(දීපා අධිකාරි, ඉන්දිකා රාමනායක)
රුපියල් අනූඑක් ලක්ෂ හතලිස් අට දහස් පමණ වටිනා රන් ආභරණ තොගයක් දන හිසේ ගැට ගසාගෙන කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළින් පිට කිරීමට උත්සහ කළ හමුදා බුද්ධි සේවයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
සැකකරු බුද්ධි අංශයේ කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත නිලධාරයකු බව ද රේගුව කියයි. අත් අඩංගුවට ගත් රන් වල බර කිලෝ දෙකකි. සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයකු මෙම රත්තරන් තොගය කටුනායකින් පිට කිරීම පිණිස ලබාදුන් බව සැකකාර බුද්ධි නිලධාරයා පවසා ඇතැයි ද රේගුව කියයි. රං ආභරණ දුන් බව කියන සැකකරු අතුරුදහන්ව ඇතැයි ද දැනගන්නට තිබේ



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.