හර්ෂණ තුෂාර සිල්වා
මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.
සයිටම් අර්බුදය නිම කිරීමට නිර්දේශ හතරක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් වෛද්‍ය සිසුන් පන්ති වර්ජනය කිරීම නතර කරන බව දන්වමින් පීඨාධිපතිවරුන් මෙම ලිපිය යොමු කරනු ලැබ තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත යොමු කර තිඛෙන ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාට යොමු කර ඇත.
මෙරට විශ්වවිද්‍යාල අටේ පීඨාධිපතිවරුන්ගේ අත්සනින් යොමු කරන ලද ලිපියේ සඳහන් නිර්දේශ හතර මෙසේය.
1 සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම නවතා දැමිය යුතුයි. (සිසුන් බඳවා ගැනීම ස්ථීර පදනම යටතේ නවතා දැමිය යුතුය)
2 වසර 2016ට පෙර බඳවා ගන්නා ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම සුදුසුකම් සපුරන ලද සිසුන්ට ( උසස් පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ) ඔවුන්ගේ පාඨමාලා අවසන් කිරීමට ඉඩ දිය යුතු අතරම › ලංකා වෛද්‍ය සභාවේ අමතර පුහුණු අවශ්‍යතා සැපිරීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය ශ්‍රම බලකායට ඇතුළත් කර ගත යුතුය. එමෙන්ම ඔවුන් › ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය ද සමත් විය යුතුය.
3 වසර 2016ට පෙර බඳවා ගන්නා ලද සිසුන් සඳහා පවත්වන අන්තර්කාලීන වෛද්‍ය උපාධි අධ්‍යයන වැඩසටහන සහ වෛද්‍ය උපාධිය පිරිනැමීම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ රෙගුලාසිවලට අනුකූලව අන්තර්කාලීන ස්වාධීන අධිකාරියක් විසින් අනුමත කළ යුතුය.
4 වෛද්‍ය පනතේ 72.4 වගන්තිය ප්‍රකාරව 1 සහ 3 නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එම අනුමැතිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඔස්සේ සියලූ පාර්ශ්වවලට සයිටම් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවත්, මෙම අර්බුදය තවදුරටත් දිග්ගැස්සීම වළක්වාලමින් අපගේ සිසුන් නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමත් සිදුවනු ඇතැයි ද එම ලිපියෙන් පීඨාධිපතිවරු සඳහන් කරති. එමෙන්ම මේ ඔස්සේ අනාගතයේදී › ලංකාව තුළ ක්‍රියාත්මක වෙන සියලූ වෛද්‍ය අධ්‍යාපන වැඩසහන් ඉහළම ප්‍රමිති සහ සම්මතවලට අනුව ක්‍රියාත්මක වීම සුරක්ෂිත වනු ඇතැයි ද පීඨාධිපතිවරු පෙන්වාදෙති.
මෙම නිර්දේශ අනාගතයේදී › ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමෙන් වෙනස්වන බව ද පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
ලිපිය සම්බන්ධයෙන් කඩිනමින් ධනාත්මක, සැක උපද නොවන සහ නිල ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ලිපියේ තවදුරටත් සඳහන්ව ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදේණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, › ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇන්ජෙලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බලමු..
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානයට මෙය යොමුවී මෙම ප්‍රශ්නය විසදේවා. සයිටම් ළමුන්ටත් රජයේ ළමුන්ටත් අනාගත සුරක්ෂිත භාවය මේ තුලින් ලැබේවි.
ඉතාමත් යථාර්ථවාදී විසඳුමක්. සයිටම් ආයතනය රජයට පවරාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක් වශයෙන් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යනවාවනම් වඩා සුදුසුයි.
මෙම යෝජනා මාලාව වඩාත් සාර්ථකයි , මෙමගින් දැනට සයිටම් හොර උපාධි කඩේට බැදිලා ඉන්න සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත්, නැවත හොර උපාධි කඩේට එස් 3ක් තියෙන ළමයි බදවා නොගැනීමටත් (ප්‍රමිතිය ස්ථාපිත කිරීමටත් ) ,දැනට දින 545 කට අධික කාලයක් තම අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සිටින ලංකාවේ හොදම බුද්දිමත් දරුවන්ට ඉගනගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය විමටත් උපකාරී වේ. එහෙත් ප්‍රමාණවත් අධ්‍යාපනයක් නැති මේ ඔලමොට්ටල දේශපාලුවන්ට මෙම විසදුම් තේරුම ගැනීමට අපහසුවනු ඇත, එය තේරුම් ගැනීමට දේශපාලකයින්ට ගනදෙවි නුවණවත් පහළවේවා,
අවුරුද්දක් විතර අංසක 360ක රවුමක් ගහල හිටිය තැනටම ඇවිල්ල වගෙයි මට නම් හිතෙන්නේ. කොහොමද අපේ මහදැන මුත්තලාගේ රත්තරන් විසඳුම.
ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙම නියමයන්ට යටත්ව ඇතිකළ යුතුයි නේද.? අපගේ හැගීම මෙම තත්වය යටතේ රජයේ වෛද්‍ය සභාවේ නියාමය යටතේ සයිටම් ආයතනය පවත්වාගෙන ය යුතු බවයි.
පීඨාධිපතිවරුන් ක්‍රියා කල යුත්තේ රජයේ ප්‍රතිපත්ති වලට වන අතර ඔවුනට රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා නිශ්චිත යෝජනා කිරීමට කිසිදු නීතිමය අයිතියක් නැත. සිසුන්ට අධ්‍යාපන කටයුතු නොකිරීමට බල කරන්නේ මෙම පීඨාධිපතිවරුන් සහ සමහර ආචාර්යවරුන්ය, රජය පළමුව කල යුත්තේ මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියා කර රජයේ වෛද්‍ය සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දීමය.
මෙයාලට පිස්සුද නැත්නම් ළමයින්ට බය වෙලාද? ඇයි සයිටම් එකට සිසුන් ගන්න එක නතර කරන්නේ?? ඇතුල්වීමේ අවම අවශ්‍ය සුදුසුකම් හා MBBS උපාධිය සදහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ළමයින්ට එකම දවසේ එකම විභාගයට වාඩිවෙන්න ඕන විදියට ගැසට් කරාම හරිනේ.. දැන් පෞද්ගලික පාසල් වල ළමයි සාමාන්‍ය පෙළ/ උසස් පෙළ ලියනවා වගේ... එකම විභාගය එකම දවසේ... අනාගතේ ළමයි ගන්න එක නතර කරන්න කියන්නේ කුහකකමට...
මේවා නිර්දේශ කරන අය වගේද අපේ රාජිත ඇමතිතුමාගේ දැනුම. ඒ නිසා මේ කිසිවක් අදාල නොවේ.
පන්ති නොයන අයට පන්ති යන්න නම් සයිටම් සිසුන් ගැනීම සදාකලිකව නවත්වන්න කියන්නේ වහල දාන්න කියන එකනේ. පන්ති නොයන අය ගෙදර ඇරියා නම් මොකද වෙන්න? පීඨාධිපතිවරුන්ගේ ළමයින් පන්ති නොයන එක හදාගන්න වෙන ආයතන වහන්න කියන්නේ අස්වෙලා ගෙදර යන්න.
ඔක්කොම බයේ දඟලනවා. සයිටම් දොස්තරලා ඒවියි කියලා. මේක පුදුම වැඩක්නේ. මොකක්ද මේක පිටුපස තියන රහස? රටට ආදරේ කෙසේ වෙතත් තමන්ගේ මඩිය ගැන බයවෙලා වගේ...
ඉතාමත් හොඳ දෙයක් මන් හිතනවා ජනාධිපතිගේවත් හිත මේ පැත්තට යොමුවෙයි කියලා.
මෙම ප්‍රශ්නය මෙපමණ දිගට ඇදගෙන යාම පිළිබඳව මෙම උද්ධච්ච පාලකයන්ට මෙරට සියලුම දෙමාපියන් නුදුරේදී නිසි පිළිතුරක් ලබාදෙනු ඇත.
කරන්නම් කියල ඉල්ලා ගත්තට කරන්න දන්නේ නෑ කරගන්න බෑ ඉතාම දුර්වලයි.
දැන් දෙවෙනි නිර්දේශය කියන විදිහට සයිටම් එකේ C -2 යි S -1 නැති ළමයිත් ඉන්නවද? දන්නේ නැති නිසයි අහන්නේ
මේක මොන විසඳුමක්ද? මේ සියලු දෙනාමත් අර දොස්තරලගේ සමිතියේ සාමාජිකයෝ වගෙයි පෙනෙන්නේ. අඩු වශයෙන් තිබුණ සයිටම් එකට සිසුන් බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් කල යුතුයි කියලා හරි කියන්න.
වෛද්‍ය විද්‍යාලයේ ළමයින්ට පන්ති එන්න මොකටද සයිටම් වහන්නේ? උසස් පෙළ සුදුසුකම් නැති අය ඉවත් කළාට නම් කවුරුත් විරුද්ධ නැහැ.
පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ පිහිටුවිය යුතුයි. රජයට මුළු අධ්‍යාපන වියදම දැරීමට බෑ. සැමට එකම විභාගයක් පැවැත් වීම සුදුසුයි. ශිෂ්‍යයින් පන්ති වර්ජනය කරනවා නම් ශිෂ්‍ය භාවය තහනම් කල යුතුයි. රජය කොන්ද කෙලින් තියාගත යුතුයි. කඩාකප්පල්කාරීන් හඳුනා ගනිමු.
පුද්ගලික විද්‍යාල, විශ්ව විද්‍යාල තව තව ඇතිවෙන්න ඕන රට දියුණුවෙන්න නම්, නිකන් දෙන අධ්‍යාපනය රටකට බරක්... අපේ රටේ ඊට වැයකරන අපේ බදු සල්ලි දිහා බැලුවම මීට වඩා ලොකු ප්‍රගතියක් තියෙන්න ඕනෑ.. හැම ක්ෂේත්‍රයකටම... නමුත් ඉහළට ඉගෙනගත්ත අය ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවලට සංක්‍රමණය වෙනවා. ඔවුන්ට සුදුසු අවස්ථා නොලැබෙන නිසා... අපට බුද්ධිගලනය නිසා ප්‍රතිලාභ අහිමිවෙනවා. ගෙවා අධ්‍යාපනය ලබන රටවල දෙමව්පියෝ, දරුවෝ ඉතා වගකීමෙන් ඉගෙන ගන්නවා. 27 වෙනකොට පී.එච්.ඩී ගන්නවා. මේ විහිළු නවත්තන්න ඕනෙ දැන් වත්...
විශ්ව විද්‍යාලයේ ස්වභාවය දන්නේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපන ලැබුවත්, දැනට විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලබන සිසුන්, ආචාර්යවරුන් සහ විශ්ව විද්‍යාලීය අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයයි. මෙතන අදහස් පලකරන සමහරක් ගැන කණගාටුවක් ඇතිවෙනවා. මන්ද මෙම සිසුන් තව අවුරුදු 5ක් ඇතුළත නියත වශයෙන්ම වෛද්‍යවරුන් වෙනවයි... එ්කේ ගැටළුවක් නැහැ. එත් මේ ළමයි කතා කරන්නේ ඔබේ දරුවාගේ අනගතය ගැනයි. රටේ වෛද්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ ගුණාත්මකභාවය ගැනයි. "සී" 3 අරගෙන හෙදියක්වත් වෙන්න බැරි රටක S-3 වෛද්‍ය උපාධියක් ලබාදීම නුසුදුසුයි.
සයිටම් එකේ ළමුන්ව ගන්න සම්මුඛ පරීක්ෂණ තිබ්බේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්... වෛද්‍ය සංගමය ප්‍රසිද්ධ කරපු C-2, S 1ට අඩු ළමයි සයිටම් එකේ නැහැ. ඒ වුණාට රජයේ දොස්තරලා ඉන්නවා උ.පෙළ නැති අය. කොළඹ වෛද්‍ය විද්‍යාලයට අල්ලපු වැටෙන් එහා පැත්තේ රෝහලේත් ඉන්නවා. ලංකාව පුරා 100 කට වැඩිය රජයේ දොස්තරලා ඉන්නවා උ.පෙළ නැති අය අධ්‍යාපනය ලබන්නේ පිටරට. රස්සාව රජයේ රෝහල්වල. අවුරුද්දකට කී දෙනෙක් ඝාතනය වෙනවා ඇතිද? සයිටම් එකේ ප්‍රමිතිය මේ රටේ ජනතාව දන්නේ අඩුවෙන්. කොළඹ, ජයවර්ධනපුර ඇරුණාම හොඳම සහ වැඩිම සහ උගත්ම ගුරුවරු ඉන්නේ සයිටම් එකේ. ඔය කුහක කතා අතහැරලා දෙන්න පොදු විභාගයක්... කව්ද ඉස්සරහින් ඉන්නේ කියල පෙන්නන්න.
බලන් ගියාම රජයක් ඕනේ නැහැ වගේ. මෙහෙමත් මිනිස්සු ඉන්න එකම රට ලංකාව.. කවද ගොඩ එයිද දෙන්නේ නැහැ. රජයට හැම වියදමක්ම දාන්න ඕනෙද? කාගේ සල්ලිද..? ලැජ්ජයි..
හොඳ වැඩපිළිවෙළක් පටන් ගන්නවා නම් හොඳයි.
මේවා විසඳන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි..
ඇත්ත වශයෙන්ම සයිටම් එක රජයට පවරාගත යුතු නැහැ. එ්කෙන් පුද්ගලික උපාධිය දෙන්න ඕනෑ. එතකොට තමයි අපේ රටේ ඉන්න උගතුන්ට වගේම නූගතුන්ටත් තේරෙන්නේ දොස්තර කෙනෙක් කියන්නේ කව්ද කියන එක හරියටම? මමත් දොස්තර කෙනෙක්... මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි හොඳ දොස්තරලා කව්ද කියන එකත් දන්නවා... එ් නිසා මම නම් කැමති පුද්ගලික විශ්ව විද්‍යාල වලට...
මේ පීඨාධිපතිවරුන්ට ඕනෑ අර පෙරටුගාමී වලින් අල්ලා ගෙන ඉන්න ළමයි ටික කියන දේට ආණ්ඩුවට බල කරන්න නේද යන්නේ? මුලදී ඕව්වා කිව්වේ නැහැනේ. බලාගෙන ගියාම පෙරටුගාමීන්ට බයේ ඔක්කොම යෝජනා වෙනස් කරනවා.
සයිටම් ප්‍රශ්නය විසඳන්න මේක හොඳ තීරණයක්...
මේක ඉතින් මට නම් කියන්න තියෙන්නේ හොඳයි කියලා..
අවම සුදුසුකම කොතලාවල වෛද්‍ය පීඨයටත් බලපානවද? එස් 3 අයත් කොතලාවල වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉන්නවා.
සයිටම් එකෙන් අපිට වැඩක් නැහැ. දැන් ඔය වෛද්‍ය සභාවෙනුත් අනුමත පිටරට සිසුනුත් වෛද්‍ය අධ්‍යාපනය හදාරන කොතලාවල වෛද්‍ය පීඨයෙන් ලංකාවේ සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න බැරි හේතුව කියන්නකො බලන්න. තමන්ගේම අයට වලකපන කුහක ජාතියක්. අද ඉන්දියාව විතරක් නෙමෙයි, බංගලියොත් ඉදිරියෙන් සිටින බව මතක තියා ගන්න. පිරිමින්ට ත්‍රී වීලර් රථයයි, කාන්තාවන්ට මැදපෙරදිග ගෘහ සේවයයි තමයි ඔයගොල්ලන්ට ගැලපෙන රැකියාවන්. ඒක කරගෙන, පාඩුවේ ඉන්න. මොන දොස්තරකම්ද?
ඔය සයිටම් වහන්න කියල කෑ ගහන ගොඩක් වෛද්‍ය සිසුන් තමන්ගේ පදිංචි දිස්ත්‍රික්කයෙන් වෙන දුෂ්කර දිස්ත්‍රික්කයකට ගිහින් හොර ලිපින දාලා උසස් පෙළ ලියලා අඩුම ප්‍රතිඵලවලින් සහ Z ස්කෝර් ප්‍රශ්න නිසා ලැබුණු පිනෙන් වෛද්‍ය විද්‍යාලවලට ගිහින් දැන් ලොකු මානසිකත්ව වල ඉන්න අය. මගේ පන්තියෙත් එහෙම අය කීප දෙනෙක් ඉන්නවා. දන්නා නිසා වගකීමෙන් කියන්නේ. ඕනෙනම් නම් ගම පවා දෙන්නත් පුළුවන්...
කැකිරාවේ බණ්ඩාර කියන්නේ කොහොමද පන්ති වර්ජනය කර සිටින මේ සිසුන් තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම වෛද්‍යවරු වෙනවා කියා? ඔය පීඨාධිපතිවරු දැනටම පොරොන්දු වෙලාද රෝගීන් මරවන්නට සහතිකය දෙන්නම්... පන්ති නොපැමිණියාට කමක් නැහැ කියා.