(රොමේෂ් මධුෂංඛ)
ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ අඟහරුවාදා (1) සවස යාපනය පොලීසියේ ශ්‍රවනාගාරයේදී සිවිල් සංවිධාන හා ආගමික නායකයින් සමග පැවති සාකච්ඡාවක් අමතිමිනි.
“අපි ත්‍රස්තවාදය අවසන් කරයි කිව්වට එහි යම් යම් බීජයන් ඒ ආකාරයෙන්ම අවසන් වුණා කියල කාටවත් කියන්න බැහැ. එකක් ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාරදුන්නා ,සියලු ආයුධ ඉවරයි කියන්න බැහැ. “
“අනිත් එක ඒ අයගෙ තිබුණු පුහුණුව ජීවන රටාවත් එක්ක ගියපු ආකල්ප වෙනස් වෙලා නැහැ.එකක් වුණා දෙකක් වුණා. අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා.මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. මේක නවත්තන්න වෙනවා.පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් ආරක්ෂාව තහවුරු කරල තියෙනවා.නමුත් අපිට මහජනතාවගේ සහයත් අවශ්‍යයි. එයයි මෙහි ප්‍රධානතම දේ.“
“එල්.ටී.ටී.ඊ සංවිධානය මුලින් ආව විදිහට තමයි මේ එන්න හදන්නේ මේකට අපි ඉඩ දිය යුතු නැහැ.ඔබ එය නිවරදිව වටහාගන්න.මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි නීතිය ක්‍රියාත්මක කිරීම හා සාමය සුරැකීම “
“අපේ නිලධාරියකු කැපුවා අපේ නිලධාරියකු මැරුවයි කියලා අපි පලිගන්න යන්නෙ නැහැ. අපි එස්.ටී.එෆ් එකෙත් උදව් අරගෙන හමුදාවෙත් උදව් අරගෙන මිනිස්සුන්ට හිංසා වෙන කොයිම විදිහේ වැඩපිළිවලක්වත් දියත් කරන්නෙ නැහැ අපි බොහොම ඉවසීමෙන් සංයමයෙන් එ සිද්ධි දිහා බලලා අදාළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ වලිනුත් තොරතුරු අරන් අපි සාකච්ඡා කරල තමයි අපි අත්අඩංගුවට ගන්නෙ.අපි දැනටමත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අය පුනරුත්තාපනය නොවු හිටපු එල්.ටී.ටී.ඊ .සංවිධානයට අයත් අය “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ උත්සාහයට අපගේ අසිර්වාදය. නැවත යුද්දයක් අවොත් වැඩිපුරම දුක් විදින්නේ අපේ අහිංසක සහෝදර දෙමල ජනතාව. සාමය කාටත් කොච්චර හොදද.
කොබ්බෑකඩුව සෙන්පතියා ඝාතනය කර අවුරුදු විසිපහයි... එතුමා වාගේ නිර්භීත, ගුණගරුක සෙන්පතියෙක් බිහිවෙන එක ආයෙමත් අවුරුදු සියවස් ගාණකට කල් ගියත් ඊට පෙර නම් සිද්ධවෙන්නේ නැහැ.. එමනිසා පොලිසියෙන්ම මේ කොටි විෂබීජය තුරන් කරලා දැම්මා නම් හොඳයි...
ඔබතුමාට ඕක කියකියා ඉන්න දෙයක් නෙවෙයිනේ. සියලු නිත්‍යානුකූල හැකියාවක් තියාගෙන ඉන්නේ නැතුව ඒක පාවිච්චි කරලා අාපහු මේ වගේ අර්බුදයක් ඇතිවෙන එක නවත්තන්න...
එදා සොළියා... අද දෙමළා.. දෙමළ ත්‍රස්තවාදය නැති කරන්න කාටවත් බැහැ. කලින් කලට ඇස්, ඉස්,මස්, ලේ ජීවිත පුජාවෙන් තමයි මේ සිංහල ජාතිය රැකුණේ... එය නියතයක්. බල තණ්හාවට දේශපාලකයන් සහ ඩොලර්වලට හිඟමනේ යන ද්‍රෝහියන් මොනවා කිව්වත් සත්‍යය එයයි. ඉතාමත් හොඳ දෙමළ මිනිස්සු ඉන්නවා. නමුත් ඔවුනුත් දෙමළකම සහ දෙමළ ත්‍රස්තවාදියාට ඇති බිය නිසා ඔවුන්ගේ පැත්ත ගන්නවා. දැන්වත් ඇත්ත වැටහුනා නම් ඒ ඇති. මේ කියන පළාත් පාලනයේ වගකිව යුතු නිලධාරියෙක් වශයෙන් කල සේවය තුලින් ලද අත්දැකීමෙන්. හැකිනම් කාත්තන්කුඩියේ මහා පාර මැද ඇති එළාර නමැති කපටි ආක්‍රමණිකයාගේ සහ ඔහුගේ බිරින්දෑවරුන්ගේ පිලිරූ ඉවත් කරන්න. මෙය ඉල්ලීමක් නොව යහපාලකයන්ට, ගැත්තනට සහ ඩොලර් හිඟන්නන්ට කරන අභියෝගයක්....
බුද්ධි අංශ වලිනුත් තොරතුරු අරන් අපි සාකච්ඡා කරලා තමයි අපි අත්අඩංගුවට ගන්නේ. විශ්ව විද්‍යාලවල සිසුන් වගේ නම් ටක් ගාලා අත්අඩංගුවට ගන්නවා.
කොටි එන්නේ එදා ආපු විදියට නොවෙයි, යම් යම් අයගේ ආශීර්වාදයත් සමඟයි.
නැගී එන කොටි මදුරුවො තලන ආකාරයට තලල අඹරවල දාන්න ඕනේ..
පොලිස්පතිතුමා පේන කියන්න දක්ෂයි වගෙයි.
කොහොමද සංහිඳියාවේ තරම...
දැන්වත් තේරුණු එක ලොකු දෙයක්. ඒ වුණාට මේ ආණ්ඩුවේ ලොක්කෝ කිව්වේ වතුර බෙසම්වල කිඹුල්ලු දකිනවා කියලනේ... එහෙම කියලා තමයි 1983 දී 11 දෙනෙකු ඝාතනය කර පටන්ගත්තු සිද්ධිය අවුරුදු 30ක් විතර ඇදිල ගිහින් හමුදාවේ 26,000 ක් මැරිලා අහිංසක මිනිස්සුත් දහස් ගණනක් මැරිලා 2009 දී අවසාන වුණේ. එදා හිටපු ගෑනියෙක්, මිනිහෙක් කරන්න විතරක් බැරිය කිව්වා..., ප්‍රවීන ජනපති ඉන්දියාව ඉස්සරහ දණගහලා අපේ රටට පළාත් සභාත් ආවේ. ඒ නිසා තවත් මේක මේ බීපු කොල්ලෝ ටිකකගේ වැඩක් කියලා කියන්නේ නැතිව දැඩි පියවර ගන්න ඕනේ. සිංහල වේවා, දෙමල වේවා, මුස්ලිම් වේවා මේ සිද්ධිවලට ඉඩදුන්නොත් රට තවත් ආගාධයට වැටෙනවා.
එත්..... මහත්තයෝ මේ සංහිදියාකාරයින්ගේ උගුලටනම් අහුවෙන්න එපා.
ඉස්සර නැති කොටි දැන් එලියට එනවා
යාපනයේ පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙන්නට කඩු පාර දුන් කල්ලියේ දෙමළ හිටියේ 2 යි, අනෙක් අය සිංහල එසේනම් සිංහල කොටිත් ඉඳල තියනවා
නීතිය නවන්න බයද?
එකියන්න්නේ හිටපු ජනාදිපති තුමා වැඩේ හරියට කරලා නැ!!!!!!!!!
ඕක තමා මෙච්චර කල් කීවේ යාපනයේ තත්වය. සංහිදියාව කියලා ඔලුව පාත් කරන්න එපා. රටේ නීතියට හැමෝම යටත් වෙන්න ඕන. නැවත යුද්ධයක් අවොත් ලංකාවේ සියලුම ජනතාව දුකට පාත් වෙනවා. මොකෝ මෙච්චර කල් දෙමල මිනිස්සු විතරද මරුනේ? හැබැයි එන් ජී ඔ කල්ලි නම් සල්ලි හම්බ කළා. මට මතක වාහන වල පස්ස පැත්තේ කොඩි ගහගෙන දිව්වා. ඒ වගේ උන් තමා කියන්නේ දෙමල මිනිස්සු විතරයි යුද්ධයෙන් බැට කෑවේ කියලා. කොළඔ ඉදන් ඕනේ ශ්‍රී ලන්කන් කීවට උතුරු නැගෙනහිරා තාම කොටි පුරුක් තියෙනවා. අනික කවදාවත් ත්‍රස්තවාදීන්ව සමරන්ට දෙන්න හොද නැහැ. ඒ මොකද කීවොත් එතකොට පන්නරයක් එනවා රටක ආණ්ඩුවකට විරුද්ධව යුද්ධ කලත් ඔවුන්ව සමරනවා කියලා. ඒ පාදමත් දෙන්න ඕන. නීතියක් තිබේ නම් එක නීතියයි. ඒ ලංකාවේ නීතිය පමණයි අපේ රටට.
එතකොට අර ජනෙල් පඩිය උඩ ඉඳන් කිව්වේ අපි ත්‍රස්තවාදය නැති කළා හාමුදුරුවනේ කියලා? එක බොරුද?
ඔබ ඔහොම කීවට දේසපාලන බලවතුන් ඔබට අනුග්‍රහය නොදක්වනු ඇත චන්දය ලබාදීම වෙනුවෙන් හමුදාව ඉවත් කර ත්‍රස්ත වාදීන් නිදහස් කල හමුදාව නොසලකා හැර නිග්‍රහ කර අකර්මන්‍ය කලා හේතුව පවතී පාලනය පෙරලා දැමීමට කරන ලද උදව් නිසා උදව් දුන්නේ නිකම් නොවේ
අයෙත්නම් යුද්දයක් එපා. යස්‌මින් සුකාලගේ බොරුවලට උත්තර දීල. රට බේරාගමු.
ලංකාව චිනේ එක්ක ගිවිසුමක් ගහල රටේ වෙළඳ ව්‍යාපාර පටන් ගන්න යනවා. ඉදිරියේදී චීන අමුද්‍රව්‍ය යොදාගෙන මේ රටේ නිෂ්පාදන පටන් ගන්නවා. ඒ අමුද්‍රව්‍ය මේ රටට ගෙනෙන්න බදු රහිත වෙළඳ ගිවිසුමකුත් එන්න පුළුවනි. අපේ අසල වැසියා කුට්ටිමනිල පුහුණු කරලා එවල අවුරුදු තිහක් මහන්සිවෙලා උත්සහ කලේ මේකටද? ලංකාවේ නිෂ්පාදන සහ සංවර්ධනය අකර්මන්‍ය කරලා. තමන්ට ඉහලින් නැගී සිටින ආර්ථිකයක් ලංකාවේ ගොඩනැගීම විනාශ කලේ මේකටද? මේ රටේ තිබුණු සබන් කර්මාන්තශාලා වැනි ආයතන ගිනි තබා ඒ නිපැයුම් තමන්ගේ රටට ගෙනගියේ මේකටද? මුලින් ලංකාව නැගී හිටින්නට උත්සහ කලේ සුද්ද සමග එක්වෙලයි. රුසියානු පිල අත්හැර දමා සුද්දන් සමග යුද අබ්යාස පවා පවත්වන්නේ මේ අත්පත් කරගත් ශ්‍රී ලංකා අර්ධ ප්‍රාන්තය යලිත් අත්හැර දැමීමටද? කිසිසේත්ම නැත. නමුත් ඉන්දියාවට මෙවර සටන ඇත්තේ සුද්ද සමග නොවේ, අලුත් ලෝක ආර්ථික බලවතා වන චීනය සමගයි. ඒසඳහා පැරණි උපාය මාර්ගයම නැවත පණගැන්වීමට උත්සහ කිරීම පුදුමයක් නොවේ. මට හිතෙන විදියට නම් ඩෙංගු මදුරුවා අසාමාන්‍ය ලෙස රටපුරා ව්‍යාප්ත වීමත් මිට සම්බන්ධ දෙයක් ම විය හැකියි. රටවල් අකර්මන්‍ය කිරීමට ජීව විද්යතක අවි භාවිත කරන බව අමතක කරන්න එපා.
උතුරේ නැවත කොටි ඔලුව ඉස්සුවොතින් ආයෝජකයෝ, සංචාරකයෝ නොපැමිණෙති. රටේ ආර්ථිකය වැටෙන්නේ කබලෙන් ලිපට... එක එක්කෙනා තම බලය තහවුරු කරගන්න, මනාප ගොඩ වැඩි කරගන්න සහ එන්.ජී.ඕ. වලින් මුදල් ගන්න ඊනියා සංහිඳියාව ගැන කතාකළාට වැඩේ වැරදුණාට පස්සේ අමාරුවේ වැටෙන්නේ මුළු රටම. කරුණාකර එස්.ටී.එෆ්. බැරිනම් රටේම ඉන්න හමුදාවෙන් 75% හරි උතුරට යොදවලා, උතුර ආරක්ෂා කරගත යුතුය. ප්‍රභාකරන්ගේ කාලේ ඔහුට සංහිඳියාව ගැන උපදෙස් දෙන්න කවුරුවත් ගියේ නැත. රට ආරක්ෂා නොකළොත් සුළු ජාතීන්ගේ ඡන්ද කෙසේවෙතත්, සිංහල ඡන්ද විශාල ප්‍රමාණයක් නොලැබී යන බව අමතක නොකරන්න.
මේක දේශපාලුවෝ ඒ අයගේ වාසියට ප්‍රචාරය කරන කතාවක්. ඒ අය කැමතියි කොහොම හරි ආයෙත් වැඩේ අවුලුවන්න. පොලිසියට තියෙන්නේ උතුරේ තියන අපරාධ කල්ලි මර්දනය කිරීමයි. දැන් කොටි ඉන්නේ උතුරේ නෙවෙයි, දියවන්නා මාලිගාවේ!ඔවුන් උතුර දකුණ දෙකටම කෙලිනවා!
කලින් ආණ්ඩුව පශ්තාත් යුධ සමය ගැටුම් ඇති නොවීමට හරි හැටි කළමනාකරණය කළා. නමුත් මෙම ආණ්ඩුවට එවැනි දෑ පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. සංහිඳියාව කියන වචනයක් විතරයි තියෙන්නේ. ඔබ තුමාගේ මෙම ප්‍රකාශය මීට මාස කිහිපයකට කලින් කියන්න කරන්න තිබුණු දෙයක්. බොහොම ප්‍රමාද වැඩියි. පොලිස්පති ඉතිහාසයේ යුද්ධය තිබුණු සමයක වත් මෙවැනි පොලිස්පති කෙනෙක් තවත් නැහැ.
නව පොලිස්පතිතුමා අත්දැකීම් බහුල නීතිගරුක හොඳ නිලධාරියෙක් මේ කටයුත්තට එතුමා ඉතා සුදුසු පියවර ගනීවි ..!!!
අපි බලමු නිහඬව නීතියට ඉඩදී.