(ඩයනා උදයංගනී)
කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
එය ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමන් විරුද්ධව ඡන්දය ලබාදෙන බවද ඇයි කියයි.
රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද(03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදි අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ අමාත්‍යවරියගේ කේන්තිය සාධාරණ බවත් සාකච්ඡා කර ඇගේ ගැටළුවට විසඳුමක් දීමට බලාපොරොත්තු වන බවත් ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.