රවීට නීතිය වෙනස්ද? එයත් රිමාන්ඩ් කළ යුතුයි නේද?
ජනාදිපතිතුමා මෙවැනි කතාවක් කියල නැහැ...
ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දැඩි දඬුවම් දිය යුතුයි. රවී ගෙදර යවා එජාපය බේරා ගනිමු.
තර්ක දෙකක් නැහැ. නිසි දඬුවම් දිය යුතු වෙනවා. රවී මහතා රටට ආදරයක් නැහැ. එ්ත් හැමෝටම දැන් අමතක වෙලා රාජපක්ෂවරු කරපු දේවල්. ඒවාට දඬුවම් නොදීමේ ඵලවිපාක ලබෙයි ඉදිරියට. දඬුවම් දුන්නම කියයි පළිගන්නවා කියලා.
මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිණියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? යන මේ සරල ප්‍රශ්න තුනට පිළිතුරු දීමෙන් අනතුරුව ඔවුන් විදේශ ඇමැතිවරයාගේ සාක්ෂිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් යහපත්ය. දූෂණයට, වංචාවට, නාස්තියට එරෙහිව ස්ථාවර ප්‍රතිපත්තියක් යමෙකුට පැවැතීම අතිශයින්ම වැදගත්ය. එසේ නැතුව තමන්ට වාසිදායක තත්ත්වයන්හිදී පමණක් ඒ ගැන කථා කිරීම තක්කඩි කමකට වඩා වැඩි දෙයක් නොවේ.
හරි හමන් නීතියක් සාධාරණත්වයක් රටේ තියෙනවා නම් මේවා මෙච්චර දුරට ඇදී ඇදී කල් මරමර ඉඳීද? රට කුණුවෙච්ච අඹ ගෙඩියක් වගේ දැන්.
මම දන්නේ නැහැ. මට කිව්වේ නැහැ. මම ගෙදර ගිහින් නිදාගන්නවා විතරයි. මම මොනවත් දන්නෑ.
මම උදේ 7 ඉඳලා රාත්‍රී 11 වෙනකම් රට වෙනුවෙන් වැඩ කරලා ගෙදර යන්නේ නිදා ගන්න විතරයි. මට කමක් නැහැ මගේ ගෙදර කුලිය කව්රු ගෙව්වත්. කොහොමද මගේ රට වෙනුවෙන් තියෙන කැක්කුම.... ?
රනිල් මහත්තයත් එක්ක හමුබවුණු එක රටේ වාසනාවක්.
හංසයෝ නම් ඔඋන්ගේ පොකට් එකට ගැහුවට දැනෙන්නේ නැහැ තේරුමක් නැහැ නමුත් නියම අලින් එය දන්නවා එරෙහි වෙනවා
කොමිසම පත් කළේ ජනපති මිසක් අගමැති නොවේ. ඔහු කිසි විටකත් එය නොකරාවි. රවී ඔහුගේ මිතුරාවන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක නිසා ජනතාවට සාධාරණයක් වේවි !!!
මේ ආණ්ඩුව සාධාරණ, යුක්තිසහගත, යහපාලන, රාජ්‍ය පාලනයක් නම්, වහාම ආර්.කේ. අත්අඩංගුවට ගෙන, ඔහුගේ වත්කම් වහාම සොයා බලා එදා සිටම මුදල් ඉපැයූයේ කෙසේදැයි කියා සොයාබැලිය යුතුයි. අනුන්ට සොරුන් යැයි කියා තමන් කල සොරකම් මහජනතාව කතාකරනු අප නිතර අසා ඇත. සීදූවේ සහ ඒකල ග්ලෝබල් සිටි, ග්ලෝබල් පාර්ක්, මොවුන්ගේ අදායම් මේවා අරම්භ කලේ කෙසේද? ලංකාවේ මැති ඇමැති වරුන් පගා නොගැසුවානම් අද ලංකාව කියන රට ලොව පොහොසත් රටක් බවට ලොව වැජඹෙනු ඇත. අපි බලාපොරොත්තු වන්නේ, පාරේ බසයේ ගමන් කර බොරු ආරක්ෂකයින් නැතිව මහජනතාව සමඟ ගැවසෙන නායකයින්ය.
රවී අයින් වෙන්න ඕනේ කියන්නේ බුද්ධි හීන අයයි. ගරු රවී ඇමැතිතුමා තමයි වැටී තිබුණු ආර්ථිකය ගොඩගත්තේ. ඒ ගැන එතුමාට ප්‍රශංසා කරනවා. එතුමාගේ බුද්ධියෙන් වැඩගත යුතුයි.
අලුතින් නීති සම්පාදනය කර මේ රජයට අයත් දේපළ මංකොල්ලකෑම නවතන්න' අනේ මේ මිනිස්සුන්ගේ තණ්හාවේ සීමාවක් නැද්ද? අවුරුදු 50 ක් 60 ක් ජීවත් වෙන්න මාලිගාවල් ඕනෑද? අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසවක්....
හැබැයි රවී කරුණානායක උපදෙස්දීල අලුත් දේශීය අදායම් පනත හදල තියෙන්නේ අපෙන් උපරිම විදියට බදු ගහන්න. පවුලටයි, දූලටයි සැපෙන් ඉන්න අපිටම දෙන්න වගෙයි හදන්නේ.
ඔබතුමා බලයට එන්න ජනතාවට දුන්න පොරොන්දු මතක නම් මේ තීරණය ගත යුතුයි.
මේ ගොල්ලොනම් දුම්මල ගහලවත් යන්නේ නෑ වගෙයි.
මගේ තාත්ත කල වැරදි මොනවද කියල රවී මහත්මයාගේ දුව අහනවා අන්න.
පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ දේශපාලකයෝ එකම පැලැන්තියක් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කරන්නේ මහජන මුදල් සුරකන එක.. ඔවුන් බොරුවට එකිනෙකට විරුද්ධව පාර්ලිමේන්තුවේදී බැන ගත්තට, ඔවුන් කරන්නේ අපිව රවට්ටන්න බොරු රඟ පෑමක් පමණි. හොඳම උදාහරණය ලොකු ප්‍රසිධියක් දීල යෝෂිත, බැසිල්, විමල් වැනි මහත්වරුන් රිමාන්ඩ් කළාට ඔවුන්ගේ නඩු ගැන දැන් කවුරුවත් කතා කරන්නේ නැත. තව අවුරුදු කිහිපයකින් හැමෝටම මේවා අමතක වුණාම, නඩුව නිකම්ම විසිකර දමනු ලැබේ.
මේක මාර විහිළුවක්!!! හොරාගෙන් ඉල්ලනවා ඉල්ලා අස්වෙන්න කියලා... ජනාධිපතිතුමාට මොකද බැරි ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව කැබිනට් ඇමැතිකම තාවකාලිකව පවරාගන්න?
නෝනා ගේ ගත්ත කියල දන්නේ නැති කෙනා ජනාධිපති ගේ මේ කතාව කොහොමවත් දෙන ගන්න එකක් නෑ