(මනෝප්‍රිය ගුණසේකර)
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය.
මෙම ඇපල් ගිණුමේ ඇති දත්ත මකා දැමීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳගේ ඇපල් ගිණුම හරහා යමකු ඇලෝසියස්ගේ ගිණුමට ඇතුළුවීමට උත්සාහ දරා ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම එලෙස නියම කළේය.
එම ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා ඊට ඇතුළුවන යමෙක් වෙතොත් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන අයකු බවද කොමිසම දැනුම් දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.