(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය.
පෙරවරු 10 ට ආරම්වු මාසික රැස්වීමේ දී පළාත් සභා මන්ත‍්‍රි කේ.එච්.නන්දසේන මහතා කියා සිටියේ පසුගිය ජුලි 08 වැනි දා පැවැති සභාව හිටපු සභාපතිවරයා විසින් කල් තැබිමෙන් පසුව නිති විරෝධි ආකාරයට විපක්ෂයේ මන්ත‍්‍රිවරු යළි සභාව පවත්වා නිති විරෝධි ලෙස සභාපතිවරයකු පත්කර ගැනිම නිති විරෝධි බවයි.
ඒකාබද්ධයේ මන්ත‍්‍රිවරු කළු පටි බැඳ සිය විරෝධය දැක්වු අතර පසුව ඔවුන් මෙදින න්‍යාය පත‍්‍රයට ද ගිනිතබා සභාවෙන් පෙ.ව. 10.20 පිටව ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් වෙහෙසක් ගන්නවද අපිට සේවය කරන්න ! අනේ ඔබ තුමන්ලාට දේව ආශීර්වාද ලැබෙන්න ඕනෑ. ඔබ තුමන්ලාගේ අගනා සේවය නිසා අපේ ජීවන තත්වය ඉතා ඉහල මට්ටකම ඇති බව පවසනේ ඉමහත් බැතියෙනි !!
පළාත් සභා මොකටද ? අපේ සල්ලි ගිලිනවා විතරයි, කිසිම වැඩකට නැහැ, ඔය නොපෙනේද, නොදකින් මෙහෙම දෙසපාලුවො.
සුළු දෙයක් නේ කට්ටියටම අමතක වෙලා කොහෙදේ ඉන්නේ කියලා.