අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බව වාර්තාවේ.
මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් පියවරක් නොගතහොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන් නායකයන් දෙපළ දැනුම්වත් කර ඇති බවද දැනගන්නට තිබේ.
එම අමාත්‍යංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ දූෂණ වංචා ලිපිගොනුවලට දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාමාර්ග නොගැනීම ද මෙලෙස යෝජනා කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
- 044

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.