(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත ලිපිය අගමැති කාර්යාලයට බාර දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවය.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර වූ සාකච්ඡාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණි.
නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත්, බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි වාර්තා විණි.
නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගනිමින් ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට කරුණු දක්වා තිබේ.
බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී ඇත.
ඉහත සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් බැඳුම්කර කොමිසමේ ක්‍රියාකරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව දරන ස්ථාවරය රටට ප්‍රකාශ කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුව් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලද්දී දේශපාලන ඇගිලි ගැහීම් කරන්නෙම නැහැ මේ යහපාලන ආණ්ඩුව.
කොච්චි පාරේ බින්ගේ තුලින් ලොකු එළියක් එනවිට ඒ එන්නේ කෝච්චියක් මිස කරත්තයක් නොවන බව කුඩා දරුවෙකුටත් තේරෙන දෙයකි.
නීතිපති දෙපාර්තමේන්තුවේ මෙච්චර වැරදි කරපු නිලධාරීන් ඉන්නවනම් මෙච්චර කල් ඕක දැනගෙන හිටියේ නැද්ද? බැඳුම්කර කොමිසම පත් කරලත් දැන් මාස ගානක් වෙනවා. පල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඔහොම යමුකෝ මේ මෙගා ටෙලිය කොහෙන්ද ඉවර වෙන්නේ කියල බලන්න.
මගේ මතකයට එනවා ජයවර්ධන යුගයේදී එවක අගවිනුසුරු නෙවිල් සමරකෝන් මැතිතුමාගේ නිල නිවසට ගල් ගසූ සිද්දිය.
මමනම් හිතුවා මේක වෙයි කියලා
දැන් මේ හොරවැඩ අහුවෙනවට බය වෙලා අවංකව වැඩ කරන නිලධාරීන්ට කරදර කරන්නයි හදන්නේ. අර මංගලට වැඩ කරන කෙනාගේ වාහනේ තිබ්බ මතධාරියා අල්ලපු එස්.ටී.එෆ්. නිලධාරියටත් කරදර කරනවලු. අනේ මෙහෙමත් දේශපාලකයෝ. අනාගෙන ඇවිල්ලා බොරු කියනවා අපි අවංකයෝ කියලා.
මේක මර්ධනයේ ආරම්භයද?
මේකේ ඉන්න නිලධාරීන්ට අත තියන්න එපා. ජනාධිපති තුමෝ.., එහෙම කළොත් ඔප්පු වෙනවා. හොරු තමයි කියලා....
හරියට හිතුව විදිහටම අද උදේ වෙබ් අඩවිවල පළවූ ප්‍රවෘත්ති බැලුවහම දැන් අපි මේවාට රැවටෙන්නත් ඕනෙද කියලා ගරු අගමැතිතුමාටම කිව්වොතින් තමයි හොඳ...
බැඳුම්කර හොරාව අත්අඩංගුවට ගන්නේ කවදාද?
බැඳුම්කර හෝරාව අත්අඩංගුවට ගන්නේ කවදාද?
පාර්ලිමේන්තුවේ ඉන්න හොරු සහ කම්බ හොරු බොහෝ සෙයින් බිය වී ඇති හැඩයි.
අනුන්ට කපපු වලේ තමන් වැටෙනකොට ඔහොම තමයි.
මේක තමයි ගමේ විදිහ... දැන් හොරු නිදොස් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවේ..නිලධාරීන් වැරදි කාරයෝ කරන්නයි හදන්නේ.. මේක නම් අපූරු යහපාලනයක්.. හොඳයි හොඳයි ඔහොම යමුකෝ..
බැඳුම්කර නඩුව දිගටම කරගෙන යන්න දුන්නොත් අගමැතිතුමාගේ නමත් කොයි මොහොතේ හෝ එළියට එන බව යු.එන්.පී ය හොඳටම දන්නවා. එහෙම වුණොත් මේ ගත්ත ඡන්ද ටිකවත් ඊළඟ සැරේ ලැබෙන්නේ නැහැ. තනි ආණ්ඩුවක් හදන සිහිනේ සදාකාලේටම වැලලෙනවා. බැඳුම්කර වංචාව වහන්න මුල ඉඳන්ම දතකාපු හැටියෙන් අපි නම් දැනගත්තා මේකට මහ අයගේ ඉඳන් පොඩි අය වෙනකම් හැමෝම හව්ල් කියලා. නැත්තම් කෝප් වාර්තාවට ෆූට් නෝට්ස් දාන්න ඕනෑද? සුජීව සේනසිංහව කෝප් එකට හදිසියේම පත්කරන්න ඕනෑද? මේ වංචාව පුළුවන් තරම් යටගහනවා. මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාවේ තිඹිරිගේ වෙන්නේ සිරිකොත. මේක මෙතරම්වත් ඉදිරියට අාවේ ජනතාවගේ උනන්දුව නිසා. ඒ උනන්දුව මේ හොරුන්ව දඬුකඳේ ගහනකම් තියාගන්න අවශ්‍යයි.
චෝදනා අාවගමන් නිලධාරීන් ඉල්ලා අස්වේවිද?
දැන් මෙයා ගත්ත සල්ලි අාපහු ගන්න එක ගැන කතාවක් නැහැ නේ...
කට්ටිය දැන් හොඳටම බයවෙලා වගේ. කරන්න දෙයක් නැහැ "කුම්බල මාළු කෑවනම් දුක විඳපන් " කිවුවාලු.
නීතිපති දෙපාර්තමේන්තුවේ.. නිලධාරීන් වැරදි කාරයෝ කරන්නයි හදන්නේ. ජනතාව පෙළගැසෙන්න ඕනෑ මේ අසාධාරණයට...
බ ....බ....බ....බයවෙලාද ???
අර කමිටුවේදී ෆුට් නෝට් දාපු අය ඒක කලේ මහ හොරාගේ උපදෙස් මත බව නොදන්නේ කවුද? විගණකාධිපතිට කට්ටිය ලවා බැන්නේ මහ හොරාගේ උපදෙස් මත බව නොදන්නේ කවුද? දැනුත් හොරා අහුවෙනකොට ඒක කරවන නිලධාරීන්ට ලෙඩ දාන්න හදන්නේ මහ හොරාගේම උපදෙස් මත බව නොදන්නේ කවුද?