(රොමේෂ් මධුෂංඛ)
ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත්ත විදිහට නැවත එන්න හදන උත්සහය නැවත්විය යුතු බවටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ අඟහරුවාදා (1) සවස යාපනය පොලීසියේ ශ්‍රවනාගාරයේදී සිවිල් සංවිධාන හා ආගමික නායකයින් සමග පැවති සාකච්ඡාවක් අමතිමිනි.
“අපි ත්‍රස්තවාදය අවසන් කරයි කිව්වට එහි යම් යම් බීජයන් ඒ ආකාරයෙන්ම අවසන් වුණා කියල කාටවත් කියන්න බැහැ. එකක් ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාරදුන්නා ,සියලු ආයුධ ඉවරයි කියන්න බැහැ. “
“අනිත් එක ඒ අයගෙ තිබුණු පුහුණුව ජීවන රටාවත් එක්ක ගියපු ආකල්ප වෙනස් වෙලා නැහැ.එකක් වුණා දෙකක් වුණා. අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා.මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. මේක නවත්තන්න වෙනවා.පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් ආරක්ෂාව තහවුරු කරල තියෙනවා.නමුත් අපිට මහජනතාවගේ සහයත් අවශ්‍යයි. එයයි මෙහි ප්‍රධානතම දේ.“
“එල්.ටී.ටී.ඊ සංවිධානය මුලින් ආව විදිහට තමයි මේ එන්න හදන්නේ මේකට අපි ඉඩ දිය යුතු නැහැ.ඔබ එය නිවරදිව වටහාගන්න.මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි නීතිය ක්‍රියාත්මක කිරීම හා සාමය සුරැකීම “
“අපේ නිලධාරියකු කැපුවා අපේ නිලධාරියකු මැරුවයි කියලා අපි පලිගන්න යන්නෙ නැහැ. අපි එස්.ටී.එෆ් එකෙත් උදව් අරගෙන හමුදාවෙත් උදව් අරගෙන මිනිස්සුන්ට හිංසා වෙන කොයිම විදිහේ වැඩපිළිවලක්වත් දියත් කරන්නෙ නැහැ අපි බොහොම ඉවසීමෙන් සංයමයෙන් එ සිද්ධි දිහා බලලා අදාළ පුද්ගලයින් ගැන බුද්ධි අංශ වලිනුත් තොරතුරු අරන් අපි සාකච්ඡා කරල තමයි අපි අත්අඩංගුවට ගන්නෙ.අපි දැනටමත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අය පුනරුත්තාපනය නොවු හිටපු එල්.ටී.ටී.ඊ .සංවිධානයට අයත් අය “

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.