(ආරියරත්න රණබාහු සහ තරිඳු ජයවර්ධන)
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමැතිවරයාගේ නමද සම්බන්ධවී ඇති බැවින් ද ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරගෙන යන බැවින් ද මෙම තීරණය ගැනීමට හේතුවී ඇතැයි කියති.
ඒ අනුව අද පාර්ලිමේන්තුවේ දී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඔහු සිය නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ.
කරුණානායක මහතා පස්වරු 1.00ට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බවට සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වී මෙම යහපත් ප්‍රතිපත්තියේ පුරෝගාමියා ඔබ වන්න.
අපේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ
අප අවංකව අපගේ රටට සේවය කලොත් අපටද එහි හොද ප්‍රථිපල අපගේ ජීවිතවලට ළගාකරගත හැකිබව නොරහසකි. මෙය අපහැමටම පොදුදෙයකි. හිටපු සහ දැනට බලයේ ඉන්න හැම දේශපාලකයෙකුටම මෙය අදාල බව හොදින් හිතේ තියාගත්තොත් හැමෝගේම ශරීර කුඩුවට හොදය.
දශකයේ හොදම විහිලුව.... පවු අසරණ මනුස්සයා, දැන් ඉතින් කෝට්ටේ හන්දියේ ලොතරැයි කුඩුවක් දාගෙන තම ජිවත් වෙන්න වෙන්නේ.
ඔය හදන්නේ තානාපති කමක් ගන්නයි. අපි දන්නවා ලංකාවේ හැටි.
හොඳම මුදල් ඇමති කුසලානේ ලැබුණු රවිතුමෝ. අනේ ඉතින් මුදල් අමාත්‍යාංශයට වගේ සේවයක් විදේශ අමාත්‍යාංශයටත් කරලම යන්නකෝ... ජනාධිපතිතුමා එකනේ බාරදුන්නේ..
මෙන්න ඇතුලත්මුදලි මහත්තයාගේ නමත් විකුණනවා.
හොද පුර්වාදර්ශයක්, හැබැයි මෙතුමා තාම සැකකරුවෙක් පමණි. වරදකරුවෙක් නෙමෙයි. වැරදිකරුවොත් වෙලා තාම දේශපාලනේ කරන අයටත් දඩුවම් දිය යුතුයි. මොනවා වුනත් යහපාලනෙන් එක දෙයක් පැහැදිලි. නීතියට නම් ඇගිලි ගහන්නැ වගේ. මෙච්චර කාලෙකට තමන්ගේ ඇමති කෙනෙක්ට මේ වගේ දඩුවමක් දුන්නැ .පහුගිය කලේ හොරකන් කරපු මැති ඇමතිවරුන්ටත් දඩුවම් දීල ජනතාවගෙන් හොරකන් කරපු සල්ලි ආපසු ගන්නට නීතියක් ගෙන්නත් ඕන