අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බව වාර්තාවේ.
මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් පියවරක් නොගතහොත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුන් නායකයන් දෙපළ දැනුම්වත් කර ඇති බවද දැනගන්නට තිබේ.
එම අමාත්‍යංශය යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ දූෂණ වංචා ලිපිගොනුවලට දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාමාර්ග නොගැනීම ද මෙලෙස යෝජනා කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
- 044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් අයිති නැති පුවතක් නේද?
හිටපු මුදල් ඇමති හා දැන් විදේශ ඇමති රවී මහතා තියාගැනීම හා බුද්ධ ශාසන ඇමති ඉවත් කිරීමට කටයුතු කිරීම යහපාලනය නම් වේ.
අර කැලෑ පාලුවන්ව අයින් කරන්න කියල කවුරුත් කියන්නේ නෑ නේ අප්පා...
මම හිතන්නේ කලවැද්දා වෙන්න ඇති... !!
මේ ඩීල් දාස උන්නැහේ යැවීම රටටම සෙතක්...
එතුමා විතරක් කොන්ද කෙලින් තියාගෙන වැඩකරනවා. එතුමත් ඉවත් කළාම අපුරු යහපාලන ආණ්ඩුව. මේක කරන්න ඕනේ වෙලාතියෙන්නේ වෙල් විදානෙට වෙන්න ඇති .
ඉදිරියට මොන දේ වුනත් මේ රජය ගැන ඇත්තේ මහත් අප්‍රසාදයක් ,චන්දය දුන් අය ඉතාමත් කලකිරීමෙන් ඉන්නේ ,මගේ රට ගැන මට දුකයි රට බර ගන්නට ඉන්න දරුපරපුර ගැන දුකයි .
විජයදාස රාජපක්ෂ මහතා හොරෙක් නෙවෙයි, එතුමා අධිකරණ ඇමති ලෙස වැඩකරිම මෙගා ඩීල් දාන ඇමතිලාට ලොකු හිසරදයක්. ලංකාව රැකගන්න ඕන විජයදාස රාජපක්ෂ වගේ රට ගැන කැක්කුමක් තියෙන ඇමතිලා එහම් නැතිව ය-ස් සර්.... කියන රුකඩ පඹයෝ නෙමෙයි
මේ රජයේ යන්තම් හරි හොඳක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ විජයදාස රාජපක්ෂ මහතා පමණයි.
විජේදාස රාජපක්ෂ හොඳ අවංක, සිංහල, නීති ගරුක බෞද්ධයෙක්. ඔහු මීලඟ අගමැති කමිටුවටත් සුදුසුයි.