(අජන්ත කුමාර අගලකඩ)
විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (8) රාත්‍රීයේ ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා සහ ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් අතර ජනපති නිල නිවසේ පැවති හදිසි සාකච්ඡාවක දී ජනාධිපතිවරාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි ආරංචි මාර්ග වලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් නෙරපාහරින්න.අනෙක් මැති ඇමතිවරුන්ට අදර්සවෙන්න .ඔබතුමාත් හොරු රකිනවය කියා ජනතාව සිතයි .
අගෝස්තු 15 වන විට යහපාලන රජයේ අවසානය කෙරීමට සුදානම පෙනේ .
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.
හොරු හතලිහ අලි බබව එලවන්න කිව වගේ තම මේකත්.හරියට පරීක්ෂණ කරනවනම් අපේ පාර්ලිමේන්තුවේ 95% කම ඉන්න ඕනි හිරේ.
රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් නෙරපා හරින්න කියලා ඉල්ලුවා වගේ...... ඩිල්දාස අමාත්‍ය ධුරයෙන් නෙරපා හරින්න කියලා ඉල්ලා සිටින්නේ කවද්ද ? ඩීල්දාසතුමා නෙරපා හැරියොත් ඒකාබද්ධයේ හොරු ටිකත් ගස් .....
ඒක කරන්න එපා. පාර්ලිමේන්තුවේ තියෙන විශ්වාස භංගයෙන් ගෙදර අරින්න සලස්වන්න. එතකොට ජනතාවට බලාගන්න පුළුවන් ඉන්න 225 දේශපාලකයන්ගෙන් කවුද හොරකමට කැමති? කවුද අකමැති කියලා දැනගන්න.
දිල්රුක්ෂි එෆ්.සී.අයි.ඩී. වලින් නෙරපූ හැටි මතකද? බල අරගලය 113 හදන හැටි බලමු. නව අගමැති රනිල් ද? මහින්ද පිටුපස සිටින චමල් රාජපක්ෂද?
කවුරුවත් කියන දේ මෙතුමා අහන්නේ නෑ. මෙතුමා කියන දේ කවුරුවත් අහන්නෙත් නෑ.
කෙලින් තීරණ නොගන්න නායකයන් වැඩි කල් බලයේ නොසිටිනු ඇත.
අයියෝ සිරිසේන ඉල්ලා අස්වෙන්න නෙමේ... විධායක බලතල මත කෙලින්ම ඉවත් කලයුතුය.
බාල පැට්‍රොල් , හෙජින්, කුඩු කට්ටිය හරිම හොඳයි, එහෙම නේද?
අප ඔබතුම කෙරේ තිබූ විශ්වාසය පලුදු වී ඇත ,,ඔබතුම කිසිදු ප්‍රස්නයක් නොවිසඳයි , 1.සයිටම් වසා 12000 පමණ වේද දරුවන් ගේ දියුණුව සැලසීම -- 2.ගොවි වන්දි තවම එක වාරිකයක් වත් නොලැබුන ගොවියෝ සිටී -පාලකයන් වාහන ගෙවල් කාර්යාල SEWAKA කියමින් මුදල් වෙන්කරගැනී 3.ඡන්ද කල්දමා ප්‍රජාතන්ත්‍රවාදය කුඩුපට්ටම් කර ඇත --පරදී කියා බයට 4.කුණු ප්‍රශ්නය 5.ජාතික ආරක්ෂාව බින්දුවට බැස ඇත , 6.මහජාතිය වන සිංහලයත් බුද්දගමත් වැනසෙන තැනට කටයුතු කරන ව්‍යවස්ථාව නොකළ යුතුය ,,මෙඉන් රට තුවක්කුවෙන් ගන්න බැරිවුණ දෙය ලියුම් කොලෙන් ගන්න තත්ත්වයට පත්වේ 7.ජාතික දේපල විකිණීම -අනාගත දරුවන්ට රටක් ඉතිරි නොවේ
රවී කරුණානායක මහතා වැරදි නිවැරදි බව මම දන්නේ නැහැ . නියමිත පරීක්ෂණයකින් එය තහවුරු කර ගත යුතුයි . නමුත් මෙම බැදුම්කර ගිවිසුම් රටේ වාණිජ නීතිය අනුව නීති විරෝධී වෙනවද ? මෙය සිදුවුණ ක්‍රමය සදාචාරයට පටහැනි ගනුදෙනුවක් බව මගේ හැඟීමයි මෙහි නීතිය කැඩීමක් සිදුවී නැ. මීට පෙර සිදුවුන බැඳුම්කර ගනුදෙනු පරික්ෂාකර බලන්න. මීට පෙරද ක්‍රමය එකයි , නමුත් මෙම ගිවිසුමේ පොලිය ඉතා අධිකයි එම නිසා රටට විශාල පාඩුවක් සිදුවේ තිබෙනවා . මංකොල්ලයක් ලෙස මෙය සමාජ ගතකලාට එහි ඇත්ත තත්වය නම් උපක්ක්‍රමශීලිව යම් ආයතනයක් විසින් අධික ලාබයක් ලැබීමයි - එය නීති විරෝධී නැති වුනත් මෙවැනි රටට අහිතකර දෙයට අනුබල දෙන අයට නිසි දඩුවම් ලැබිය යුතුයි .
අපට හැකියාවක් තිබේනම් ඔය දියවන්නාඔය මැද්දේ තිබෙන මුළු රටටමත් හා මුළු සුරයක්ග්‍රහ මණ්ඩලයටම ගද ගසන පල්වෙලා පිරිලා ඉතිරිලායන අසුචි වල පවිත්‍ර කරලා රටට ප්‍රයෝජනයක් වෙන වැදගත් ඉස්ථානයක් කරන්න එක ලොකු පිනක්. පහත දැක්වෙන යෝජනා වලට ගැලපෙන පුරවැසියන් හට එය ඉතා පහසුවෙන් කල හැක. 1. පොදුජන සේවයට එන මාහට කිසිම වරප්ප්‍රසදයක් අවශ්‍ය නැත, විශේෂයෙන් තීරුබදු සහිත වාහන, ( පොදු ප්‍රවාහනයේ ජනතා සේවයට එන්නෙමේ. ) 2. ඉතා අඩු මිලට දැනට ලබාදෙන අති සුපොකබෝගී ආහාරඅවශ්‍ය නැත ( මගේ හාමිනේ හෝ අම්ම හෝ සහෝදරිය උයා පිහාදෙන බත් පත ගෙනත් බඩගින්න නිවගාමී) 3. කිසිම හොරකමකට සහබාගි නොවෙමි. 4.රජයේ අනුමත වැටුපක් පමණක් ලබගන්නෙමි. ( එය රජයේ මධ්යම පන්තියේ වැටුපක් වුණාට කම් නැත.) .විදේශ සංචාරයේ යෙදෙනවානම් මගේ පුද්ගලික මුදලින් එම ගමන් බිමන් යනෙමි. ( පව්ලේඅය කිසිම විටක රජයේ මුදලින් රැගෙන නොයමි.) මෙවන් ලංකා මාතාවට ආදරය කරන පුරවැසියන් සිටිනම් ඔව්න් හට මහජන සේවයට පැමිණ සේවය කල හැක.එවැනි පුරවැසින් සිටින රටක් වාසනාවන්ත රටකි.මාහට හොද විස්වාසයක් ඇත ඉහත කරුණු සලක බැලීමේදී රටේ පළමු පුරවසියත් තම ගම්බිම් බලායනු ඇත.
පළමුව පසුගිය රජයේ වංචා අල්ලන්න. දෙවනුව නිදහස් පක්ෂයේ ඉඳන් යහපාලන ආණ්ඩුවට සහය දෙන අයගේ වංචා අල්ලන්න. තෙවනුව රවී ගැන තීන්දුවක් ගන්න. සිව්වැනිව එජාපයේ කට්ටිය ගැන හොයන්න. නැත්නම් 2020දී අපි ඔබලා ගැන තීන්දුවක් ගන්නම්.
ටික ටික අපේ විශ්වාසය ඔබතුමා කෙරෙහි ඇති වේගෙන එනවා. ඔබතුමා මේ හොරු ටික එලෙව්වොත් සහ දඬුවම් කළොත්.... ඔබට ජය නියතයි. හැබැයි බොරු දඬුවම් දීලා පස්සේ වෙන ඇමති කමක් දුන්නොත් අායෙත් නම් පළාතේ එන්න හිතන්නවත් එපා.
අතිගරු ජනාධිපතිතුමනි, ගරු රවි ඇමතිතුමාට ඉස්සරවෙලා තනතුරින්ඉවත් වෙන්න කියන්න. එහෙම ඉවත් කළහම ඔබතුමාට නො බියව කියන්න පුළුවන් ඔබතුමාගේ කණ්ඩායමේ ඉන්න පැරණි හොරු ටිකටත් අයින් වෙන්න කියලා. ඒ සඳහා ඔබතුමාට ධෛර්යය, ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
රවිව අයින් කරන්නයි කියමින් ඉල්ලීම් නම් කිහිපයක් තියෙනවා. නමුත් ඇයි මෙයාව අයින්කරන්න මෙතරම් ප්‍රමාද?
ඔය දියවන්නාවේ මැද ඉන්න බහුතරයක් පන්සිල් රකින්නේ ද ?.
රවී ගේ විශ්වාස භංගයට පස්සේ ගිය සියල්ල ජනාධිපති කොමිසමට එනකොට හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු ....!!!
එතකොට මීට දවස් කිහිපයකට කලින් අගමැතිතුමා ආණ්ඩුවෙන් එලවනවයි කීව හොරා රවීද? මොකද රවී ඉල්ලා අස් වෙනවා කියන්නේ ඔහු වරදක් කල බව ඔහුට හොඳින් හෝ නරකින් පිළිගන්න වුණා කියන එක. ඒ කියන්නේ ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගැනීම අප සියලු දෙනාටම අයිතියක් තියෙන බවයි.
ඉවත්කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අර යෝජනාව එන්න කලින් ඉල්ලා අස්වෙන එක සිකුරුයි. යෝජනාව විවාදෙට ගත්තොත් අවුරුද්ද ඉවර වෙනකල් ගහ ගත්තත් ඉවර කරන්න බැරි තරම් දෙපැත්තටම මඩ තියෙනවා. පොඩ්ඩන්ගේ මඩ ගැන කවුද ගණන් ගන්නේ? හැබැයි, ලොක්කන්ගේ මඩ එලියට එනවා දකින්න නම් කවුරුත් බයයි. ඒ නිසා ගිවිසුම් ගත නාටකයේ ප්‍රකාරව මේ චරිතය ඉල්ලා අස්වීමෙන් (ඉල්ලා අස්කරවීමෙන්) හෙවත් පවු කාරයාට ගල් ගැසීමෙන් අනික් කට්ටියගේ ශුද්ධවන්ත භාවය එහෙමම රැකගෙන නාටකය අවසාන වෙනවා.
ව්‍යාපාරිකයෙකු වූ රවි කරුණානායක එදා හොම්බෙන් යමින් සිටි ජනාධිපතිවරණ ව්‍යාපාරයට ගෙන ආ මුදල රුපියල් මිලියන 500 ක් පමණ විය. අද සෝභමාන අදූෂිතයන් ලෙස කතා කරන සිවිල් සංවිධාන නායකයන් නැගී ප්‍රචාරක ස්ටේජ් වලට ද වියදම් කෙරුණේ එම මුදල් වලිනි. එදා රවි කරුණානායක වියදම් කෙළේ කාගේ මුදල් දැයි සෙව්වේ නැති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොමිෂන් දමා රවි කරුණානායකගේ නිවසට කුලී ගෙවූ එක ගැන සෙවීමත්, එය පදනම් කර ගෙන ඔහුට ඇමැතිකමින් ඉල්ලා අස්වන්නැයි තමන්ට හිතවත් මාධ්‍ය හරහා මඩ ප්‍රචාර කිරීමත් කෙතරම් නීචදැයි යහපාලනවාදීන් කල්පනා කළ යුතු නොවන්නේ ද?
රවීව ඇමතිකමින් පමණක් නොව පාර්ලිමෙන්තුවෙනුත් යවන්න ඕනෑ. අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවේ.
කොහොම ගෙදර යවන්නනද ? .. ගියොත් කට්ටියගේ වස්තරෙත් ගැලවෙන්නම රවී කියයි.. ඔක්කොම හොරුනේ.. අපිට මොකක් හරි බෝලයක් බස්සලා..ශේප් වෙයි.. අහිංසක මහජනතාවගේ සල්ලි හොරාකන අයට ස්වභාවධර්මයම දඬුවම් දෙයි..
අලි බාබා සහ හොරු 40 ඔයාලට බඩ අල්ලාගෙන හිනාවෙන්න තමයි වෙන්නේ. අපිට ගම්වල ඉන්නත් නෑ. රවීව යවමු.
අවම වශයෙන් පරීක්ෂණය අවසන් වන තුරු රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් අයින් කර තබන්න. ඔහු නිදොස් යයි ඔප්පු වුවහොත්, නැවත තනතුරට පත් කල හැකියි. රටේ පවතින ජන මතයට අනුව, ඔහු තව දුරටත් අමාත්‍ය ධුරයේ තබා ගැනීම රජයේ විශ්වාසනීයභාවයට කැළැලක් වනු ඇත.
ජනපතිතුමනි ඔබව බලයට ගේන්න කැප වුණේ රවීද, නැත්නම් මහරාජා මේ රටේ දේපළ එළිපිට හොර කකා, රටේ නීතිය, දූෂණය කරන කොට නගුට පස්සේ ගහගෙන හිටියේ ඇමැතිවරුද?
බැදුම් කර ගනුදෙනුව වගේම සියල්ල ජනාධිපති කොමිසමට රැගෙන යන්න, උතුමාණනි... සාමය නීතිය සැමට පොදු රටක් ලෙස අප රට රැගෙන යන්න. විස්ණු කතරගම ඇතුළු 33 කෝටියක් දෙවි දේවතාවනි!!!