(දීපා අධිකාරි, ඉන්දිකා රාමනායක)
රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ හමුදා බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
සැකකරු බුද්ධි අංශයේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරයකු බව ද රේගුව කියයි. අත් අඩංගුවට ගත් රන් වල බර කිලෝ දෙකකි. සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයකු මෙම රත්තරන් තොගය කටුනායකින් පිට කිරීම පිණිස ලබාදුන් බව සැකකාර බුද්ධි නිලධාරයා පවසා ඇතැයි ද රේගුව කියයි. රං ආභරණ දුන් බව කියන සැකකරු අතුරුදහන්ව ඇතැයි ද දැනගන්නට තිබේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බඩු ඇතුලට එන හැටි. දේශපාලකයෝ පරීක්ෂා කරන්නෙත් නැහැ නේද? බොහොම හොඳයි.
තරාතිරිම නොබලා තම රාජකාරිය ඉෂ්ඨ කළ රේගු කාර්්‍යය මණ්ඩලයට ජාතියේ ප්‍රනාමය! මෙවන් රාජය සේවය රටට ආඩම්භරයක්. ඔබතුමන්ලාගේ සේවය අගය කරණ හා දෛර්්‍ය පිනිස පිරිස් දිවයිනේ ඹ්නැතරම් සිටිනවා, මෙවන් නීති විරෝධි ක්‍රියාවන් හසුකරගන්න දෛර්්‍ය හා ශක්තිය ප්‍රර්ථනා කරමි කාර්්‍යය මණ්ඩලයට. ස්තුතියි!
ඇවිද්ද පය කෝටියක් වටී.මෙම දුෂිත ක්‍රමයට මොනතම් නීතිවිරෝදී භාණ්ඩ රටතුලට රැගෙන එන්න ඇද්ද ???
ඔන්න රණවිරුවෝ ඇල්ලුවො !!!!
විදේශ කුමනන්ත්‍රණ කාරයින්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා රණවිරුවන් දඩයම් නොකරනු.
පරිස්සමෙන්! අර බද්ධ විපක්ෂය කියයි මෙන්න බුද්ධි අංශ පාවාදෙනවෝ කියල
වැටත නියරත් ගොයන් කයි නම් ගොන්නු පිළිබද කුමන කතාද
කරපු නොහොබිනා වැඩේට බුද්ධිය ගලවලා අරන් අතට දෙන්න ඕනේ.
එකට කැබිනට් තීරණ අරගෙන එලියට ගිහින් එම තීරණ විවේචනය කරන ඇමතිලා ඉන්න රටක රාජ්‍ය බුද්ධි අංශයේ අයගේ වැඩ ගැන අපි මොනවා කියන්නද?
බුද්ධි නිලධාරියාගේ බුද්ධිය මදි වාගේ?
රන් අම්මනඩිත් කොනකින් ගැවිලා ඇති.
මේවා බටහිර තානාපති කාර්යාලවල, දෙමල ඩයසපෝරාවෙ අවශ්‍යතාවලට අනුව රණවිරුවන්ව දඩයම් කරන්න කරන කුමන්ත්‍රණ. අපි විමල් ගම්මන්පිල එක්ක එකතුවෙලා මෙම රණවිරුවා බේරගන්න සටන් කරන්න ඕනෙ.
එක බුද්ධි අංශ නිලධාරියෙක් කල නොහොබිනා වැඩකට අර යුද්ධයේදී කොටි පරාජය කිරීමට සහය දුන් රණ විරුවන් සිරකිරීම සාධාරණිකරණය කිරීමට උත්සහකරන කට්ටිය ගැන කනගාටු වෙනවා. වංචා දුෂණ වලට දඬුවම් දීමේදී අර ගල්ෆ් රටවල භාවිතා කරන නීතිය යොදාගන්නේ නම් ඉක්මනින්ම දඬුවම් දිය හැකිය. එතකොට ඔය දිනයක් වැරදි කියල නඩුව අහක යන්නේ නැහැ. පොඩි සාක්ෂි කීපයක් ප්‍රමාණවත් හිරේ යවන්න.
ඔය රේගු නිලධාරීන්, ආදායම් බදු නිලධාරීන්, රථ වාහන පරීක්ෂක වරුන් ආදියගේ දේපල වත්කම් ගැනත් සොයා බලන්න.
ඔන්න දැන් කියයි හමුදාවේ කට්ටිය හිරේ දානවා කියලා. සමහර මන්ත්‍රීවරු යයි බලන්ටත් දැන්
බඩු මිල සැලකිය යුතු ලෙස අඩු වෙනකල් මිනිස්සුන්ගේ හොරකම් නවත්තනවා බොරු.
ඇත්තටම මොකටද තද නීතිය. මත්ද්‍රව්‍ය නැතිව නීතිවිරෝධී නොවන මුදල්, මෙවැනි රන් භාණ්ඩ රටට ගේන්න අවසරයක් දෙන්න ,
විමල් මහත්තයා, ගම්මන්පිල මහත්තයා කියන්නේ තමිල් ඩොට් කොම් තමයි.
ඒකා බද්ධය කියන හොරුන්ගේ කල්ලිය දැන් මේකත් කියාවි... රණවිරු දඬුවමක් කියලා...
පිටිගල මිලානෝට හැමදාම අමු කැවෙනවා. මෙයා රාජ්‍ය බුද්ධි නිලධාරියකු මිස දේශපාලකයක් නෙමෙයිනේ.