සුදත් එච්. එම්. හේවා සහ අංජුල මහීක වීරරත්න
‘හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිරිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදී පැවති රැස්විමක් අමතමිනි.
‘‘ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුවූ පාඩුව පිළිබව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වන විට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජීමය විසින් ඒ 332 සුඛෝපභෝගී ගුවන් යානා අටක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමෙරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාභ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46ක අලාභයක් රටට සිදු වුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181ක් වෙනවා. මේ පාඩුව සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද? දිවයින කළේ කුමක්ද? අද පත්තරේ කළේ කුමක්ද? ඩේලිමිර්ර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කීවායැයි ඩේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත් පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?‘‘ යැයි ද අගමැතිවරයා කීවේය.
‘ අද මෙතනට ඇවිත් ඉන්න අය නිදහසේ සිටිම පිළිබඳව සතුටුයි. අපි ඔක්කොමලා එකතුවෙලා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කර යහපාලනයක් ඇතිකළේ මේ වගේ නිදහසක් උදාකරගන්නයි. මීට ඉස්සර මෙහෙම දෙයක් තිබුණේ නැහැ. එය තිබුණේ සිමිත පිරිසකට විතරයි.
එත් දැන් මේ ජනතාව බයක් නැතිව ජිවත් වෙනවා. අද ජාතිවාදය ආගම්වාදය නැහැ. දැන් නිදහස තියෙනවා අපි ස්වාධීන කොමිසන් සභා පත්කරලා තියෙනවා. පොලිසිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එම ස්වාධීන කොමිසන් ක්‍රියාත්මක වෙනවා. පාර්ලීමේතු කාරක සභා ස්ථාපිත කර තියෙනවා. එයට ඕනැම අයකු ගෙන්වන්න පුළුවන්.
තොරතුරු නිදහස ස්ථාපිත කර තියෙනවා. මේ වගේ නිදහසක් ඉස්සර තිබුණාද? සිරස හැමදාම මට බනිනවා. එත් මම ඒ ආයතන ගිනි තියන්න ගියේ නැහැ.
දැන් අපි දුෂණ ගැන හොයාගෙන යනවා. දුෂණ කරලා බේරෙන්න බැහැ. පසුගිය රජයේ දුෂණ හොයාගෙන යනවා. සමහර ඒවාට පොලිසිය නඩු දාලා තියෙනවා. සමහර ඒවා නීතිපතිට දාලා තියෙනවා. මහ බැංකු ප්‍රශ්නයක් තිබුණා. මම මුලින්ම කොමිටියක් පත් කළා. පසුව පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභාවක් පත්කළා. අපි ඡන්දය දිනුවත් එහි සභාපති කළේ විපක්ෂයේ අයෙක්.
එයට පසුව ජනාධිපති කොමිසමක් පත්කළා. කවුරුවත් එයට විරුද්ධ වුණේ නැහැ. අද නිදහස කොයිතරම්ද කිව්වොත් ඇමතිවරුන් එයට ගෙන්වනවා. නිතිපති ප්‍රශ්න කරනවා. ඉස්සර එහෙම වුණාද? නිතිපති වුණේ ජනාධිපතිගේ ගෝලයෙක්. ඉස්සර මෙහෙම වුණානම් නීතිපති අස්කරලා නැතිනම් සුදු වැන්වලින් උස්සලා .
මම එකක් කියනවා මේ ආණ්ඩුවේ දුෂණය කරන කවුරුවත් තියාගන්නේ නැහැ අපේ පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරු හිටියොත් අයින් කරනවා. එත් එය විනිවිද භාවයෙන් කරන්න දෙන්න.
අපි දැන් ඇමරිකාව වගේ. එහි දැන් කොයි තරම් කොමිසන් සභා පත් කරනවාද . එහි හොරු ඔප්පු වුණොත් අස්කරනවා. සමහර අවස්ථාවලදි මගදි ඉල්ලා අස්වෙනවා. ඇමරිකාවේ එංගලන්තයේ එහෙම වෙනවා ලංකාවෙත් එහෙම වෙනවා එත් මාධ්‍යට බැහැ මේ ගැන කතා කරන්න .
ලංකාදිපය කොයිතරම් කඩේ ගියාද? දිවයින කොයිතරම් කඩේ ගියාද? දිනමිණ කොයිතරම් කඩේ ගියාද? සිළුමිණ කොයිතරම් කඩේ ගියාද? දෙරණ කොයිතරම් කඩේ ගියාද? අද කොයිතරම් කඩේ ගියාද? කඩේ ගිය නැති කෙනෙක් කියන්න. එහෙම කරලා දැන් කියනවා මෙහි හොරු ඉන්නවා කියලා.
මට ඕන නම් එදා අගමැති කාර්යාලයෙන් කාපු අයගේ නම් කියන්නත් පුළුවන්. ලසන්තට මොකද කළේ? ඔහු මරලා දැම්මා. එක්නැලිගොඩට මොකද කළේ? ඔහු උස්සන් ගිහින් මරලා දැම්මා . දැන් මේ ගැන හොයන විට කියනවා හොයන්න එපා මෙය ජාතික ආරක්ෂාට තර්ජනයක් කියලා.
අපිට ඡන්දය දුන්න අයට අවශ්‍ය වන්නේ දුෂණයෙන් තොර සමාජයක්.. අපි එය කළේ නැතිනම් අපිට ඊළඟ සැරේ ඡන්දය ලැබෙන්නේ නැහැ. හොරකම් කළොත් අහුවෙනවා . ඒ නිසා හොරකම් කරන්න එපා . දැන් බලන්න ට්‍රප්ගේ බිරිඳ ගැනත් හොයනවා. අහුවුණොත් යන්න වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ කරපු දේවල් කියන්න මේ අවුරුදු 2 1/2 ටම...
එ්කනේ අපි ඔබතුමාට 2015 දී රට බාර දුන්නේ, එ්ත් වුණේ මොකක්ද? ඔබතුමාගේ දකුණු අතවගේ ඉන්න ඇමතිලා බිලියන ගණන් බැඳුම්කර වලින්, අර්ථසාධකෙන් හොරා කනවා ඔබතුමා බලාගෙන හිටියා. මුළු රටම හොරෙක් කියද්දී ඒ කෙනාටම මහබැංකුව බාර දුන්නා. ලෝකෙට ණයවෙලා හදපු වරාය කුණු කොල්ලෙට චීනෙට දුන්නා. ලෝකේ කොහෙවත් ජාතික ගුවන් සේවය වෙන රටකට විකුණන්නේ නැහැ. ජාතික ගුවන්සේවය කියන්නේ ඒ රටේ අනන්‍යතාවයයි. ආරංචි විදියට දැන් ඒකත් විකුණන්න යනවා. ගෙදර ණයයි කියලා උයා පිහාගෙන කන්න තියෙන වළඳ විකුණගෙන කන රටක් නැහැ මහත්වරුනි !!!
එතකොට බැඳුම්කර මගඩියෙන් කීයක් ගිල්ලද?
මිලියන ගණන් ගෙවලා අැමැතිලට වාහන ගන්නේ එවායින් බයද ගෙවල් හදන්න..? සංවර්ධනේ ගැන ලොකු කතා විතරයි.
එ්කනේ අප්පා, පුතාලා, අයියලා, මල්ලිලා, මස්සිනාලා හැත්ත බුරුත්තම අවුරුදු දෙකකටත් කලින්ම යවලා ඔබතුමාට තැනක් අරන් දුන්නේ... එ්ත් ඔබතුමා හොරු ගැන කියනවා විතරයිනේ.. අල්ලලා ඇතුළට දාන්නේ නැහැනේ...
වරාය හදලා තිබුණේ නැත්නම් බදු දෙන්නේ කෙන්ගෙඩියද?
ලක්ෂ 62ක් ඡන්දය දුන්නේ දූෂිතයන් හොයලා තරාතිරම නොබලා දඬුවම් කර හොරකම් කරපු සල්ලි රාජසන්තක කරන්න. දැන් අවුරුදු දෙකහමාරක් වෙනවා කරපු දෙයක් නැහැ. බොරුවට කෙකර ගානවා. මෙහෙම ගියොත් ඊළඟ මැතිවරණයෙන් ලක්ෂ 62 තියා 32ක් වත් ගන්න බැරිවෙනවා.
මහබැංකු දූෂණ පිළිබඳව විමර්ෂණය කරන්න මෙහෙම හරි කොමිසමක් පත්කළේ ජනාධිපතිතුමා විසින්. මෙතුමා පුළුවන් තරම් උත්සාහ කළේයටපත් කරන්න. තවද අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් පත්කරන්න බලපෑමුත් කරලා දැන් ලකුණු දාගන්න හදනවා. මොන අඩුපාඩු තිබුණත් මෛත්‍රී ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඕනෑ මෙහෙම හරි මේගැන හොයලා රටට සත්‍යය හෙළිකිරීම පිළිබඳව...
මේ හාදය එ් පාර මේ එන්නේ මොකටද? තොත්ත බබා එතරම් මහජන මුදලක් හොරා කාලා නැහැනේ කියන්න නේද? මේ බබාහුකුම් අපට දාන්න එපා.. රවී නම් කුම්බලා මාළු කුරියා පිටින්ම ගිලලා තියෙන්නේ හොඳේ. දැන් වමාරන්න වෙන්නෙත් කුරියා පිටින්ම තමයි.
මේ ඒ 332 ගුවන් යානාවලින් කොළඹ සිට උතුරු ඇමෙරිකාවට ගුවන් සේවා ඇරඹිය හැකිද? ලංකාවේ සිට උතුරු ඇමෙරිකාවට ගමන් කරන ලංකික මගීන් එතරම් නැති වුවත්, අසල්වැසි ආසියාතික රටවල මගීන්ට, කොළඹ මේ ගුවන් ගමන් සඳහා කේන්ද්‍රස්ථානයක් කරතොත් සමහරවිට මෙය ලාභදායි ගුවන් මාර්ගයක් විය හැකියි. නමුත් මෙයට ගැටළුවක් විය හැක්කේ, දැනටමත් උතුරු ඇමෙරිකාව සහ ඉන්දියාව අතර මෙවැනි ගුවන් සේවයක් පැවතීමයි.
ඒ 332 ගුවන්යානයට කොළඹ සිටචිකාගෝ වෙනකම් යන්න පුළුවන්...මගීන් නැතිව තෙල් විතරක් ගහලා. මගීන් සහිතව යන්න පුළුවන් උපරිම කොළඹ සිට ලන්ඩන් වගේ දුරක් තමයි. රනිල් මහතා මේ ගැන පොඩ්ඩක් හොයලා අදහස් දැක්වූවා නම් තමයි හොඳ. නොදන්න දේවල් කතාකරනවට වැඩිය...පොඩ්ඩක් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ගුවන් මෙහෙයුම් අංශයට කෝල් කරලා ඇහුවොත් කියයි.
මෙය රාජපක්ෂවරුන්ගේ රෙදි හෝද හෝදා ඉන්නවා මිසක් කරන කෙන් ගෙඩියක් නැහැ. කරන එකම දේ තියෙන දේවල් විකුණා ගෙන කන එකනේ.
පහුගිය අවුරුදු දෙකේ වෙන වෙන එව්වා හෙව්වා. ඉතුරු අවුරුදු දෙකේත් අනුන්ගේ දේවල් හොය හොයා ඉන්නද කල්පනාව? ඔයිට වඩා හොඳයි හන්දියේ සිරිපාලට ඔය තනතුර දුන්නා නම්....
ඔබතුමාගේ කතා හරියට "යන්නේ කොහෙද ? මල්ලේ පොල් වගේ " ලංකාවේ සිට ලන්ඩන් වැනි දුර ගුවන් ගමන් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන්නේ මධ්‍යම ප්‍රමාණයේ ගුවන්යනායි. ඒවාට ටැංකිය පිරෙන්න තෙල් ගැහුවොත් ඇමෙරිකාවට යන්න පුළුවන්... උදාහරණයක් ලෙස කොළඹ-මීගමුව මාර්ගයේ ධාවනයට ලේලන්ඩ් වෛකින් බස් යොදාගන්නවා. එම වර්ගයේ බස් කොළඹ - කතරගම ධාවනයට වුණත් යොදාගන්න පුළුවන්.. බස් වල මිනිස්සු පිරිලා ඉන්නවා නම් ... මොන රූට් එකේ දිවුවත් පාඩුවක් නැහැ. ශ්‍රී ලන්කන් එකේ පාඩුවට හේතුව ගුවන්යානා මිලදී ගැනීම පමණක් නොවේ. දේශපාලන වේදිකාවල බොරුවට කෑගැහුවට ඔබතුමා අදාළ පුද්ගලයා නීතිය ඉදිරියට ගෙන අාවද?
මෙයාගේ වැඩ කියනවා නම්, අවුරුදු දෙක හමාරක් පින් පඩි ගිල්ලා. ලෝකේ වටේ සවාරි ගියා. වටිනාකම සියයට විසි පහකින් විතර පල්ලෙහට දැම්මා. හම්බන්තොට වරාය වික්කා. භාණ්ඩාගාර බිල්පත් වලින් ගස කාල විසි අවුරුද්දක් තිස්සේ ලෝකේ වටේ ගිය එ්වට ගත් ණය පියෙව්වා. කොළඹ නගරය කුණු කන්දක් කළා. උතුර නැවතත් එස්.ටී.එෆ් එකෙන් පාලනය කරන තත්වයක් උදා කලා. තව මොනවද අඩු...
මේ නම් කටක් නෙමෙයි !!! අනේ මන්දා...
මේ ආකාරයේ තියරි කතා මේ විදියට කියවන්න අන්තර් ජාල පහසුකම්, පරිගණක පහසුකම් මට මොකට ලැබුණද?
දැන් අවුරුදු දෙකක් වෙන්නත් අාවා... කොහෙද මේ වගේ අයව හොයලා දඩුවම් දීපුවා තියෙන්නේ?
එ් ගොල්ලෝ සල්ලි ගිලලා වරායක් හැදුවා. මේ ගොල්ලෝ සල්ලි ගිලලා ඒ වරාය විකුණුවා. ඔය දෙකෙන් කෝකද වැඩිය හොඳ?
ඒ 330 ගන්නේ නැතුව ඒ 320, බී 737 අරගෙන ලන්ඩන් යන්නද කියන්නේ? නිකන් මිනිස්සුන්ව ගොනාට අන්දන්න එපා. ඒ 320 ට පැය 7ක් පියාසර කරන්න පුළුවන්. ඒ කියන්නේ ලන්ඩන්, බීජිං යනකොට මග බාන්නද කියන්නේ?
මොනවද මේ කියන්නේ බිලියන 181ක් නෙවෙයි ට්‍රිලියන 181ක් ගිල්ලත් දෙයි හාමුදුරුවනේ අපි මහජනතාවට පෙනෙන්න ප්‍රතිපල තියනවනේ. නමුත් බැඳුම්කරේ පර්ත්පල් ඔය හොර කල්ලියේ සාක්කුවද? අපි බඩගින්නේද? ගුවනින් ගිහින් ණය අරගෙන එමුද?
ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය හරියට පාරිශුද්ධ යුගයක් වගෙයිනේ කතා කරන්නේ...
මෙයා කතා කරන්නේ රෙද්දක් ඇඳගෙනද දන්නේ නෑ. වංචා, දුෂණ කරලා බේරෙන්න බැරිලු, ජාතිවාදය කියලා දෙයක් දැන් නැතිලු. නින්දෙන් දොඩවනවා. අවදි වුණාම ඔය ගතිය ඇරිලා යයි.
ඇමතිලාට වාහන ගෙන්වන්න ගෙවපු සල්ලි. ඇමති නිවස අලුත් කරන්න ගෙවපු මිලියන් ගණන් සල්ලි තිබුණත් ඒවත් ඇති මහජන සේවයට යොදවන්න.
එ්ක ගිල්ලා නම්, එතකොට අර මහා බැංකුවේ සල්ලි ටික හපල වෙන්න ඇති කන්න ඇත්තේ... අර ආසියාවේ හොඳම මුදල් ඇමති තාම හපා කන්නෙත් ඒවා වෙන්න ඇති...
හොරුන්ගේ පක්ෂයක් නෙවේ කියන එක ඇත්ත. මොකද කම්බා හොරුනේ ඉන්නේ පක්ෂයේ. ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී ප්‍රොෆිට් එන්නේ නැහැ. එ්ක නිසානේ කලමනාකරණය කරලා ලාභ ලබන්න ඕනේ. මේකෙන් කියන්නේ ඔබතුමාගේ අයගේ නොහැකියාව !!!
පව් අප්පා චීන්නු රැවටිලා, වරාය ගත්ත ඉන්දියාවත් රැවටිලා ගුවන්තොටුපල ගන්න යනවා. පව් නේද ඒ අය? හරිම මෝඩයි. රනිල් මහත්තයටත් රැවටෙනවා.
ඕව කව්රුත් පිළිගන්නේ නැහැ දැන්.
ඔව්... ඔව් අගමැතිතුමෝ.. ඔබතුමාගේ කතාව නිවැරදියි. අපි සියලුම සම්පත් විකුණ-විකුණා ණය ගෙවමු. රටම උකස් කරලා හරි ණය බරින් මිදෙමු. ඊළඟට ලංකාවේ ඉන්න කාන්තාවන් උකසටවත් දීලා ඔබතුමා සිහින දකින ස්ථාපිත ආර්ථිකය ගොඩ නගන්න. තරුණයින්ගේ පසුම්බිය මුදල් වලින් පුරවන්න.
අගමැතිතුමනි, කතා කරන කොට කටට එන හැම දෙයක්ම කියන්න යන්න එපා. 'අපි දැන් ඇමරිකාව වගේ' කියන කතාවම කොයි තරම් විහිළුවක්ද? සිරස ආයතනය ගිනි තියන්න යන්නේ මොකටද? හැබැයි කලින් ගිනි තියපුවට නම් තාම කල දෙයක් නැහැ. යන කෙනෙකුට කඩේ යන්න අරින්න. ඒගැන මොකටද කලබල වෙන්නේ? දැන් නිදහස තියෙන එකේ. හොරු ඇල්ලුවටම මදි. රටට වැඩක් කරන්න. සයිටම් ප්‍රශ්නේ තවම විසඳගන්න බැරි වුණා. රට සංවර්ධනය කළොත් මිනිස්සු ඡන්දෙ දේවි. හැබැයි හොරු ඇල්ලුවා කියලා විතරක් නම් මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැහැ. අනික ඔබතුමාගේ ඇමතිවරු අතර කිසිම වරදක් නොකළ, හොරකම් නොකරපු අය කී දෙනෙක් ඉන්නවද?
මහබැංකුවේ බැඳුම්කර වංචාවෙන් බිලියන 125 ක් ගිල්ලේ අර්ජුන සහ කරු.. යන අයයි. ඒ මුදල තිබුණා නම් නිවාස යෝජනා කීයක් මහජනයාට සාදා දෙන්න තිබුණද?
බිලියන ගණන් බැඳුම්කර වලින්, ඇමැතිලාට වාහන ගෙන්වන්න ගෙවපු සල්ලි, බදු නොගෙවා ගෙන්නපු මොන්ටෙරෝ, ශ්‍රී ලංකා ගුවන් යානා නොගෙන්නුවට ගෙවපු වන්දි මුදල බිලියන 74 - 87 වෙන්න ඔබේ මිතුරා ගෙවපු මුදල් ඉතුරු වුණා නම් සම්පත් නොවිකුණා පහසුවෙන් ගිලිනවා කියන සල්ලි පියවා ගන්න තිබ්බා නොවැ.. කභීර් හසීම් ඇමතිතුමෝ මේකට පිළිතුරු දෙන්න... මීළඟ අගමැති කරන්න ඕනෑ ඔබතුමායි.
මගේ හිතමිතුරු ඇමැතිවරු සත පහක්වත් ගිල්ලේ නැහැ...
මේවා නම් විකාර තමයි.
ගිලපු අය සේරටම දඬුවම් දෙන්නේ නැත්තේ අැයි?
එදා රාජපක්ෂලා වියදම් කරපුවට පෙනෙන්න යමක් තියෙනවා. යුද්ධය නිමා කිරීම, අධිවේගී මාර්ග, වරාය, මත්තල, උතුරේ සංවර්ධනය, මිලදී ගත් ගුවන් යානා, කොළඹ නගරය විධිමත් සහ අලංකාර කිරීම සහ තවත් නොයෙක් දේ. එ්ත් මේ ආණ්ඩුවෙන් එයටත් වඩා වැඩි ණයමුදල් අරගෙන මොනවද කලේ? අපිට නම් කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. රටට අවාසි සහගත පනත් නම් සම්මත වුණා. රටේ සම්පත් පිටරැටියන්ට තුට්ටු දෙකට විකුණනවා. එයට අමතරව ඇමතිලා ඇතුළු නඩය එකතුවෙලා රටේ සම්පත් කොල්ල කෑවා. මහබැංකුව මංකොල්ල කෑවා. කෘෂිකර්මාන්ත අමාත්‍යංශයට කියලා නමට ගොඩනැගිල්ලක් බදු අරගෙන කෝටි ගණන් නිකම් ගෙවනවා. මේවා හෙන ගහන අපරාධ. දැන් ක්‍රිකට් කණ්ඩායමත් බින්දුවටම වැටිලා...
අනුන්ගේ කිල්ලෝටවල තියෙන ඒවා හොයන්න කලින් තමුන්ගේ කිල්ලෝටවල තියෙන ඒවා හෙවුවොත් නේද හොඳ? මේ ටික කාලෙට බැඳුම්කර ඇතුළු මහපරිමාණ ගසාකෑම වගේ දේවල් කීයක් වුණාද? කෝ ඒවාට මොනවද කලේ? දැන් කියයි කොමිසමක් දාලා තියෙන්නේ කියලා. ඕවා කවුද පිළිගන්නේ?
සර් හැමදාම එකම දේ කියලා වැඩක් නෑ. ඔබතුමා බොහොම උගත් වැදගත් දේශපාලනයක් කරනවා කියල අපි දන්නවා. එ්ත් මේ වෙනදේවල් එච්චර හොඳ දේවල් නෙමෙයි නේද? ඇයි වැරදි කරන අයට දඬුවම් නැත්තේ? ඇයි වැරදි කරන අය හිරේට යන්නේ නැත්තේ? ඇයි හොරු හැමදාමත් එළියේ ඉන්නේ? මිනිස්සු ඉදිරිපිටට ගෙනල්ල හොරුන්ව තියන්න. එතකොට ඉබේටම දඬුවම් ලැබෙයි. අපිට ඉස්සරහට ශ්‍රී ලංකාවක් කියලා දෙයක් තියෙන්න ඕනෑ අනාගත පරපුරට.
චීනේ ඕක ගත්තේ පාඩු විඳින්නද? මහින්ද මහතා කලේ ඉන්වෙස්මන්ට් එකක්. සිල්ලර කඩයක් දැම්මත් එකපාරට ලාභ ගන්න බැහැ මහත්තයෝ. ඔබගේ නොහැකියාව මිස වෙන කිසිවක් නොවේ. දැන් මිනිස්සු ඔබ හිතනවට වඩා උගත්. රටක් පාලනය කරන්න ඉස්සෙල්ලා සිල්ලර කඩයක් වත් කරලා ඉන්න.
ගිල්ලා නෙමෙයි ගිලුණා. වමාරන්න බලන් ඉන්නයි තියෙන්නේ දැන් වැඩි කලක් නොගිහිල්ලාම. ගිලින විදිහ අර්ජුන මහේන්ද්‍රන් මහතාට කියලා දුන්නේ කව්ද කියලා අපි හැමෝම දැන් දන්නවා.
මහින්දට කඩේ යන අය තාම ඉන්නවා. ඒ වගේ මේකේ ඉන්න අය කඩේ යනවා අපේ අදහස් දාන්නේ නැතුව... අයියෝ...!!!
ඔබතුමා ප්‍රකාශ කරන දේවල් වැරදියි. ඒ332 වර්ගයේ ගුවන් යානයක උපරිම පියාසර හැකියාව කි.මීටර 13 900යි. කටුනායක සිට චිකාර්ගෝ නුවරට දුර කි.මීටර 14,405 යි.
මේ සිංහල බොදු නායකයෝ ඔක්කෝම රට වනසනවනේ...
ඔබතුමාගේ ගෝලයෝ කට්ටියම දැන් හත් පොලේ ගාගෙන මදිවට නාගෙන ඉන්නේ... අගමැත්තුමෝ, දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ.
මේ අරවින්දලා වගේ උදවිය කමෙන්ට් දමන්නේ කිසිම දෙයක් නොදැනයි. රාජපක්ෂලා ගත්තු ණයවලින් වැඩක් කරලා තියෙනවා කියන එක මම කිව්වේ. ඒ වගේම එයට පෙර රජයන් ගත්තු ණය ගෙවීමත් රාජපක්ෂලා ඒ අවුරුදු10 ඇතුළත කළා. රාජපක්ෂවරු කාටවත් බැණ බණ හිටියේ නැහැ. ඔවුන් රට බාරගන්නකොට සුනාමියෙන් සහ යුද්ධයෙන් රට විනාශ වෙලා තිබුනේ. ඒ වගේම ඔවුන්ගේ කාලයේදී තෙල් බැරලය ඩොලර් 126 ටත් ගියා. ඒ වගේම ලෝක ආර්ථික අර්බුධයක් ආවා. ලෝකේ ආහාර හිඟයක් ආවා. ඔවුන් කාටවත් බැණ බැණ හිටියද? නැහැ... මිනිස්සු කන්න නැතිව මැරුණද? නැහැ.... මේ රජය බලයට එනකොට රටේ වී අතිරික්තයක් තිබුණා. තෙල් බැරලය ඩොලර් 28 ට බැස්සා. එහෙම වෙලත් මේ ආණ්ඩුවට බැරි බැරි රෝගය. රාජපක්ෂලා ගත්තු ණය ගෙවන්න ණය ගත්තා නම් දැන් ඒ ණය අඩුවෙන්න ඕනේනේද ? මොකද ණය වැඩිවෙලයි තියෙන්නේ....
රටකට වරායක්, ගුවන් තොටුපොළක් කියන්නේ සම්පතක්. ඒක දිගු කාලීන ආයෝජන මිසක් පටන් ගත්ත ගමන් ලාභ උපයන ඒවා නෙමෙයි.. ඒවා විකුණන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑ. මේ කරන විනාශයට මතු පරම්පරාව සාප කරාවි!!!
එ්කනේ අගමැතිතුමෝ අපි 2015 වේදී ඡන්දෙ දුන්නේ රට හරිමඟට ගන්න කියලා ..... මොකද ඔබතුමා කලේ? ඩිල්දාසලත් එක්ක එකතු වෙලා ඩිල් දදා හිටියා මිසක්. දැන් ඉතින් පෙරහැර ගිහින් ඉවරයි..
ගුවන් යානයක් දුර ගමනක් ගිය රටෙන් ආපසු එන්න තෙල්ගන්න බලාගෙන ගියොත්, බැරිවෙලාවත් ඒ රටෙන් තෙල් ගැනීමේදී කිසියම් අපහසුතාවයක් වුණොත් අමාරුවේ වැටෙනවා. ඒ වගේම කිසියම් ආපදා අවස්ථාවකදී අන්තිම මොහොතේ හෝ ආපසු හරවාගෙන එන්නට නැතිනම් වෙනත් ගුවන් තොටුපොළක් කරා යාමට අවශ්‍ය විය හැකියි. අපේ ත්‍රීවිල් එකක් වුණත් ආපසු එන්නත් එක්කලා තෙල් ගහගෙන යනවා අහලවත් නැතිද?
කෝ දැන් අර දෙනවා කියපු බ්‍රේස්ලට්...
මහින්ද රාජපක්ෂ මහතා චීනෙට කඩේ යනවා කියලා එදා මරලතෝනි දුන්නු ඔබතුමා දැන් චීනෙට සුපර් මාර්කට් යනවා. මේ තරම් සුද්දන්ට කඩේ ගිය තවත් ශ්‍රී ලංකීකයෙක් ඉන්නවද හැබෑටම?