(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය.
මෙම ඇපල් ගිණුමේ ඇති දත්ත මකා දැමීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳගේ ඇපල් ගිණුම හරහා යමකු ඇලෝසියස්ගේ ගිණුමට ඇතුළුවීමට උත්සාහ දරා ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම එලෙස නියම කළේය.
එම ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා ඊට ඇතුළුවන යමෙක් වෙතොත් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන අයකු බවද කොමිසම දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නඩු භාණ්ඩ සොරා ගැනීමට තැත්කිරීමට සමාන වරදකි. අැයි එයට අැස් පියාගෙන ඉන්නේ. කොමිසමත් බොරුවක්ද කරන්නේ?
එක්කෙනෙක් දඹුල්ලේ පිංකැටය කඩන්න ගියා. අනෙත් අය මහබැංකුවට දුන්නා. උතුර, දකුණ මාරුවෙන්න. රටේ පළාත් පාලන මැතිවරණ තියන්නේ නෑ පැරදෙයි කියලා. පොඩි කාලේ ඉඳන් විජය එක්ක දේශපාලානය කළා කියලා කියපු කනොගේ ලොක්කා එකක් කියනවා, එස්.බී. මහතා තව එකක් කියනවා. ආරක්ෂක ලේකම් ජනාධිපති ලේකම් ටෙන්ඩර් මගඩි නිසා ඉක්මණින් ඉල්ලා අස්වෙනවා.. අනෙක් පුද්ගලයා ලොතරැයි මණ්ඩලය මුදල් එදිනෙදා ගේම් එක ගහන්න ඉල්ලනවා..
කොහොමද එහෙම කරන්නේ? මොන බොරුවක්ද?
බලන්න මෙයාලා ඇපල් කන්නත් ගිණුම් හදාගෙන. සල්ලි.. සල්ලි.. තමයි.
සෙමෙන් හෝ ක්‍රමානුකුලව නීතිය ක්‍රියාත්මක වීම සතුටක්... සාක්ෂි සොයා දඬුවම් දීම තමයි හොඳ. පැවතුන රජයත් ඔය දේම මහබැංකුවට කළා. ප්‍රකෝටිපතියන් වුණා. එහෙත් හොරු නිදැල්ලේ...
අර්ජුන් ඇලෝසියස් කියන්නේ පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ටම එක වගේ සල්ලි දෙන කෙනෙක්. පහුගිය කාලේ ගංවතුර ආපු වෙලේ ඔය පක්ෂ දෙකේම මැති ඇමතිවරු තමන්ගේ අතින් දෙනවා වගේ ගිහිල්ලා ආධාර බෙදුවේ ඇලෝසියස් මහතා දුන්න සල්ලි වලින් තමයි. නාමල් බේබිට ඇලෝසියස් සැලකුවේ කොහොමද කියලා දන්නෝ දනිති. කෙටියෙන්ම කිව්වොත් ඇලෝසියස් කියන්නේ පක්ෂ විපක්ෂ දෙගොල්ලන්නටම ජීවමානව ඉන්න මිල කල නොහැකි වස්තුවක්.
මෙයාටත් ළඟදීම ඇපල් බාගන්ට කාවහරි ඕනෑ වෙයි....
හත් පොලේම ගාගන්නවා වගෙයි.
ටයි කෝට් දැම්මට මේ අය හොරු වෙලා නේද? පහත් පෙලේ මිනිස්සු සහ ගැහැණුන්ගේ හැටි ඔහොමයි..
ඔය කියන ගිණුමේ දේවල් දැනටමත් මකලා ඇති. මහත්හොරු හරිම ස්මාර්ට් කියනවනේ..