(පුෂ්පකුමාර ජයරත්න)
හම්බන්තොට වරාය චීනයට පැවරීම ඇතුළු කරුණු කීපයකට විරෝධය පළ කිරීම සඳහා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් හැර ආණ්ඩු පක්ෂයේ අනෙක් සියළුම මන්ත්‍රීවරු අත්වල කළුපටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළහ.
ඊට විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග සභා රැස්වීම දැඩි උණූසුම් මුහුණුවරක් ගත්තේය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඩී හේරත් මහතා පෞද්ගලික කරුණු දැක්වීම යටතේ අදහස් දක්වමින් හම්බන්තොට වරාය ගිවිසුමට විරෝධය දැක්වීමත් සමග විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරුන්ගේ හැසිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලන්න යනකොට හොරත් අල්ලපියව් කියල අනිත් මිනිස්සු සමග ඔහු පන්නවලු ,,ඔය බෝඅර්ඩ් අල්ලන අයගේ කිල්ලෝට වලත් හුණු තියනවා
ඔතන නැද්ද 1988දි පළාත් සභා පිහිටුවන කොට ඒවාට විරුද්ද වුන තමුන් බලයට පැමිණි පසු පළාත් සභා අහෝසිකරනව කියපු අයියල .ඕව ඔක්කොම නැවත බලය ලබාගැනීමට කරන උප්පරවැට්ටි .
මොකද්ද දැන් ඔය බදු ගිවිසුමෙන් වෙන්නෙ?
රටේ හැමතැනම විනය පිරිහිලා, නිතිය අඩපන වෙලා, පොලිස්පතිතුමාට ඇගිලි ගහනවා, අධිකරණයට ඇගිලි ගහනවා, ඒවා අඩුවුණාට නතර වෙලා නෑ. විනය හා නීතිගරුක සමාජයක් නිර්මාණය කරන්න මොන්ටිසෝරිය පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් හා ගරු අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමි.
එතකොට අර හැමදේටම විරුද්ධ වෙන, කටින් බතල හිටවන, රතු මල්ලිලා මොකද කරේ?