කතරගම ඇසල පෙරහර උත්සවයට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථය අසල ක්‍රීඩාංගණයේ නිදාගෙන සිටියදී බසය පිටුපසට ධාවනය කිරීමේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බස් රිය පිටුපසට ධාවනය කරද්දී ඒ අසල නිදා සිටි බස් රියේ පැමිණි තිදෙනකු එයට යටවී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු රෝහල් ගත කරනු ලබද්දී මියගොස් සිට ඇත.
අනෙක් තුවාලකරු කතරගම රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගිය දෙදෙනා කිලිනොච්චියේ භාරතීපුරම් හි රාමනාදන් පුරම් හි පදිංචිව සිටි වයස අවුරුදු 18ක හා අවුරුදු 41ක පුද්ගලයින් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි ඔබ කොහිද? මේ දිනවල නිවාඩුද?
දෙවියනේ! මහා අපරාධයක් !. ඔබතුමා කොහිද ?
දෙවියන් මොනවා කරන්නද මෝඩ මිනිසුන් සොයන්නේ බල්ලනේ නැතිව හිතු මතේ වාහන ධාවනය කරන එකට කල්පනා කාරිව අද ලංකාවේ කී දෙනාද වාහන ධාවනය කරන්නේ
පිටිගල විතරයි දෙයියන්ට බය නැත්තේ. වැඩිය කවුරුත් අදහස් දක්වලා නැත්තේ මර බය නිසා.