(ජයන්ත සමරකෝන්)
ඩෙංගු මදුරු උවදුර තදින්ම පැතිර යන පෙදෙස් පිරිසිදු කිරීමට සහ රාජ්‍ය ආයතනවල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයන් 31 දෙනකු ඩෙංගු උණ වැළඳී රෝහල් ගත කර ඇති අතර එක් භටයකු මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
සුවය ලැබු භට පිරිසක් මේ වනවිට ඔවුන්ගේ සේවා ස්ථානවලට යවා ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
මියගොස් ඇත්තේ පොලොන්නරුව බළකා මූලස්ථානයට අයත් කේ.එම්. සංජීව කරුණාමුණි නමැති භටයෙකි.
අනුරාධපුර, පොළොන්නරුව, වැලිඔය, වව්නියාව, කන්තලේ ඇතුළු සිවිල් ආරක්ෂක බළසේනා මූලස්ථාන ගණනාවකින් භටයන් 23,000ක් පමණ මදුරු මර්දන රාජකාරි සඳහා යොදවා සිටින බව සිවිල් ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.